මගේ පැතුම ඔබ වෙනුවෙන්..
ඔබේ අසලින්ම හිඳ
කනට කර මුමුණන්න
සිහිනයක් තිබුනා මට
කිසිදා සෑබැ නොවෙන..
පුංචි පුංචි රැවුල් කොට
වැවුනු ඔබේ කම්මුල්
දෝතින්ම අල්ලා සිනිඳුවට
සිපගන්න නළලත...
නිදිකිරා වැටෙන විට
දඟකාර කෙස් වටා
ඇඟිලි පටලවා ඉන්න
සෙමින් හිස පිරිමදින්න..
හීන කන්දක් හිත පුරෝගෙන
හවස ඔබ එන සැටි දකින්න
සිහිනයක් තිබුනා මට
හදවතේ හැංගී කොනක
සිහිනයන් සිහිනමයි
මතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න..
"කිසිදාක වේදනා
ඔබේ හදට නොදැනෙන්න
කඳුළු බිඳු කිසිදාක
නුඹේ නෙතට නොනැඟෙන්න
තබන හැම පියවරක
ජය හඬම පැතිරෙන්න
සදා සතුටින් ඉන්න
පතමි මම හැමදාක.."
"There is no punishment or disgrace when you love someone unconditionally."
i prefer d tagline ;)
ReplyDelete:) I quoted it from Facebook.
Delete"සිහිනයන් සිහිනමයි
ReplyDeleteමතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න.."
මොනවා වුණත්... ලස්සනයි අක්කී
ස්තූතියි නංඟෝ.. :)
Delete//කිසිදාක වේදනා
ReplyDeleteඔබේ හදට නොදැනෙන්න
කඳුළු බිඳු කිසිදාක
නුඹේ නෙතට නොනැඟෙන්න
තබන හැම පියවරක
ජය හඬම පැතිරෙන්න
සදා සතුටින් ඉන්න
පතමි මම ////
ලස්සනයි. හිතට දැනුණු පද පෙළක්.
බොහෝම ස්තුතියි යාළු.. :)
Deleteතබන හැම පියවරක
ReplyDeleteජය හඬම පැතිරෙන්න
සදා සතුටින් ඉන්න
පතමි මම හැමදාක..
ලස්සනයි... හදවතේ තියන දේ පද ටිකකට ගොනු කරලා.. :) :) ඇත්තටම ලස්සනයි..
බොහෝම ස්තූතියි ශම්මි.. :) මේක ලස්සන වෙන්නෙත් හදවත් ගොනු කල නිසා වෙන්න ඇති..
Deleteකොහෙන්ද අප්පා මෙච්චර ලස්සන සිතුවිලි පහල වෙන්නේ ?
ReplyDeleteහදවතින් තමා රොබින් අයියේ.. හිහිහි..
Deleteවාව්. ඒ කවිය මාර ලස්සනයි රෙඩී..පුදුම අහිංසක බලාපොරොත්තුවක්, ඇත්තමයි ආදරේ වෑහෙනවා. මට නම් ඉරිසියාත් හිතුනා බොරු නෙමෙයි.
ReplyDeleteඉරිසියා හිතුනේ මගේ ආදරේට පැතුම්? හිහි.. ඉරිසියා කරන්න දෙයක් නැනේ අනේ.. මේ ආදරේට අයිතිකාරයෙක් නැනේ.. තැන්කූ වේවා..
Deleteකොච්චර එපා කියල හිටියත්.. මෙවුව කියෙවුවහම හිත නිකං මොකක්ද වෙලා යනවා අප්පා...
ReplyDeleteජය වේවා!!!
සිනා බෝ වේවා!!
This comment has been removed by the author.
Deleteහලේ මන්ද... මං පණුච්චි ඔවුවට බයයි.. :)
DeleteThis comment has been removed by the author.
ReplyDeleteබොහෝම ස්තූතියි යාළු.. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් පිටුවට..
Deleteහොදයි හොදයි.ජය වේවා !
ReplyDeleteහිහි.. ඔයා මේවට එච්චර කැමති නැ කියලා දන්නවා සහෝ.. වට් ටු ඩූ නපුරු කලට..
Deleteජය වේවා..
හ්ම්..
Deleteගොඩක් ලස්සන අදහසක්...
ReplyDeleteඔය සිතුම් දෙතොලඟින්
මිමිනුවා නම් ඉතින්
ඔය සුසුම් සුව විඳන්
මම අදත් ඔබ ලගින්...
හ්ම්ම්... ආදරේ හයියෙන් කියන්න එපා කියනවානේ.. ඒක හුළඟේ ගසාගෙන යනවලු.. ස්තුතියි යාළු.. :)
Deleteඔයා නිසාහඩලා මගේ ඇසුත් රිදුනා හැරගියදා...... පාලුවේ උන්නේ
ReplyDeleteඔය ලියන්නේ අක්කේ ලෙසටම !!!! කියන්නම ඔනේ නේද !!!!! ඩී
ඒකනේ.. ඔයා ලියන්න කිව්වට පස්සේ ලියන්න හිතුනා. ඒත් දැන් දිගටම මේක අඬන්න ගනීද කියලා බයයි අප්පා.එහෙම වුනොත් නම් ලියන එක නවත්තලා දානවා. කට්ටියට හැමදාම අඬන ඒවා කියවලාම එපා වෙයිනේ.
Deleteනිදිකිරා වැටෙන විට
ReplyDeleteදඟකාර කෙස් වටා
ඇඟිලි පටලවා ඉන්න
සෙමින් හිස පිරිමදින්න..
මෙහෙම කරන්න මාත් අසයි ලස්සනයි ගොඩාක් අර්තයට ඉටත් වඩා මම කැමතියි... :D
ස්තූතියි සහෝ.. :)
Deleteජය වේවා..
යුවතියකගේ සුන්දර සිහිනයක්..!
ReplyDeleteහ්ම්ම්... තවත් එක සිහිනයක්...
Deletelassanai red. viraha kawiyak wunata ekata godak kemathiy. A heenaya sebe wenna kiyala prarthna karanawa :)
ReplyDeleteඅපොයි එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැ අයියේ.. මේවා කවදාවත් හැබෑ නොවෙන නිසා පෙට්ටගම් වලට දාලා හිර කරපු සිහින.. :D
Delete"සිහිනයන් සිහිනමයි
ReplyDeleteමතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න"
මේ කොටස් නොලියුවා නම් කවියේ ව්‍යංගාර්ථය හොදට මතුකරගන්න තිබුණා කියලා හිතෙනවා.
බොහොම ස්තූතියි අයියේ.. මේ කවියේ අඩුපාඩු තැන් ගොඩාක් තියෙනවා.. :)අඩුපාඩු පෙන්නලා දෙන එක තමා ගොඩාක් වටින්නේ.
Deleteලස්සන කවි ටිකක්.කොහොමත් ඔබ ලියන කවි හරි අපුරුයි!!සරල භාෂාවෙන් ලස්සන ට ලියල තියනවා!! ජය!!
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. හැමදාම ඒ කවි කියවන්න එන එක ගැන හිතට ගොඩාක් සතුටුයි..
Deleteඅනේ මන්දා........
ReplyDeleteහිහිහි..මේවා එපා වෙලාද?? හරි හරි..ඊළඟ පොස්ට් එක වැඩක් ඇති දෙයක් දාන්නම්කෝ..
Delete////...සිහිනයන් සිහිනමයි
ReplyDeleteමතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න..////
ලස්සනයි අක්කෙ.......
ඒත් හීන හැමදාමත් හීනම නොවෙන්නත් පුලුවන්....
අපි නොහිතන වෙලාවක ඒ හීන හැබෑ වෙන්නත් පුලුවන්.....
කොහොම උනත්....
ලියන එක නවත්තන්න එපා....ජය!!!
This comment has been removed by the author.
Deleteවිරහව කියන්නෙ මාරම දෙයක් වැඩෙ කියන්නෙ විරහව සතුටෙන් ඉන්න වෙලවටත් කවි කරන්න පුලුවන් කම
ReplyDeleteඇත්ත.. මම ඉතින් ඔහේ නිකන් ඉන්න ගමනුත් විරහ කවි ලියනවා..ඒකේ අමුතු රසක් තියෙනවා තමා.. ඒත් මේක නම් එහෙම එකක් නෙවෙයි.. ජය වේවා..
Deleteකියන්න හිතුව දේ බිඳුවක් නෑරම කියලා තියෙනවා... අපුරුයි...
ReplyDeleteම්ම්ම්.. නැ තව කියන්න දෙවල් දාහක් තියෙනවා අළුත් මල්ලි.. ඒත් කියාගන්න බැ.. :)
Deleteස්තූතියි කමෙන්ටුවට..ජය වේවා..
/*පුංචි පුංචි රැවුල් කොට
ReplyDeleteවැවුනු ඔබේ කම්මුල්
දෝතින්ම අල්ලා සිනිඳුවට
සිපගන්න නළලත...
නිදිකිරා වැටෙන විට
දඟකාර කෙස් වටා
ඇඟිලි පටලවා ඉන්න
සෙමින් හිස පිරිමදින්න..*/
මටත් මතක් වුණා, හරීම ආදරණීයයි නංගී!
ම්ම්... ඔයාට කාවද මතක් වුනේ.. :) සොඳුරු අතීතයක් නම් සතුටුයි..
Deleteජය වේවා..
අහ අහ අහා.......... ;)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මොකෝ කැස්සද ආ? හික්ස්..
Deleteජය වේවා රජෝ..
ම්ම් අව්‍යාජව ලියල තියෙනව. ඇත්තටම ලස්සනයි. ජය වේවා යාලු.
ReplyDeleteබොහෝම ස්තූතියි මධූ.. ගොඩ දවසකින් ඔයාගේ බ්ලොග් එක බලන්න එන්නත් බැරි වුනා.. දැන්ම යන්න ඕනේ.. ජය වේවා..
Deleteකෙනෙක් අත් නොවිඳිය යුතු අත් දැකීමක් වුනා අකුරු කරලා තියෙන විදිය නම් උපරිමයි රෙඩ්!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ස්තූතියි ඩූඩ්... :) අත්දැකීමට මාත් අකැමැති වුනාට කවියට කැමතියි.. :D
Deleteහරිම ලස්සනයි රෙඩ් කියන්න වචන නැහැ එතරම් හදවතට දැනුනා...
ReplyDeleteජය වේවා
බොහොම ස්තූතියි.. :)
Deleteජය!!!
දුකක් හැංගිලා තියෙනවා තමයි ඒත් කවියෙන් කියෙවෙන ඔයාගෙ හිත හරි අපූරුයි !!!
ReplyDeleteබොහොම ස්තූතියි යාළු.. :)
Deleteජය වේවා..
කොහොම උනත් ලස්සනයි!
ReplyDeleteස්තූතියි හිරු... :)
Delete