Posts

Showing posts from 2013

~ආලය~

Image
ආලය පුදුමාකාරය..අපි ආලය නිසා කරන දේවල් ඊට වඩා පුදුමාකාරය. සමහර විටෙක කිසිදාක නොකරයි සිතූ දෑ අපි කරන්නේ අපි ආදරය කරන අය වෙනුවෙනි. ආදරය නිසා අපි හිමි කරගන්න දේවලද බෝහෝය.. නැති කරගන්නා දේවල් ද බෝහෝය.. ආලය ඇබ්බැහි වෙන සුළුය.. ආදරයෙන් බැඳුනු පසු එයින් මිදීම අපහසුය. එය එතරම් ඇබ්බැහි වෙන සුළුය. ආදරය නම් හිමිවීම ම නොවේ. එක මොහොතකට හෝ ලඟ හිඳී නම් ආදරය කරන්නාට එයම ප්‍රමාණවත් ය. ආදරයට නිර්වචන නැත.. නීති රෙගුලාසි නැත. ඇත්තේ ආදරයම පමණි.. ආලය අපි ලඟ තියෙන තාක් අපි සතුටින් ය. ආලය වෙන්ව ගිය පසු දුක උරුමය. නමුත් ආලය වෙන්ව යන්නේ නැත. යන්නේ අපි ආදරය කරන මිනිසුන් පමණි. අපි ආදරය කරත් නොකරත් මිනිසුන් අපව දමා යාම සදාකාලිකය. එය නතර කළ නොහැක. නමුත් ආදරය අපව දමා නොයයි. එය මියෙන තුරු අප අසල රැඳේ.. ආලය නම් හිත වශී කරවන මායාවකි.. මායාව විසින් රවටන ලඳුව අප විසින් හිතින් වන බැඳීමකි.. බැඳීමෙන් මිඳෙනු නොහැකිව හිතින් විඳවන අපූරු හැඟිමකි.. ආලය නම් විටෙක වින්දනයකි.. තවත් විටෙක විඳවීමකි.. නමුත් එය නම් පුදුමාකාරය..

රැගෙන යන්න මා....

Image
සිව් මානයේ කොනක කිසිවෙකුත් නැ හඬන සයුර මිස සුදු පාට පෙණ විසුරුවන නිල් පාට දිය රැළි දිව එනා වෙරළට..... වෙරලේ කොනක සිට බලා සිටිමි මෙමා පෙර දිනයේ සැමරුම්හි ශේෂ වූ මතකයන් තැන තැන විසිරී හඬා වැටෙනා අයුරු..... දෑත් විහිදුවා දෙපසට වැතිරෙමි වෙරල මත සුදු පෙණ කැට විත් මා වත වසා ගනිද්දී මුළු ලොවම නිහඬය..... මා පමණක්ම වන මේ විශ්වයේ කොනක රැගෙන යන්න මාද ඉතින් සෙනෙහසින් තුරුළු කොට නිල් දියඹ පතුලටම ආලයක් සොයාගෙන...

~අඳුරු පාළු කුටියක~

Image
හිත පතුලේ පාමුල ම අඳුරු පාළු කුටියක සිර කලා මං මගේ අඳුරු මතකයන් පොදිය කුඩා සිදුරක් පවා ඉතිරි නොවෙනා ලෙසට සිහින් සරයක් පවා පිටට නොඇසෙනා ලෙස දොර පොළුද ඉබි යතුරු දැමුවෙමි ඒ දොරට සීල් තැබුවෙමි මම පතුලේ ඒ අඳුරු කුටිය දිනෙන් දින ගෙවීයත්ම අමතක වුණා මට ම මං සීල් කරපු ඒ පාළු හුදකලා කුටිය පාළු හැන්දෑවක දිනක් මතකයන් දෝරේ ගියා කුටිය පුපුරවාගෙන මතකයන් පැන ගියා නෑ සවියක් ඉතින් යලිත් බැඳ දමන්නට නොදැමුණු අසුන් මෙන් දිව යනා මතකයන්..

තාම දන්නේ නෑ මං..

Image
" තමාරා.. මේ බලන්නකෝ ඊළඟ  සින්දුව කියන කෙනාගේ නම .. " ගැහෙන ඇඟිලි වලින් අල්ලාගෙන හිටිය වැඩ සටහන් පෙළගැස්ම මම තමාරට පෙන්නුවේ මෙතනින් නැඟිටලා යනවද නැද්ද කියලා හිත ඇතුලින් මහා යුද්ධයක් කරන ගමන්.. කලින් සින්දුවේ නිසා හිතට දැනුන කම්මැලිකම හින්දාම වැඩ සටහන් පෙළගැස්ම බැලුවේ ඊළඟ සින්දුව වත් හොඳ එකක් වෙයි ද කියලා බලන්න.. ඒත් මෙහෙම දෙයක් මම කවදාවත් බලාපොරොත්තු වුනේ නැ.. " ඇයි කවුද කියන්නේ ??" තමාරා ඕනෑවට එපාවට වගේ කොලේ දිහා බැලුවා.. “ ධනුශ්ක මිල්ලගහවත්ත..ඉතින් ??" “ ඇයි මේ ඇස් දෙකේ කඳුලු කෙල්ලේ ? අපොයි දෙයියනේ මේ ඔයාගේ ධනුශ්කද ?? නැ.. වෙන්න බෑනේ.. එයා කොහෙද මෙල්බර්න් වල ??" තමාරා කියපු කතාව ඇත්ත.. තව ධනුශ්ක  මිල්ලගහවත්ත ලා කොච්චර ඇද්ද.. මම බොරුවට කලබල වෙලා.. ඔව්.. සින්දු කියන ධනුශ්කලා තව කොච්චර ඇද්ද.. හ්ම්ම්ම්ම්.... නික්ම ගිය සුසුමත් එක්ක අවුරුදු හතක් තිස්සේ වල දාලා තිබුනු මගේ ආදර කතාව මට ආයේ මතක් වුනා.. ************************************************************** " ඔයා  මට කැමතිද ??" ඉස්කෝලේ ඉවර වෙලා බස් එක අල්ලගන්න හදිස්සියේ දුවගෙන ආ...

ඉතින් පලයන් පුතේ..

Image
එකම එක දවසක් රහසේම වුනු දේට උඹ පලි නැ පුතේ ඒත් නැ විසඳුමක්.. නොදන්වා රහසේ ම සරණක් හොයාගෙන ආවත් මයේ ළඟට සොයමි සරණක් මමත් තවම උඹට කන්නට දෙන්නේ කෝමෙයි මයෙ පුතේ මටත් කන්නට දෙන්නෙ මයේ අම්මා වෙච්චි කොට රහසේම ආ විලස අප්ප උඹේ රහසින් ම පිටවෙල ගිහින් මට නොකියාම නොදන්වා රට්ටු මට පද හදයි බෑ ඒවා ඉවසන්න මං තවම ඉස්කොලේ දොලැහේ පන්තියේ පුතේ ආවොතින් මයේ ළඟට අපහාසමයි උඹට ඉතින් පලයන් පුතේ වෙන කුසක් හොයාගෙන... 

~ඔබ~

Image
දෙයැස් යට ලැඟුම් ගත් සොඳුරු සිහිනය යි හදවතේ මුමුණනා නිහඬ ස්වරයද ඔබයි හිස් වෙච්ච නිල් ගුවන ඔබේ රුවෙන් සැරසිලා නිහඬ මේ වාතලය ඔබේ හඬින් පිබිදිලා පාළු මගේ හිත ලඟම පෑයු රන් තරුව ඔබ අරුත් සුන් දිවි මගට පැමිණි නව අරුත ඔබ හුදකලා වූ සිතට ඔබම කවියක් වුනි මගේ නිහඬ පන්හිඳට ඔබම ජිවය වුනි......

සාපයකි බිහිසුනු...

Image
වරක් සිදුවූ යමක් දස දහස් වරක් යලි යලිත් සිදුවෙනා බිහිසුනු මිටියාවතකි... දුක් සෝ සුසුම් මැද හඬා වැලපුනු හැටි මැවි මැවී දිස් වෙනා පුළුල් තිරයකි එය.. එදා සිනහා වූ හැටි සතුටු බස් දෙඩූ හැටි හෙමිහිට කොඳුරමින් හඬවනා නපුරෙකි.. දින ගණන් පැය ගණන් ගෙවී ගොස් ඇත්තත් තව මා හඬවනා ඒ  මතකය සාපයකි...