~ආලය~



ආලය පුදුමාකාරය..අපි ආලය නිසා කරන දේවල් ඊට වඩා පුදුමාකාරය. සමහර විටෙක කිසිදාක නොකරයි සිතූ දෑ අපි කරන්නේ අපි ආදරය කරන අය වෙනුවෙනි. ආදරය නිසා අපි හිමි කරගන්න දේවලද බෝහෝය.. නැති කරගන්නා දේවල් ද බෝහෝය..

ආලය ඇබ්බැහි වෙන සුළුය.. ආදරයෙන් බැඳුනු පසු එයින් මිදීම අපහසුය. එය එතරම් ඇබ්බැහි වෙන සුළුය.

ආදරය නම් හිමිවීම ම නොවේ. එක මොහොතකට හෝ ලඟ හිඳී නම් ආදරය කරන්නාට එයම ප්‍රමාණවත් ය. ආදරයට නිර්වචන නැත.. නීති රෙගුලාසි නැත. ඇත්තේ ආදරයම පමණි..

ආලය අපි ලඟ තියෙන තාක් අපි සතුටින් ය. ආලය වෙන්ව ගිය පසු දුක උරුමය. නමුත් ආලය වෙන්ව යන්නේ නැත. යන්නේ අපි ආදරය කරන මිනිසුන් පමණි. අපි ආදරය කරත් නොකරත් මිනිසුන් අපව දමා යාම සදාකාලිකය. එය නතර කළ නොහැක. නමුත් ආදරය අපව දමා නොයයි. එය මියෙන තුරු අප අසල රැඳේ..

ආලය නම් හිත වශී කරවන මායාවකි..
මායාව විසින් රවටන ලඳුව
අප විසින් හිතින් වන බැඳීමකි..
බැඳීමෙන් මිඳෙනු නොහැකිව
හිතින් විඳවන අපූරු හැඟිමකි..
ආලය නම් විටෙක වින්දනයකි..
තවත් විටෙක විඳවීමකි..
නමුත් එය නම් පුදුමාකාරය..


Comments

  1. ආදරය නිසා අපි නැති කරගන්නා දේවල් ද බෝහෝය..

    ඇත්ත කතාව...!!!

    ReplyDelete
  2. ඇත්ත ආදරය හැමදාම අපි එක්ක ජීවත් වෙනවා...

    ReplyDelete
  3. //ආදරය නම් හිමිවීම ම නොවේ//
    මේක නම් සම්පූර්ණ ඇත්ත.. :( වෙලාවකට මට නම් හිතෙනවා අලය කියන්නේ මුලාවක්.. ලැබෙන දේට වඩා නොලැබෙන දේවල් වැඩි..

    ReplyDelete
  4. ආලය නේද? කාලෙන් කාලෙට ආලය ගැන අපේ හිතේ තියෙන හැඟීම් වෙනස් වෙනවා.

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..