~දිලෙන්නට සිහින දුටු ජීවිත.. දුල දුලාය~




සුමිත්‍රා රහුබද්ධගේ දුල දුලාය කියවා අවසන්ය. සුමිත්‍රා රාහුබද්ධගේ පොතක් මා මුල් වරට කියවුයේ මාගේ 16 වන උපන්දිනය දාය. මා පියා දුන් තෑග්ග "බුමුතුරුණු" කෘතියයි. නමුත් මා සුමිත්‍රා රාහුබද්ධගේ පොත් කෙරෙහි ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ "අග පිපි මල්" කියවිමේන් අනතුරුවය. 

දුල දුලාය කියවීම සම්බන්දව මට ඇත්තේ සතුටකි. ඒ පොත තුළ ඇති කතාව සතුට දනවන්නක් වන නිසා නොවේ, ඒ කතාව තුළ විටෙක මා මාවත්, තවත් විටෙක මුළු මහත් සමාජයමත් දකින බැවිනි. 

අමිරි හා බිම්සා සමස්ත සමාජයේ කාන්තාව හා පුරුෂයා නියෝජනය කරන බව මගේ හැඟීමයි. දෙදෙනාටම තමන්ගේ නිදහස ඇවැසි නමුත් අනිකාගේ නිදහස සීමා කරන්න වෙර දරයි. දෙදෙනාම අනිකාගේ ආදරය අසම්මතයක් ලෙස දකින මුත්, තමාගේ ආදරය නිවැරදියැයි විශ්වස කරයි. 

මේ කතාව තුළ මට වටහා ගැනීමට අපහසු දෙය නම්, කාන්තාවකට නිදහස අහිමියි වැනි පණිවිඩයක් ලබා දෙන්නට කතුවරිය උත්සහ කරන්නේ මන්දැයි යන්නය. නිදහස්ව ජීවත් වන්නට කැමති කාන්තාව නිරතුරුව සමාජයෙන් බැට කන්නේද යන්න මට ගැටළුවකි. එහි සත්‍යතාවයක් නැත්තේම නොවේ. නිදහස් කතකට පහර දීමට සමාජය වෙර දරන බව සැබෑය. නමුත් අමිරිට අවැසි නම් නිදහස වල්බූත නිදහසක් බවට හරවා නොගෙන භුක්ති විඳින්නට ඉඩ තිබුනි. නමුත් අමිරි යනු පියාගේ අණසකට යටත්ව හැදුනු වැඩුනු කෙල්ලෙකි. ඇය තමාට ලැබුනු පළමු අවස්ථාවේදීම නිදහස සොයා පියැඹීය. ඒ පියැඹීම අවසන් වුයේ තටු කඩා ගැනීමෙනි... 

එසේම තමා තටු සිඳගත්තද, තවමත් මල්ලිගේ බිරිඳ "නළඟන" ලෙස හැඳින්වීම ඇය අතහැර නැත. නැවත වරක් මා ඇය තුළින් මුළු මහත් සමාජයම දකින්නේ එබැවිනි. තමා කුමක් කළද අනිකාගේ වැරැද්ද උළුප්පා දැක්වීම සමාජ ගතියය. 

කෙසේ වෙතත් අමිරි ගැන මා තුළ ඇත්තේ කෙන්තිය මුසු ශෝකයකි. ඇයට ඉහළට නැඟී බැබලීමට තිබූ අවස්ටාව ඈ විසින්ම නැති කරගත් අතර, නිදහස සොයා ඇවිද තමාගේ සිත තුළම සිරගත වීමට ඇයට සිදුවිය. 



Comments

  1. මමත් කැමැත්තෙන් කියවූ පොතක්... ඒත් දැන් කතාව ටිකක් අමතකයි වගේ.. ආයෙම කියවන්න ඕන..

    ReplyDelete
    Replies
    1. ආයේ කියවලා බලන්න අක්කා.. :)

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..