ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;) මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ. මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ. අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම...
එබෙන්නට හැකිනම් නුඹට
ReplyDeleteමගේ ලෝකෙට එකම එක වතාවකට
දකිවි නුඹ මගේ පැතුම් ගොන්නම
නුඹ නමින් විතරක්ම පැතුව...
මේ ගලන කඳුළු
ReplyDeleteගිනි කන්දකින් වැටෙන ලෝදිය වී
නුඹ මතට කඩා හැළුනා නම්,
මා දැවෙන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.
මේ ගැහෙන හදවත,
වේදනා විඳින තරමක්,
මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
නුඹ ගලා ගියා නම්,.
නුඹට දැනගන්නට තිබුනා,..
මේ ලියන කවි පද,
මගේ සුරතේ රැඳෙන පන්හිඳ වී
නුඹට පෙනුනා නම්,
මා පෙම් කරන තරමක්,
නුඹට දැනගන්නට තිබුනා,.
මේ මම මාසෙකට විතරකලින් ලියපු කවියක්. ඔයාගේ කවිය දැක්කම මට මේක මතක් වුනා,. හරිම ලස්සනයි නගෝ ඔයාගේ කවිය,. :)
Dinesh- සත්තකටම... එකම එක සැරයක්..
ReplyDeleteඑබෙන්න මගේ හිතට
නොදැක්කොත් මගේ පැතුම් ඔබ
නිහඬවම නිකමයමි ඔබ වෙතින්
යලිත් නො එන්නටම...
බොහොම ස්තූතියි ලස්සන කොමෙන්ටුවට..
Prarthana akki- හරිම ලස්සන කවියක් අක්කියො..
ReplyDeleteඅනේ මන්දා අපි දෙන්න එකම වගේ එවා හරියට ලියනවා නේ..
නන්දා මාලිනීගේ සිංදුවක් මතක් වුනා මේක දැක්කාම...
ReplyDeleteවහින්නට හැකිනම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහලින්...
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොඉදෙන පැළක රහසින්..
රැදෙන්නට හැකිනම් ළමාකැළ
හඬන දෙතොලග සිනාවක් වී...
පිපෙන්නට හැකිනම් තුරින් තුර
නෙළා ගතහැකි වන මලක් වී...
ගොඩක් ලස්සනයි!
ReplyDeleteලස්සන සින්දුවක්.. බොහෝම ස්තුතියි..පූසා
ReplyDeleteබොහෝම ස්තූතියි සබිත
ReplyDelete