~හදිසි අනතුර~



"තමුසේ ඕකී එක්ක ගියොත් මම මැරෙනවා.. "

"ඉතින් මැරෙන්න බැරි ඕනේ එකක් කරගනින්.. මන් පුළුවන් ඉක්මනට ඩිවෝස් වෙනවා.."

හැමදාමත් වගේ එදත් සේනක ගෙදරින් එළියට බැස්සේ තරහින්. සේනකගේ කාර් එක දිහා තවත් ටිකක් වෙලා බලාගෙන හිටිය නිලූ පුළුවන් තරම් වෙර දමා දොර වැසුවේ හිතේ පුපුරන කේන්තියට දොර පළි වගේ. මහ හයියෙන් වැසුණු දොරේ ශබ්දයෙන් සේනකත් ගැස්සුණේ ය.

තරහින් පුපුරමින් නිදන කාමරයට ගිය නිලූ ඇඳ උඩ ඉඳ ගත්තේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන. හැමදාමත් නිලූ කරන දේ තමා තනියම අඬන එක. ඇස් දෙකෙන් බේරිලා කම්මුල් දිගේ රූටගෙන වැටෙන කඳුළු පිහිදාන්නවත් ඇයට සිත් නොවුණි.. ආදරයෙන් හදා ගත්ත කූඩුව කැඩිලා විසිරිලා යන්න හදනකොට කාටද බලාගෙන ඉන්න පුළුවන්. මේ සේරම අමාලි නිසා. ඇයට හිතුණි. අමාලි සේනකගේ කලින් පෙම්වතිය. 

"සේනක අමාලිට ගොඩාක් ආදරේ කරපු බව ඇත්ත. ඒත් දැන් එයා තේරුම් ගන්න ඕනේ තමන් බැඳපු මිනිහෙක් බව. එක්කෝ මට අකමැති නම් මාව නොබැඳ ඉන්න තිබුණා." 

නිලූට එහෙම හිතුණ වාර අනන්තයි. අමාලි ආයේ සේනකගේ ජීවිතේට ආවේ සේනකවත් නිලූ වත් බලාපොරොත්තු නොවුන විදිහට. සේනකගේ කාර්යාලයේ ම වැඩ කරන්න ගත්තට පස්සේ එයලාගේ ආදරය ආයෙත් දළුලන්න ගත්තා. නිලූට සිද්ධවුනේ වෙන හැමදේම බලාගෙන අඬ අඬා ඉන්න. 

සති ගාණක් රංඩු වුන එකේ ප්‍රතිඵලය වුනේ අද සේනක එළියට බැස්සේ දික්කසාදයක් ගැන කියාගෙන. තමන්ව දික්කසාද කලොත් මොකද කරන්නේ කියලා නිලූට හිතන්න තරම් මානසිකත්වයක් තිබුනේ නැ. ඇඳ උඩ ඉඳගෙන කණ්ණාඩියෙන් තමන් දිහා බලාගෙන ඉන්න ගමන් කණ්ණාඩියේ ඉන්න රූපෙත් තමන්ට සරදමට හිනා වෙනවා කියලා නිලූට හිතුණි.. 
"නෑ.. මම එහෙම ලේසියෙන් එයාට යන්න දෙන්නේ නැ.. එයලා සෙල්ලම් කරන්නේ මගේ ජීවිතයත් එක්ක. එහෙම ලේසියෙන් එකතු වෙන්න හම්බු වෙන්නේ නැ.." සිතින් තමන්ටම එහෙම මුමුණාගත් ඈ ඇඳ උඩින් නැඟිට්ටේ නැවුම් ගැහැණියක ලෙසින්. 

මෙතෙක් වෙලා කඳුළින් පෙඟී විඩාබර වී තිබූ දෙනෙත් කෝපයෙන් දිලිසුණා. නමුත් ඒ කෝපය එසේ මේසේ එකක් නොවන බව ඇගේ බැල්මේ සටහන්ව තිබුණා. රත් පැහැ දෙනෙත් තුළ අමුතුම කාන්තියක් දක්නට ලැබුණා. නාන කාමරයේ කරාමයෙන් කඳුළු පහර මැකෙන සේ හොඳින් මුහුණ සෝදාගත් ඈ හැඳ සිටි නයිටිය ගලවා රත් පැහැ ඉරි වැටුණු ගවුමකින් සැරසුණා ය.


කුඩයත් රැගෙන දොර වසා එළියට පැමිණි ඈ තමාගේ සිතේ තිබූ සැලැස්සමේ මුල්ම පියවර ක්‍රියාත්මක කරන්නට අසල්වැසි ගෙදර විසූ මල්කා සිටීදැයි බැලීය. ඒ ලේන් එකේ කිසියම් දෙයක් ප්‍රචාරය කරන්නට නම් කිව යුත්තේ ඈට බව නිලූ අත්දැකිමෙන් දනී.
"හලෝ ගුඩ් මෝර්නින් නිලූ"
"ගුඩ් මෝර්නින්.."නිලූ තමන්ට හැර වෙන කිසිවෙකුට අව්‍යජයයි කිව නොහැකි තරම් ලස්සන සිනහවක් මවාගෙන කීය.
"ගමනක් යනවද?" මල්කාට සියල්ල දැන ගත යුතුය.
"ගමනක් ම නෙවෙයි.. සුපර් මාකට් එකට යන්න කියලා..පොඩි කෑමක් හදන්න බඩු වගයක් ගන්න ඕනේ.. අපේ මහත්තයා හරි ආසයිනේ ඔය විච්චූරණ කෑම කන්න... එයා හෙට මාව ෆිල්ම් එකක් බලන්න එක්කන් යනවා කිව්වා. එ නිසා මම එයාව පුදුම කරවන්න කෑමක් හදන්න හදන්නේ.. "
"අනේ සේනකයි ඔයායි දැක්කාම මට ඉරිසියා හිතෙනවා. ඔයලා දෙන්නා කොච්චර ආදරෙන්ද ඉන්නේ.. "
එයට පිළිතුරු වශයෙන් නිලූ කළේ සිනාවීම පමණි. තමාගේ මුල් පියවර සාර්ථක වෙන බව ඈට වැටහුණි.එය තවදුරට තහවුරු කරනු වස් තමා යමක් කිවයුතු බව ඈට සිතුණි. ඈ පෙර සිතින් කිහිපවරක් ම කිවූ වදන් පෙළ කීය.
"ඔව් අනේ.. සේනක කියන්නේ මාර හොඳ හස්බන්ඩ් කෙනෙක්. එයාත් හරි මගේ ජීවිතෙත් හරි..මන් එහෙනම් ගිහින් එන්නම්.."
"ඕකේ.."


සුපිරි වෙළඳසැලට යාමට පෙර තමාගේ සාර්ථක විවාහ දිවිය ගැන තවත් සාක්කිකරුවන් කිහිපදෙනෙක් සොයාගත යුතු බව නිලූ සිතීය. පාර අහවර වෙන තැන තිබෙන කුඩා කඩය ඊට ඉතා සුදුසු බව සිතූ ඈ එයට පිවිසුණි. කඩේ අයිතිකාරිය වයසක අම්මා කෙනෙකි. "ආහ් නෝනේ.. මොකෝ මේ උදේම?" කට පුරා සිනාසී මැගී අම්මා ඇසී ය. 
"මන් මේ සුපර් මාකට් එකට යන ගමන් මැගී අම්මේ.. බිත්තර තියෙනවද? අද අපේ මහත්තයව පුදුම කරන්න කෑමක් හදන්න යන්නේ.."
කුඩා දැරියක සේ සිනාසෙමින් නිලූ කීය.
"ඉන්න නෝනේ.. බිත්තර කීයක්ද?
"10ක් විතර දෙන්නකෝ.. එහෙනම් මැගි අම්මා 10ක් තියලා තියන්න.. මන් සුපර් මාකට් එකට ගිහින් එන ගමන් අරන් යන්න එන්නම්.."
කඩේ ඒ වනවිටත් තම පාරේ වෙසෙන කිහිපදෙනෙක්ම සිටින බවත් ඈ මනසේ සනිටුහන් කරගත්තී ඒ සැමටම සිහින් සිනා පොදකින් සංග්‍රහ කිරීමට අමතක නොකලේ තමාගේ සැලැස්මට එයත් ප්‍රයෝජනවත් වෙතැයි සිතූ නිසාවෙනි.


"සීදේවී කෙල්ල.. මහත්තයට පණ වගේ.."
මැගී අම්මා අසල සිටින්නෙකුට කියන හඬ නිලූට කඩෙන් පිටවෙනවාත් සමඟ ඇසුණි. උදෑසන තිබූ කණස්සල්ල කොහේ ගියාදෝ ඈට සිතුණි. තම සැලැස්ම පියවෙරෙන් පියවර සාර්ථක වන නිසාම ඇගේ සිතට සියුම් සතුටක් මෝදු විය.

සුපිරි වෙළඳසැලෙන් චොකලට් පවුඩර් පැකට්ටුවක්, ලොකු මාරි බිස්කට් පැකට්ටුවක්ද, නිව්ඩේල් කිරි බෝතලයක්ද ගෙන මැගී අම්මාගෙන් බිත්තර දහයද ගෙන ඈ යලි නිවසට ආවේ තම සාර්ථක විවාහ දිවිය ගැන සාක්කිකාරයන් කිහිපදෙනෙකුම සිටින බව නිශ්චිතව දැනගෙනය.

අනතුරුව මනස එකලාසයක් කරගත් ඈ සේනකගේ ප්‍රියතම අතුරුපස වන බිස්කට් පුඩිම සාදන්නට පටන් ගත්තා ය.

සවස 4.30 වනවිට සේනක ගෙදර එන බව දන්නා ඈ ඉහළ මාලයෙට ගියේ තම සැලැස්මේ දෙවෙනි පියවර සඳහා ය. 
නාන කාමරයේ තිබූ රෙදි කිහිපයක් සේදූ ඈ සබන් වතුර නාන කාමරයේ දොර අසල දැම්මා ය. එය ප්‍රමාණවත් නැතැයි සිතූ ඈ ලක්ස් සබන් කැටය වතුර කෝප්පයට දමා හොඳින් දිය කොට එයද දොර අසල වත් කලා ය. අනතුරුව අසල තිබූ සින්ක් එකේ වටේද හොඳින් සබන් දියර වත් කලා ය. අනතුරුව දොර එලියට විත් දොර අසල තිබූ තමා රෙදි සේදීමේදී ගන්නා තරමක කළු ගල තමාට කකුලින් තල්ලු කල හැකිදැයි බැලීය. සබන් දියර නිසාම එය පහසුවෙන් තල්ලු වෙන බව ඈට දැනිනි. සියල්ල අවසන් වන විට ඔරලෝසුවේ වේලාව 4.25 සටහන් වී ඇති බව ඈ දුටුවා ය.


"හෙලෝ මල්කා.. ඔයා වැඩක් ද අනේ?"
දුරකථනයෙන් මල්කා ඇමතූ නිලු තම සැලැස්මේ තෙවෙනි පියවර ක්‍රියාත්මක කලා ය.
"අනේ එහෙනම් අපේ ගෙදර එන්නකෝ.. අලුත් හින්දි ෆිල්ම් එකක් තියෙනවා. තනියම බලන්න කම්මැලි. හදපු බිස්කට් පුඩින් එකත් තියෙනවා.. මාත් කම්මැලිකමේ ඉන්නේ.."

"ආහ් එන්න එන්න.. ඔයා මොකක් හරි කර කරද හිටියේ?"
දුරකතන ඇමතුම දුන් සැනින් තම නිවසේ දොර ඉදිරියේ සිටි මල්කා දුටු නිලූ සිතින් සිනා සෙමින් ඇසීය. 
"නෑ.. මොන වැඩද.. මොකක්ද ෆිල්ම් එක? මාත් කරන්න දෙයක් නැතුව හිටියේ..
"අලුත් එකක්.. ඉන්න මම දාන්නම්.." 
නිලූ ඩිවිඩි යන්ත්‍රය ක්‍රියාත්මක කොට චිත්‍රපටය ආරම්භ කල වහාම ඈට සේනක්ගේ වාහනයේ හඬ ඇසුණි. තම සැලැස්ම බලාපොරොත්තු වූ අකාරයටම සිදු වන බව වැටහුනු ඈ තම සතුට මුහුණින් නොපෙන්වීමට වෑයම් කලා ය.
"මන් මේ මල්කාව අඬගහ ගත්තා ෆිල්ම් එක බලන්න.."
සේනකව පිළිගන්න දොර අසල යමින් නිලූ කීය. මල්කා දුටු සේනක මුහුණට සිනහවක් මවා ගත්තේ මල්කා ඉදිර්යේ නිලූ හා අමනාපව සිටිම අසල නිවෙස් සියල්ලටම ආරංචි වීම වැලැක්වීමටය. 
"ඔයාට අද විශේශ කෑමක් හැදුවා.. වොශ් එකක් දාගෙන එන්නකෝ.. "
හුරතල් ලෙස කිවූ නිලූ සේනකගේ බෑගය අතට ගත්තා. නිලූ අද වෙනස්ම විදිහකට තමා පිළිගන්නා බව දැනුනද ඒ ගැන වෙනසක් නොපෙන්වා ඔහු සාලය පසු කොට ඉහළ මාලයට ගියේ ය. ඉහළ මාලයට යාමට පඩි පෙළ ඇත්තේ සාලයත් කුස්සියත් අතරය. සාලයේ රූපවාහිනි බලන්නෙකුට පඩි පෙළ නොපෙනේ. ඒ බව දන්නා නිසාම පඩි පෙලේ ඉහළට යාමට පෙර ප්‍රශ්නාර්ථ බැල්මක් නිලූ දෙසට හෙලීමට සේනකට අවකාශය තිබුණි. 
"මන් ඔයාටයි සේනකටයි තේකක් හදගෙන එන්නම්.." මලකාට කිවූ නිලූ කුස්සිය දෙසට ගියා යා.
තේ පෝච්චියට තේ කුඩු දමා, කේතලය ලිප තැබූ සාලයේ රූපවාහිනේ බෙරිහන් දෙන හින්දි ගායිකාවගේ හඬ නිවසේ සියලු ශබ්ද යටපත් කරවීමට සමත්දැයි සිතී ය. තම සැලැස්ම සාර්ථක වුවහොත් තව ටික වේලවකින් සිදු වන දෙය සිහි වූ ඈට චකිතයක් නොදැනුනා ම නොවේ. තවත් විනාඩි කිහිපයක් කුස්සියේ සිටි ඈ හොරෙන් ඉහල මාලයට ගියා යා. 

ඒ වන විට සේනක තුවාල පමණක් හැඳ නාන කාමරයට යාමට සුදානම් සිටියේ ය. ඔහුට නොදැනෙන ලෙස ඔහු අසලට ගිය ඈ නාන කාමරයෙ දොර අසලදී ඔහු පිටු පසින් තල්ලු කලා යා. බලාපොරොත්තු නොවූ තල්ලු නිසා තම සමබරතාව නැතිව ගිය සේනක සබන් වතුර පිරි නාන කමරයට අඩිය තැබුවේ ය. සබන් වතුර නිසාම පය ලිස්සූ ඔහු සින්ක් එකේ දාරය අල්ලා ගැනීමට උත්සහ කලේය. නමුත් නැවත වරක් සබන් වතුර ඔහුට සරදම් කලේ ය. අත ලිස්සු ඔහු උඩුබැලි අතට වැටුනි. ඔහු වැටෙන අයුරු බලා සිටි නිලූ සැනින් දොර අසල තිබූ කළු ගල කකුලින් ඔහුගේ හිට යටට තල්ලු කලා ය. උඩු බැලි අතට වැටුනු සේනකගේ හිස තදින් කලු ගලේ රළු පෘෂ්ටය මත වැදුණි. ටිකක් වෙලා අහපසුවෙන් ඇසි පිය ගැසූ සේනකගේ ඇසි පිය ගැසීම නතර විය. කලු ගල දිගේ රත් පැහැ යමක් ගලා එන අන්දම නිලූ බලා සිටියා ය. මේ සියල්ල මිනිත්තු කිහිපයක් තුළ අවසන් විය. තවමත් ඈට හින්දි ගායිකාව මරහඬ දෙනවා ඇසුණි. ඒ සැණින් යලිත් හැරී කුස්සියට ආ ඇය කුස්සියේ හඬ නගමින් තිබූ කේතලය නිවා වතුර තේ පෝච්චියට දැම්මා ය. සේනකගේ කෝප්පයටත් තවත් අඩු කෝප්පයකටත් තේ වත් කල ඈ හොඳින් සීනි දමා කවලම් කළාය. අනතුරු තේ දෙකම අතින් ගෙන හෙමිට සාලය දෙසට ගියා ය. මල්කා රූපවාහිනි තිරය මත දෑස් අලවා බලා සිටින අයුරු දුටු ඈට සිනහ පහල විය. 

"සද්දේ වැඩි වගේ නේ.. ඉන්න පොඩ්ඩක් අඩු කරමු.. " තේ එක මල්කා අතට දුන් නිලු ශබ්දය මදක් අඩු කොට..
"මන් සේනකට තේ එක දිලා එන්නම්.." කියා උඩු මහලට ගියා ය.

මද වෙලාවකින් මල්කාට ඇසුනේ චිත්‍රපටයේ මහ හඬ නොවේ.එ නිලූගේ ය. ඒ මර හඬ අසල නිවෙස් වලට ඇසුණාට සැක නැත. මල්කා වේගයෙන් උඩු මහලට දුවගෙන ගියා ය. සේනකගේ කෝප්පය කාමරය මැද බිම වැටී කැලී විසිරී තිබුණි. නාන කාමරයේ ඇරුනු දොරින් නිලූ දණ ගසා ගෙන මරලතෝනි දෙන බව මල්කා දුටුවා ය. සේනක බිම වැටී සිටින අන්දමත් ඔහු වටා රතු පලසක් මෙන් රුධිරය ගලා ගොස් ඇති අන්දමත් දුටු මල්කාට කෑගැසුණි. ගැහැනුන් දෙදෙනාගේ කෑගැසීමට යාබද නිවසේ සිටි නිමල් දිව ආවේ ය. 
සේනකව රෝහලකට ගෙන යා යුතු බව ඔහුට වැටහුණි. බලෙන් මෙන් නිලූව ඇද පසෙකට කළ ඔහු සේනකව ඔසවා ගන්නට උත්සහ කලේ ය. ඒ වනවිටත් අසල්වැසියන් කිහිපදෙනෙකුම පැමිණ සිටි නිසා  සේනකව දෙතුන් දෙනෙක් එකතු වී ඔසවා ගත්තෝ ය. සේනකගෙන් වැඟිරී තිබූ රුධිරය දුටු නිලූ යලිත් වරක් මහ හඬින් කෑගැසීය. 

"ඔය ලේ ටිකට වතුර ටිකක් ගහන්න.. මේ ළමයා ලේ දැකලා බය වෙලා.."

වැඩිහිටි කෙනෙක් කියනවා නිලූට ඇසුණි. ඒ සැණිනි තරුණ කොල්ලෙක් නාන කාමරයේ දොර අසලම හිඳ අත දිගු කොට දොර පැත්තේම තිබූ ටෙලිෆෝන් ශවර් එක ගෙන මුලු බිම පුරාම වතුර ඉහින්නට විය. රුධිරයත් සමඟ සබන් වතුර හේදී යන අයුරු නිලූ බලා සිටියා ය. සේනකව ඔසව ගත් පිරිස ඒ වනවිටත් ඔහුව අසල වෑන් රියක දමාගෙන රෝහලට යාමට පිටත් වී හමාරය. 

"මගේ මැණික එක්ක මටත් යන්න ඕනේ.. මගේ මැණික මාවත් එක්ක යන්ඩෝ.."
නිලූ මරලතෝනී දීගෙන පඩි පෙළ දිගේ පහළට දිව්වා ය. කිහිපදෙනෙක් ඈව අල්ලා ගත්තෝය. අනතුරුව ඈවත් නඟ්ගවා ගත් තවත් වෑන් රියක් රෝහල බලා පිටත් විය. 

සේනකව කෙලින්ම මෝචර වෙත් ගෙන ගොස් තිබුනි. මෝචරිය ලඟ බිම හැපී හැපී නිලූ වැලපෙන්නට ගත්තා ය. සති ගාණක් හිර කරගෙන හිටිය වේදනාව එළියට ආ බවක් ඈට සිතුණි. ඈ හැඬුවේ බොරුවට නොවේ. හද කකියන බව ඈට දැනුනි. ඈ සියලු වේදනාව පිට කරන්නට මෙන් හැඬුවා ය. රෝහලේ බොහෝ දෙනෙකුට ඇගේ හැඬුම බලා සිටිය නොහැකි විය. ඔවුන්ගේද නෙත් තෙත් වුයේ නොදැනී මය. 

හිසට සිදුවූ දරුණු තුවාලයෙන් අධික ලෙස රුධිරය වාහනය වීම නිසා සේනකගේ මරණය සිදු වූ බවත් එය හදිසි අනතුරක් ලෙසත් පශ්චාත් මරණ වාර්ථාවේ සඳහන් විය. 

මළ ගෙදර ආ සියල්ලෝම නිලූව දැක කම්පා විය. නමුත් ඒ කිසිවෙකු කාන්තියෙන් දිදුලන නිලූගේ දෙනෙත් දුටවාදැයි සැකය.

"ආදරයත් වෛරයත් වෙන් වෙන්නේ නූල් පොටකිනි."

Comments

  1. අම්මෝ.... හරි ම දරුණුයි. හරි ම ශෝචනීයයි....... :(

    ReplyDelete
    Replies
    1. අවුල් වෙන්න එපා.. කතාවක් විතරනේ.. :)

      Delete
  2. මහත්තයා මරල දැන්මෙ ආදරේ වැඩි කමට වෙන්ටෑ..... O.o

    ~අනූ~

    ReplyDelete
    Replies
    1. ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ සුළු පරතරයයි නේ.. ;)

      Delete
  3. මාර ප්ලෑන් එක.ඔය වගේ කේස් තියෙන ගෑනු/පිරිමි මේ පෝස්ට් එක දැක්කොත් එහෙම මේ විදියට ක්‍රියාත්මක වෙයිද දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. මෙහෙමම කරන්න අමාරුයි ඉතින්.. හිහි.. තැන්කූ !!!

      Delete
  4. හ්ම්ම්ම්...ලස්සන කතාව...
    ඇත්තටම ගනුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ඕනේ නේද?..

    ReplyDelete
    Replies
    1. දැන් එතකොට එතන වැරදි ගැහැනිය විතරමද???? :)

      Delete
    2. නැත්නම්...පිරිමි කොච්චර අහිංසකද....
      අමාලිගෙ මායම් වලට අහු වුනෙත් ඒකනේ...
      නිලූ ගෙන් මැරුම් කෑවෙත් ඒකනේ..පවු අහිංසකය..

      විහිලුවට හොදේ....

      Delete
    3. හික්ස්.. පව් අනේ ඔයාලා බාබාලනේ.. :p

      :D

      Delete
  5. ගෑනුන් පලිබෝධනාෂක අනතුරු සහිතයි ප්‍රෙව්සමෙං පරිහරණය කරන්න...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. පිරිමිත් එහෙම තමා..

      Delete
  6. අම්මෝ රෙඩ් අක්කා නඩුවක් විසඳලා වගේ.
    මෙයා මාර දරුණුයි නේ..
    සෙනකාත් අහු වුනානේ.. ඒ අක්කේ ඔකේ රහස එළි උනේම නැද්ද..?

    ReplyDelete
    Replies
    1. අහු වෙන්න විදිහක් නැනේ.. දෙන්නා සතුටින් හිටියේ කියලා තමා හැමෝම දන්නේ.. නාන කමරේ ඕනේ කෙනෙක් ලිස්සලා වැටෙන්න පුළුවන් නේ.. ;)

      Delete
  7. අපොයි!!!! සැර වැඩිද මන්දා..
    කොහොම වුනත් ලස්සන කතාව,,,,

    ReplyDelete
    Replies
    1. හිහි.. තැන්කූ..
      සැර වැඩි කිව්වේ කතාවද??? නැත්නම් ප්ලෑන් එකද?? :)

      Delete
    2. ප්ලෑන් එක.. ප්ලෑන් එක..

      Delete
  8. භීෂණයක්! :D

    ReplyDelete
    Replies
    1. හිහි.. නැ මේක හදිසි අනතුරක්.. :)

      Delete
  9. අහෝ ඛේදයකි ! ඉරකි තිතකි !

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඛේදයකි තමා..

      Delete
  10. අයියෝ ඇයි අක්කි මේ වගේ එකක් ලිව්වේ..... මේක වෙනස්ම කතාවක් නෙව.....
    අනේ ඕක මට අමතක වෙනකම් ගෑනු ලමයි දිහා බලන්නෙවත් නෑ..

    ReplyDelete
    Replies
    1. හිහි.. වෙනස්ම එකක් ලියන්න හිතුනා.. :) ඔයා ගැහැනු ලමයාව රවට්ටන්නේ නැත්නම් බය වෙන්න දෙයක් නැනේ..

      Delete
  11. දරුණු පළිගැනීමක්..

    ReplyDelete
    Replies
    1. ඔව්.. පළිගැනීමක් තමා.. ස්තූතියි කොමෙන්ටුවට.. :)

      Delete
  12. දරුණු වැඩි නැද්ද..මම දන්නා සිද්ධියකුත් තියනවා ඔය වගේ! හැබැයි ප්ලෑන් නෑ.. ක්ෂණික… කෝප්පය තමයි හේතුව...

    ReplyDelete
    Replies
    1. හුටා.. නම මගේ.. ඉමේජ් එක රෙපාගේ ප්‍රොෆයිල් එකේ තියන එක. මේක ඉබේ ආවේ කොහොමද?????????? ආයෙත් බොන්න වෙයි වගේ!!!!!!!!!!!!!!!

      Delete
    2. හිහි.. ඇයි අනේ මිනීමැරුමක් දරුණු නොවී සොඳුරු වෙන්න පුළුවන්ද.. හදිසි කෝපය මත වෙච්ච දෙයක් නම් ගොඩාක් දුරට අනියම් මිනීමැරුමක් විදිහට තමා ලියවෙන්නේ වෙන්නේ. එතකොට අවුරුදු 20ක විතර සිර දඬුවමක් වගේ දෙයක් තමා ලැබෙන්නේ...

      මට නම් පින්තූරේ අවුලක් පේන්නේ නැ... වෙනදා එකම තමා.. :)

      Delete
    3. දැන් හරි ගියා... \\හිහි.. ඇයි අනේ මිනීමැරුමක් දරුණු නොවී සොඳුරු වෙන්න පුළුවන්ද..// :)

      Delete
  13. ඇඩෙනවා ඈ...

    සිරා කතාව රෙඩෝ.. නියමයි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිහි...පරිස්සමෙන් රජෝ.. ඔය එක එක ගෑනු එක්ක නටන්න ගියොත් ඔයාගේ බිසවත් මෙහෙම කරයිද දන්නැ..
      තැන්කූ හොඳේ.. ජය වේවා..

      Delete
  14. අඩෝ මාස්ටර් මයින්ඩ් එකක් නේ.ඊට පස්සේ සේනකගේ ජීවිත රක්ශනේ අරගෙන නිලූ සතුටින් හිටියලු.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ..එහෙම වෙන්න ඇති.. :) තැන්කූ අයියේ..
      ජය වේවා..

      Delete
  15. Replies
    1. හෆොයි ඔයා බය වුනාද? හිහි.. :)

      Delete
  16. අමුතුම විදියට හිතලා ලියපු කථාවක්.... ලියල තියෙන විදිය හරිම අපූරුයි.. චිත්ත රූප මැවෙනවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ මී ගොඩයෝ.. කතාව සාර්ථක නම් හිතට සතුටුයි..
      ජය වේවා.. :)

      Delete
  17. හරිම දරුණුයි.

    ReplyDelete
  18. අම්මෝ... දවසක් හරි ආදරේ කරපු මිනිහෙක්ට ඔහොම කරන්න පුලුවන්ද??? මම අද උදෙත් හිත හිත හිටියේ බැඳපු කපල් එකක එක්කෙනෙක් මරුනාම කොහොම ඇද්ද කියලා... මට නං පිස්සු හැදෙනවා ෂුවර්.

    ReplyDelete
    Replies
    1. ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ නූලක පරතරයක්ලුනේ... තමන් ආදරේ කල කෙනා වෙන කෙනෙක්ට ලැබෙනවා බලාගෙන ඉන්න බැරි වීම තමා හේතුව..

      Delete
  19. රෙඩ් ටික කාලෙකින් ඉඳන් දරුණු ඒවා ලියනවනේ
    අපේ බිරිදෑන්වරුත් මේවායින් ආදර්ශ ගනීද දන්නෑ :)

    ReplyDelete
    Replies
    1. හයියූ.. ඔයාත් බිරිඳෑව රැවැට්ටුවොත් නම් මන් දන්නැ.. හිහිහි...
      මොකෝ අනේ පොඩ්ඩක් දරුණු දෙයක් ලිව්වා කියලා මක් වෙනවද..

      Delete
  20. ඇය දණ්ඩ නිති සංග්‍රහය යටතේ මරණීය දණ්ඩනය යටතේ දඬුවම් කල හැකි "මිනී මැරුම" වරද කර ඇත.

    කොහොම වුනත් හෘදය සාක්ෂිය මේ අවස්ථාවේත් බලවත්න සිටිනවා.

    රෙඩ්ගෙ භාසා හැකියාව තුළ අඳින සිතුවම නියමයි. අති විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මිනීමැරුමක් කලා.. නීතියෙන් ගැලවෙන්න පුළුවන්.. නමුත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැති වෙයි.. බොහොම ස්තූතියි දයා අයියේ.. :)

      Delete
  21. හම්මෝ මම හුස්ම ගන්නව කියල තේරුනේ කතාව කියවල ඉවර වුනාම..මම හිතුවේ මම කතාව කියෙව්වේ හුස්ම ගන්නේ නැතුව කියල. නියමයි ඈ...කතාව ගලාගෙන ගිය හැටි. සිද්ධි ගලපිල්ලත් ඒවගේම සුපිරි.

    සමහර විට මළගෙදර දවසේ නිලුගේ කාන්තියෙන් බැබලුනු ඇස්වලින්ම එයාට අඬන්න වෙයි එයාගේ හෘද ශාක්ෂිය එයාට වද දෙනකොට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. කැමති නම් දෙවෙනි කොටසක් ඔයා ලියන්න.. ඔයාටත් ඔහොම ඒවා හොඳට ලියන්න පුළුවන් නේ.. තැන්කූ හොඳේ.. :)

      Delete
  22. හ්ම්ම්..මාර කතාවක් තමා..

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිරු..
      ජය වේවා.. :)

      Delete
  23. රෙඩා,
    ඉස්සෙල්ලම නෙගටිව් පැත්ත කියන්නම්. අර සේනකයි නිලුයි නිතර රණ්ඩු වෙනවා නම් අල්ලපු ගෙදර මල්කාට අනිවා ඉව වැටෙනවා. ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑ නෙ.
    ආයෙම ගත්තොත් අර සෙනකයා වැටෙන කොටම අර ගල හරියටම ඔලුව පිටිපස්සට හිටින්න තල්ලු කරලා ස්ථානගත කරන එකත් තරමක් අමාරු වැඩක්.
    අන්න ඒ වගෙ ඒවටත් පිළියමක් යොදමු ආයෙ එකක් ලියනකොට.

    දැන් පොසිටිව් පැත්ත. මේක සමස්ථයක් වශයෙන් මරු කතාව. හොඳ ප්ලොට් එකක්. අර අපේ කට්ටිය කලබල වෙලා තියෙන්නෙ රෝස පාට බ්ලොග් එකක් ලියන බෝනික්කො එල්ලාගෙන ඉන්න රෙඩා මීට වැඩිය බබා උක්කුං, තො‍ඳොල්, සියුමැලි සුකොමල කතාවක් නොලිව්ව නිසා වෙන්න ඇති. :D හික් හික්. නමුත් මාරක කතා ‍රැජිණ ඇගතා ක්‍රිස්ටී.(‍රැජිණ කාන්තාවක් කියන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.) ඉතින් අර මං කලින් කිව්ව තොත්ත පුහුලෙ බබා රාමුවෙන් මීදිලා මේ වගෙ කතාවක් ලිව්ව එකට දාන්න පහක්!

    යෝජනාවක්. අර දෙවෙනි ඇනෝ අනූට ඔයා දාලා තියෙන රිප්ලයි එක "ආදරයයි වෛරයයි අතරේ තියෙන්නේ සුළු පරතරයයි" කතාවෙ අන්තිම වාක්‍යය හැටියට පේස්ට් කරලා අප්ඩේට් කරන්න. ඒක එතනට නියමෙට ගැලපෙනවා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඇත්ත තමා.. මට ඒ තැන් දෙක මීට වඩා වෙනස් කරන්න තිබුනා.. අගතා ක්‍රිස්ටිගේ කතා වල මම ගොඩාක් කැමති.. ඒ වාගේම තමා ෆිලිපා ග්‍රේගොරි ගේ කතාත් වෙනස්ම රාමුවක ලියවෙන කතානේ.. මන් එක රාමුවක ඉන්න ආස නැ..
      හැම විදිහෙම කතා රාමුන් වල කතා ලියලා බලන්න හිතුනා. සමහර ඒවා සාර්ථක වෙනවා.. සමහර ඒවා අසාර්ථක වෙනවා..ඒත් උත්සහ කරන්න බැලුවා.. කොමෙන්ටුවට ගොඩාක් ස්තූතියි අයියේ.. මේ අදහස් මට රටක් රාජ්‍යයක් තරමට වටිනවා.. :)
      ජය වේවා..
      යෝජනාව හොඳයි..දැන්ම කරන්නම්..

      Delete
  24. ලෝකේ තියෙන භයානකම දෙය කාන්තාව කියන්නේ ‍ඇත්ත තමා

    ReplyDelete
    Replies
    1. හිහිහි.. ඇයි ඔයා අහලා නැද්ද කාන්තාවකට යමක් දුන්නොත් එයා ඒක දහ ගුණයකින් වැඩි කරනවා කියලා.. මන් දැක්කා ඔහොම එකක් බුකියේ තිබුනා..

      Delete
  25. niyamai red. oya lassanata liyala tiyenawa.godak welawata wenne me kathawe wena eke anith petta ne. eka digatama kiyawagena giya. ettatama mehema dewaluth wenna beri ne neda. mata num hithana kotath pissu wage.

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ.. :) ජය වේවා..

      Delete
  26. නියමයි නංගා නියමයි
    හොදටම තියෙනවා කතාව ,ලියන්න තවත් මේ වගේම එකක් ...

    ReplyDelete
    Replies
    1. ලියන්න ඕනේ අයියේ.. එක එක විදිහේ කතා රාමුන් ට්‍රයි කර කර යනවා.. ඒකේ ප්‍රතිඵලයක් තමා මේක..
      ජය වේවා.. :D

      Delete
    2. ආ රොබින් පුතා . . .

      Delete
  27. පට්ට නිදි මතේ ඉන්නේ පස්සේ හිමිහිට කියවන්නම් :)

    ReplyDelete
    Replies
    1. හිහි..හරි හරි... නිදිමත නැති වෙලාවක කියවන්න.. නැත්නම් මේක කියවලා නින්ද ගියේ නැති වුනොත් මට විසුමක් වෙන එකක් නැ.. :D

      Delete
  28. කියවගෙන යද්දි ඊළඟට මොනා වෙයිද කියන කුතුහලේ දිගටම ආවා... නියමයි... සුපිරියි... අති විශිෂ්ඨයි...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අළුත් මල්ලී.. මේ පැත්තට අදමනේ ආවේ.. සාදරයෙන් පිළිගන්නවා...

      Delete
  29. අති විශිෂ්ට නිර්මාණයක්. ආසාවෙන් කුතුහලෙන් කියෙව්වා. අනේ අම්මේ බයත් හිතෙනවා කාන්තා උදවිය එක්ක කතාබහ කොරන්නත්. :D

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්... වැරද්දක් කරලා නැත්නම් බය වෙන්න කාරි නැ කෝරලේ මහත්තයෝ.. ;)

      Delete
    2. හම්මපා මේ කෝරලේ මහත්තයා නම් මලට වරදක් කොරන්නේ නැති බුවෙක් නේ. මී ඇස් දෙක පල්ලා.................... :)

      Delete
  30. දෙයක් කියන්න ඕන.බොළඳ කතාවලින් අපි හෙම්බත් වෙලා ඉන්නේ.ඒ නිසා මේ කතාව අලුත් ආරම්භයක පළමු වෙඩිමුරය වේවා!! ලස්සනට කතාව ගොතලා තියනවා.ඔයා .......තව ටිකක් දියුණු කරගත්තොත් හොඳ රහස් පරීක්ෂක කතා ලියන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.දිගටම ලියන්න.ජය!!!

    ප.ලි : රතු හැට්ටකාරී කොළඹ කැම්පස් එකේද? මේ නිසයි ඇහුවේ.
    http://voiceofcolombo.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මේ ආරට ලිව්ව පළවෙනි කතාව මේ.. අදහසක් තියෙනවා රහස් පරීක්ෂක කතාවකුත් ලියන්න.. ඒත් තාම පළපුරුද්ද මදි වගේ.. ස්තූතියි අදහසට අමිල.. ඔව් මන් කොළඹ කැම්පස් එකේ.. :)

      Delete
  31. මුලින්ම සමාවෙන්න ඕනි පරක්කු වෙලා ආවට.

    ඇත්තටම ඔයාගේ කතාව තුල පොඩි වෙනසක් තියෙනවා.ඒකම තමා වෙන්න ඕනි.හැමදාම කියන එකම ආදර කතා තිත්ත වෙනවා.ඇයි දෙයියනේ ගන්න දෙයක් නෑනේ.කොහොමත් ඔයාගේ කතා ලිවීමේ විලාශයත් මට හිතට ඇල්ලුවා.නියමයි.ජය !

    ReplyDelete
    Replies
    1. අයියෝ.. පරක්කු වෙලා හරි ආව එකම ලොකු දෙයක් සහෝ.. :) ස්තූතියි අදහසට.. මට ඇත්තටම සතුටුයි මගේ කතාවල වෙනසක් දකින්න එක ගැන.. ජය වේවා.. :)

      Delete
  32. බලාපොරොත්තුව ( පොයින්ට් එක ) ?????

    -_ ඩී -_

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තුව සරල වින්දනය.. :) ඒත් ඔයාට නම් ඒක ඉටු වෙලා නැ වගේ.. :)

      Delete
  33. නිලූට හිතුනේ මොනවද කියලා මම තාමත් කල්පනා කරනවා!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... නිලූට හිතෙන දේ කියවන කෙනා අනුව වෙනස් වෙනවා..
      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  34. ලිස්සා වැටෙන මිනිහෙකුගේ හිස යටට වදිනසේ ගලක් කකුලින් තල්ලුකිරීමේ අවස්තාව ඇර කතාව නියමයි. අවුරුදු ගානකට කලිං අරලිය පත්තරේ තිබුන කතාවක් කියෙවුව වගේ දැනුනා

    ReplyDelete
    Replies
    1. ඇත්ත..එතන පොඩි අතාත්වික ගතියක් තියෙනවා.. :)
      බොහෝම ස්තූතියි ආවට.. ජය වේවා..

      Delete
  35. Katawa MAXA 1k digatama kiyawagena giya..
    Katawa mavila penuna..
    Oyata hodata liyanna puluwanne..:D

    ReplyDelete
    Replies
    1. හිහි..බොහෝම ස්තූතියි යාලු.. :)
      නමත් දාන්න ඊළඟ සැරේ..

      Delete
  36. ammo bayath hitenawaaaaaaaaaaaa :o anyway shooi kathawa, paw senaka :P anichchawatha sankara

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. :)
      ජය වේවා...

      Delete
  37. මන් මේ කතාව මීට ගොඩක් කලින් කියෙව්වේ ඒ වෙලාවේ කමෙන්ට් එකක් දාන්න අමතක උනා. ඊට පස්සේ බ්ලොග් එකේ නම අමතක වෙලා තිබුනේ ඔන්න අමාරුවෙන් හොයාගෙන ආවා...

    කතාව නම් මාරයි කියවනකොට හිතෙන්නේ අපිත් කතාව ඇතුලේ ඉන්නවා වගේ

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..