~ඔබ~



දෙයැස් යට ලැඟුම් ගත්
සොඳුරු සිහිනය යි
හදවතේ මුමුණනා
නිහඬ ස්වරයද ඔබයි

හිස් වෙච්ච නිල් ගුවන
ඔබේ රුවෙන් සැරසිලා
නිහඬ මේ වාතලය
ඔබේ හඬින් පිබිදිලා

පාළු මගේ හිත ලඟම
පෑයු රන් තරුව ඔබ
අරුත් සුන් දිවි මගට
පැමිණි නව අරුත ඔබ

හුදකලා වූ සිතට
ඔබම කවියක් වුනි
මගේ නිහඬ පන්හිඳට
ඔබම ජිවය වුනි......

Comments

  1. ලස්සනයි රෙඩ්... කොහොමත් ඔයාගේ පබැඳුම් ලස්සනයි නේ. බ්ලොග් එකේ පාළුව මකා දාපු එක නම් ලොකු දෙයක්..! :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :) ජය වේවා..

      Delete
  2. කාලෙකින්.............. :D :D කොහිද අනේ ගිහින් හිටියේ...
    //හිස් වෙච්ච නිල් ගුවන
    ඔබේ රුවෙන් සැරසිලා
    නිහඬ මේ වාතලය
    ඔබේ හඬින් පිබිදිලා//

    මේ ටිකට තමයි මම ආසම

    ReplyDelete
    Replies
    1. මන් අනේ හරි බිසී නේ මෙයා.. ;) හික්ස්.. කම්මැලි අනේ බ්ලොග් එක ලියන්න.. ඒකයි ඉඳලා හිටලා ඇවිත් යන්නේ.. තැන්කූ වේවා..

      Delete
  3. අප්පේ,,,මොකෝ ආච්චි බලන්න ගිහින් හිටියද? :D
    ලස්සනයි ලස්සනයි,,,දැන් ආදරණිය වෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. හිහිහි... මන් ගියා බාබයිගා ආච්චිව බලන්න.. ;) ආදරණීය රෙඩ් තමා දැන් ඉන්නේ..
      ජය වේවා නාඩියා..

      Delete
  4. හ්ම්ම්ම්ම්ම්.....හිතේ තියන ඒවා කවියක් විදියට ලස්සනට ලියලා.....හිතලා ලියන කවිවලට වැඩිය ඉබේ ලියවෙන කවි වල රසය වැඩියි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්..ඒකත් ඇත්ත තමා.. හිත හිත කවි ලියන්න බැ නේ.. :)

      Delete
  5. අරුත් සුන් දිවි මගට
    පැමිණි නව අරුත ඔබ මම කැමතිම කොටස.නිර්මාණාත්මක කවියක්.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :)

      Delete



  6. රෙඩ්, මම මේ කවිය ඇනලයිස් කරන්න ගිහින් නොමග ගිය හන්දා වැඩේ අතෑරලා දැම්මා. මේ කවුරු ගැනද කියන්නෙ කියන එක නෙවෙයිනෙ වැදගත්, නැද්ද? මම හිතන්නෙ ඇයි මෙහෙම කියන්න හිතුනෙ කියන එකයි වැදගත්.

    මම ඔයාගේ කමෙන්ට් ඔක්ස් එක යටින් තියෙන ටැග් ටික මෙන්න මේ මුරණ්ඩු හු‍ටු හු‍ටුව පෝස්ට් එකේ මේක අදාල වෙන කමෙන්ට් එකක් හැටියට දැම්මා. කමක් නෑනෙ? අන්න රෙඩ් ගිහිල්ල බලන්න වටින තව පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ කවිය කියන්නේ කවුරු හරි පන්හිඳට අරුථක් දෙන කෙනෙක් ගැන.. :D

      Delete
  7. ගොඩක් ලස්සනයි යාලු. හිතට දැනුන.
    මමත් ආවෙ කාලෙකින්. ජය වේවා.....!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මධූ.. ජය වේවා.. :D

      Delete
  8. අන්තිමට බලපුවහම "මුලු ලොවම ඔබ වෙලා.." එහෙම නේද..
    ලස්සනයි රෙඩ්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. මුළු ලොවම ඔබ වෙලා.. :D

      Delete
  9. රෙඩ් ටත් හිතෙන දේවල්....

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ අයියේ... ;)

      Delete
  10. අනන්තයි ඔබ අනන්තයි

    ReplyDelete
  11. මේ කවි ටික අනූට කියන්න හොදයි...

    ReplyDelete
    Replies
    1. හිහිහි... දැන් අනූට සිංහලත් පුලුවන්ද??? ;)

      Delete
  12. දෙඇස් යට හිතක් මත
    ලියා ඇති කවක් ලෙස
    එකම නම අකුරු පෙළ
    නුඹ පමණි මා සොදුර

    සිහිනයක් විලස එන
    මා දෙනෙත් පෙති යටට
    නුඹේ මුදු දෙනෙත්වල
    පිපෙන්නද මලක් ලෙස

    කලුවරට අහස මත
    වලා ඇහිරෙන කලට
    තාරුකා නෙත්වලින්
    බලයි නුඹ මා දෙසම

    හුදෙකලා සිතට මම
    කවක් වූ බව කියන
    නුඹට නුඹෙ මුදු හිතට
    පෙම් නොකර පුළුවන් ද..?

    රිප්ලයි එකක් ලියන්න හිතුණා.කවිය ලස්සනයි අක්කේ.හුග කාලෙකින් ඔයාගෙ බ්ලොග් එකට ආවේ-අවුරුද්දකින් විතර!

    ReplyDelete
    Replies
    1. මමත් මගේ බ්ලොග් එකට එන්නේ ඒ වගේ කාලකින් තමා ඉතින්.. හිහිහි... පිළිතුරු කවිය ලස්සනයි.. ජය වේවා..

      Delete
  13. //හුදකලා වූ සිතට
    ඔබම කවියක් වුනි
    මගේ නිහඬ පන්හිඳට
    ඔබම ජිවය වුනි......
    //

    ලස්සනයි රෙඩ්!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළු.. ජය වේවා

      Delete
  14. හුදකලා වූ සිතට
    ඔබම කවියක් වුනි
    මගේ නිහඬ පන්හිඳට
    ඔබම ජිවය වුනි......

    මේ ටික නම් හිතට ගොඩක් සමීපව දැනුනා..
    ලස්සන පද වැල රෙඩ්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළු.. ජය වේවා

      Delete
  15. කොහොමද ඔච්චර ලස්සනට ලියන්නෙ.මට හරි ආසයි ඔයාගෙ කවියට. මම බ්ලු ලෝටස්. මේ මගෙ අලුත් බ්ලොග් එක.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ආවට යාළු.. බ්ලූ ලෝටස් කිව්වාම මන් හිතුවා මන් ඉංග්‍රීසී බ්ලොග් එක ලියන බ්ලූ ලෝටස් කියලා.. ඔයා අලුත් බ්ලූ ලෝටස් කෙනෙක්..හෙහෙ.. ජය වේවා.. දිගටම එන්න යාළු..

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..