මා නම් සඳකි පොළවට බට..
සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය.
තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි.
"කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය.
"සඳ රාජිණියනි..
ඔබේ රුව නම් මායාකාරී ය..
මන්මත් වන සුළු ය..
ඔබේ රුව විඳගන්න
ඔබේ පහසේ තැවරෙන්න
ඉඩ හරිනු මැන මා හට
මා ඔබේ සේවකයා ය..
ඔබ මාගේ රැජිණියයි..
සඳ රාජිණියනි,
ඔබේ සියුමැලි අත්ල
සිපගන්න ඉඩ දෙන්න මට
මල් විසුල තැනිතලාවේ
ඔබ එක්ක ඇවිදින්න
ඉඩ දෙන්න මට...
මා ඔබෙ සේවකයා ය..
ඔබ මාගේ රැජිණියයි.."
තරුණ කඩවසම් රුවක්.. තමාට ආයාචනා කරන අයුරු සඳවතී බලා සිටියා ය. ඇය විමතියට පත්විය. තමාට මෙතරම් ආලය කරන අයෙක් පොළවේ සිටිය හැකිද?? තමා දෙවඟනකි..ඔහු මනුෂ්‍යයෙකි.. තමාට ඔහුගේ ආලය පිළිගත හැකිද..තමාට ආලය කරන..තමාව වර්ණනා කරන ඔහු දුටු ඇගේ සිත සතුටින් ඉපිලුණි. සිහින් ආඩම්බරයක් සිතට මෝදූ විය. ගැහැණුකම ඇඟට දැනුණි. ඇය සැණින් විල දෙසට දිව ගියා ය. විලේ පෙනෙනා තමාගේ ප්‍රතිබිම්භය දෙස බලා සිටියා ය. තමා සැබවින්ම රූමත්ද? ඇගේ කම්මුල් ලැජ්ජාවෙන රෝස පැහැ විය. ඇයට මේසා ආදරය නුහුරු විය. ඔහු සැබැවින්ම තමාට හිතැති බව ඇයට සිතුණි. ඔහු හමුවීමට ඈ තීරණය කළා ය.
සඳවතී පොළවට ඒමට තීරණය කළා ය.
සිනිදු කහ පැහැති රීදී සේලය පසෙකින් තැබූ ඈ අඳුරු ලෝගුවක් පොරවා ගත්තා ය. චන්ද්‍ර මාණික්‍යයෙන් සැදූ හිස පළඳනාව, මාලය හා තරු වළළු පෙළ ගලවා දැමී ය. තමා පොළවට යන්නේ නම් තමා දෙවඟනක ලෙස ගොස් බැරිය.. මිනිස් දුවක් විය යුතු ය. ඔහු හා දිවි ගෙවන්නේ නම් තමා ඔහු හා සමාන විය යුතු ය. ඈට සිතුණි. හෙමිහෙමින් හොර රහසේ ඈ දේදුනු පඩිපෙළ දිගේ පොළවට බැස්සා ය. හාත්පස අඳුරු විය. තමා ගලවා දමා ආ සේලය හා තරු වළළු කැළින් පමණක් ලොව එළිය නොවන බව ඈට වැටහුණි. නමුදු ආපසු හැරෙන්නට නොහැක. තමාට ආලය කරන ඒ සොඳුරු මිනිසා සොයා යා යුතු ය.
ඔහු තම පැල්පතේ එළිපත්ත මත වාඩි වී පත් ඉරුවක කුමක්දෝ කුරුටු ගාමින් සිටුනු ඈට පෙනුණි. ඈ සෙමින් එදෙසට ගියා ය. ඔහු ඉහළ බලමින් කවක් මුමුණනු දුටු ඈ කව හොඳින් අසා ගැනීමට තවත් ළං විය..
"අහෝ සඳ නම් කුරිරු සිතැත්තී
නුඹට මට පිටුපා යා නම්
මට කවර සරණක්ද..
සැඟවී පලා යන්නී
මා හට මේසා දුක් නොදෙනු මැන
ඔබට පෙම් කිරීමම
වරදක් දෝ..මට නොවැටහේ.."
තමා පොළවට බටින් හිස් වූ ගුවන් ගැබ දෙස බලා ඔහු ශෝක වන බව ඈට වැටහුණි. ඈ ඔහු ඇමතීය..
"පෙම්බර කවිය.. මම නම් සඳවතීය වෙමි.. ඔබේ සොඳුරු ආලය දැක ඔබ සොයා ආවෙමි.. පෙම්බරයාණෙනි මින්මතුවට මම ඔබේම වෙමි.." තම රීදී සීනූ හඬින් ඈ කීවා ය. ඔහු බිය ගත්තෙකු සේ ඈ දෙස බැලුවේ ය. තමාට ගෙතුලට ආරාධනා කරන තෙක් සඳවතී බලා සිටියා ය. නමුත් ඔහු ගෙතුලට ගොස් පැලේ දොර වැසීය. ඈ තම විසල් දෙනෙතින් වැසුණු දොර දෙස බලා සිටියා ය.
"මම නම් මනුෂ්‍යයෙක් වෙමි. දෙවඟනක හා නොපෑහෙමි. ඔබ ආපසු ඔබේ ලොවටම යනු මැන. ඔබ හට දීමට ආලයක් මා සතුව නැත. දුප්පත් මා හට තව දුක් නොදෙනු මැනවි. අනික ඔබ අහසේදී තරම් රූමත් නැත. පළඳනාවන් නැත..සිනිදු රිදී සේලය නැත. " ඔහු ගෙතුල තුල සිට මොර ගෑ ය.
"නමුත් ඔබ මා හට අඬගැසීය. මා පැමිණීයේ ඔබ හට සුවය ලබා දීමටය." ඈ වේදනාවෙන් බර වූ හදවතේ හැඬුම් යටපත් කොට ඔහු ඇමතුවා ය. "ඔබගේ පැමිණීම මා බලාපොරොත්තු නොවීය. කවක් ලීවා පමණි."
ඈට තමා රැවටුනු බව වැටහුණි. හදවතේ රිදුම වැඩි විය. හෙමි හෙමින් තමා ආ ලොවට යාමට ඈ පියවර නැගුවා ය. තමාව එළියට දමා දොර වැසූ ඔහුගේ හද ගලක් දෝ ඈට සිතුණි. මෙතරම් අපූරු බස් දොඬනා ඔහුට මෙතරම් රළු හදක් හිමි වූයේ කේසේද යන්න ඈට වටහා ගත නොහැකි විය. ඈ විලට ගියා ය. විලෙන් තම රුව දෙස බැලූ ඈ තමා රූමත් නැතිද යන්න තමාගෙන් ම විමසීය. නීල දෙනෙත් වලින් නොනැවතීම කඳුළු වැටෙන්නට විය..ඒ කඳුළු ඇගේ දෙකම්මුල් දිගේ රූටා ගොස විල ජලය මත වළළු සැදීය. ඒ කඳුළු සුදු පැහැ පාෂාණ වී විල් පතුලට කිඳා බැස්සේ ය. තමාට අයිති නැති ලොවක තමා තනිවූ බවක් ඈට දැනුණි.
රැය ගෙවී යන බව වටපිටාවෙන් ඈට දැනුණි. ඈ යා යුතුය. සූර්ය රාජයා එනවිට ඈ යා යුතු ය. ඈ හෙමි හෙමි දේදුන්න දිගේ ඉහළට ගියා ය. රිදී සේලය හා ආභරණ එක් කරගත් ඈ ගුවනින් බැස ගියා ය. පසු දිනද ඈට ගුවනට ඒමට සිත් නොවුණි. ඒත් ඈ ආ යුතු ය.
එදින සිට ඈ මසකට වරක් පමණක් තම මුහුණ දැකීමට ඉඩ හැරියා ය. ඉතිරි දිනයන්හී කළු සේලයක් හිස වට දවටන්නී මුහුණින් කොටසක් පමණක් පෙනෙන්නට හැරියා ය.
ඈට ඊට පසු තවත් කවි සියක් දාහක් ඇසුණි. ඈ එය නොතැකුවා ය. තනිව සිටීම යෙහෙකි..ඈට සිතුණි.. "කවීන් නම් ලීමට සමත් ය. නැති ලොවක් මැවීමට සමත් ය. නමුදු වදන් පමණක් ම විශ්වාසයට ගත් නොහැක. කිසිවෙකුත් විශ්වාසයට ගත නොහැක. එකිනෙකා වෙනස් යැයි කියන මුත් වෙනස ඇත්තේ වදන් වල පමණි. ඇතුලාන්තය සමානය" ඈ සිතී ය.
පසු කලෙක ඈට තවත් කවක් ඇසුණි.. සිහින් ගැහැණු හඬිකින් ඇසුණු කව ඈට අතීතය සිහි කරවීය. තවමත් ආරාධනා කොට දොර වසන මිනිසුන් මහ පොළව මත සිටින බැව් ඈ සිතුවා ය. නොදැනීම ඇගේ සුසුමක් සුළඟ හා මුසු විය.
සඳක් නම් අහසේම රැඳිය යුතුය..
පොළවට බට නම් වටිනාකම් සුළඟේ යායි..
මල නම් ගසකම රැඳිය යුතුය..
නටුවෙන් ගිලිහී නම් පරවී යාය..
මා නම් සඳකි පොළවට බට..
මා නම් මලකි නටුවෙන් මිඳි....
ලස්සනයි නංගී....එත් මන් මේ කල්පනා කරේ "මා නම් සඳකි පොළවට බට" නම් මොකටද රොකට් හදන්නේ කියල... :P :P..
ReplyDeletekeep it up maxsa...
මම එකද මන්දා?
ඒකනේ අයියේ කියන්නේ සඳක් නම් අහසේ රැඳිය යුතුය කියලා.. අහසේ ඉන්නකන් රොකට් හදනවා.. පොළවට බැස්සොත් වටිනාකමක් නැ.. ලේසියෙන් හම්බු වෙන දේක වටිනාකම නැනේ... ඔයා එක තමා.. ජය වේවා!!! :D
Deleteඒ කතාව හරිම අමුතුයි ඒ "අමුතුබව" නිසාම එකේ අමුතු ලස්සනක් තියනවා. ගොඩක් නිර්මාණශීලියි....!
ReplyDeleteබොහෝම ස්තූතියි පැතුම්.. :)
Deleteසඳරාජිනී ඇයිද සැංගී...
ReplyDeleteතරියා ඉන්නවෝ..
(තරියා = තරිඳු = හඳ)
ඔයා ඉන්න නිසාම තමා එයා හැංගිලා ඉන්නේ.. ;)
Deleteමාරම ලස්සනයි නංගි..මීට කලින් දැකපු නැති අහපු නැති අදහසක්.awesm!
ReplyDeleteහිහිහි.. මාත් කලින් හිතපු අදහසක් නම් නෙවෙයි.. තැන්කූ අයියේ..:)
Deleteසුපිරි.....නියම පද වැල් ටික.
ReplyDeleteමම ලිව්ව එකේ සභ්‍ය එකක් වගේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
සැරද මහරජ,
Deleteහිහි... අපොයි රජා මේක ලිව්වා නම් කොහොම ලියයිද දන්නේ නැ..
ජය වේවා.. :D
ammooooo maru.... :) amuthuma sithiwillak... (Y)
ReplyDeleteතැන්කූ වේවා.. :) හිහිහිහි...
Deleteලස්සනයි! :)
ReplyDelete//එකිනෙකා වෙනස් යැයි කියන මුත් වෙනස ඇත්තේ වදන් වල පමණි. ඇතුලාන්තය සමානය
මටත් වෙලාවකට හිතෙනව!
ඒක ගෑනු පිරිමි භේදයක් නැතුව බලපාන කාරණාවක්.. ගොඩාක් වෙලාවට වෙනස් තියෙන්නේ වචන වල තමා මල්ලි..
Deleteජය වේවා..!!! :)
එල! ව්‍යාකරණ දොස් ඇත. සුචරිත ගම්ලත් සර් අච්චර කියලත් ඇහුවේ නෑ නේ??
ReplyDeleteහරි හරි ඉතින්.. හැකි උපරිමයෙන් තමා කලේ.. ඇකඩමියට ගියාම ඉතුරු ටික හදාගන්නම්..A/L කරලත් ගොඩාක් කල් නිසා හැම රීතියම මතක නැ.. :p
Deleteමේකෙ සැගවුනු කතාවක් තියෙනවාද?? ලස්සනයි!!! :)
ReplyDelete[card="white"]ගැහැණු හිතකට පමණක් තව ගැහැණු හිතක් හැඳිනිය හැක..[/card]
Deleteඔච්චරයි හිතූ.. ;)
පිස්සු බම්ප් වෙනවා ඈ!එල!
ReplyDeleteතෑන්කූ ඈ.. ඔයා ඔච්චර බම්ප් වෙන්න එපා..ඔලුව වදී වහලේ.. :D
Deleteහොදයි හොදයි
ReplyDeleteබොහොම ස්තූතියි සහෝ.. :)
Deleteපෙම් බැන්දත්
ReplyDeleteසඳට
ඝනකම් අඳුර
පමණි
මා
සඳ
දුටුවම
වහන් වන
ඒකනේ බැරි... :p
Deleteපෙමින් මා හා
බැඳී නම්
කිමද සැඟවෙනු
මා වෙතින්
පෙමක් ඇතිනම්
හද පත්ලේ
පවසන්න මට
නොසඟවා..
අපූරු කවි සිතිවිල්ලක්.. පොළවට බට සදක්.. වෙනස්ම අදහසක්..
ReplyDeleteතැන්කූ දිනේශ් අයියේ.. :)
Deleteබොහොම ලස්සනයි.ලස්සන කවි ටිකකුත් තියෙනවා.ඒත්....... අනේ මන්දා ගෑණු අයගේ හිත් නම්...
ReplyDeleteඒ මොකෝ ගෑනු හිත් සහෝ?? හිහිහි.. හරි ඉතින් ගෑනු හිත් වෙලාවකට පුංචි දේත් ලොකුවට ගන්නවා තමා..ඒ ගෑනු ගතියනේ අනේ.. ;)
Deleteඅයියෝ ඇයි මම හැම දාම අන්තිම වෙන්නේ
ReplyDelete........... හැමෝම එකම මට්ටමකට දාන එකනම් වැරදී හොදේ ....
හිහි..කමක් නැ අනේ.. ඔයා අන්තිමට හරි එනවානේ..ඒක තමා මට වටින්නේ.. මම නෙවෙයි නේ එකම මට්ටමට දාලා තියෙන්නේ.. සඳනේ.. ;)
Deleteඅම්මට හුඩු ..බොලෙ මේක මාර කතාවක්නෙහ්...
ReplyDeleteඊයෙ නොසලකා හිටියට මටම එපා වෙනවා..
සිරාවටම නියමයි අක්කේ..
මට මේක තේරෙනවා හැබැයි විචාරයක් දෙන්න තරම් හැකියාවක් නම් නෑ..
නමුත් දෙයක් අපි හරි හැටි නොදැක..නොවිමසා ...නිගමනවලට බැසීම පිලිබදව ගැබුරින්..ලස්ස්නට කරපු කාව්‍යක් කියලා කියන්ඩ පුලුවන්... (ඒක ගැලපෙනවද ..හරිද කියල නම් දන්නෑ හැබැයි )
හිහි..ඔයාගේ විචාරයට බොහොම ස්තූතියි.. :) සිතට එන සිතුවිලි වෙලාවකට අපිටම තේරුම් ගන්න අපහසුයිනේ මල්ලී..
DeleteWenasma Kathawak lassanai ...
ReplyDeleteSuba Pathanwa oyata..
me Wenas Mawathe Thawath
wenas deyak karanna...
බොහොම ස්තූතියි යාළු.. :)
Deleteලස්සන නිර්මාණයක්. අන්තිමට තියන කවිය නම් මොලේ කොලොප්පං කරන සුළුයි :))කතා ඇතුලේ තව කතා තියනවද මන්ද. මොකක් උනත් සිරාවටම සිරා ය!!
ReplyDeleteකොහොමත් සහෝ හැම කතාවකම කියවෙන කතාවකුයි නොකී කතාවකුයි දෙකක් තියෙනවා.. ;)
Deleteරස වින්දා උපරිමයට. සමහර කමෙන්ට් දෙබස් වලත් යමක් දැක්කද මන්දා මම!!! ;)
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
හිහි.. කොහොමත් දෙබස් වලිනුත් හොඳ වින්දනයක් ලබන්න පුළුවන් සහෝ.. :) බොහෝම ස්තූතියි...
Deleteමම ගොඩක් කාලෙකින් ආවේ... මෙයා බ්ලොග වෙනස් කරලා... ලස්සනට හදලා... ඒ මදිවට අහසේ ඉඳං බැහැගෙනත් ඇවිදින් මේ ටිකට...
ReplyDeleteඒකනේ.. ඔයා ආවේ ගොඩ කාලෙකින් නේ.. :)
Deleteරෙඩ්.. ඔබ අහල තියේද මංදා ගුණදාස කපුගේ ගැයූ අපූරු ගීයක් තියෙනවා මේ අදහසින් මෙන්න මෙහෙම
ReplyDelete" මලක් නම් පීපී සිනාසෙයි පරවී වැටෙයි
සඳත් රෑ මුදින් දී සමුගෙන වඩියි
එහෙත් ආදරය නම් ඒවගේ නොවෙයි
සදාකල් හදේ දුක් වේදනා දෙවයි"...
අහලා නම් නැ.. ඒත් අහලා බලන්න ඕනේ..බොහොම ස්තූතියි කිව්වට සහෝ.. අර කිව්වත් වගේ ආදරය වේදනා දෙමින් හදේම රැඳෙනවා තමා..
Deleteඅපූරුයි! මම කැමතියි මේකේ අවසාන ටිකට ගොඩක්ම රෙඩ්..නියමෙට සම්පුර්ණ කතාවම ලියල තියනවා.
ReplyDeleteඔබට ජය! :)
තැන්කූ හිරු.. අවසාන ටික තමා පොළවේ ඉන්න සඳවතීගේ කතාව.. ;)
Deleteජය වේවා
හරිම ලස්සනයි රෙඩ්.....
ReplyDeleteතැන්කූ අක්කේ.. ජය වේවා..
Deleteපට්ට
ReplyDeleteඅමුතුම කතාවක් කියලා තියෙන්නේ,කොහොම මෙව්වා හිතෙනවද :)
හිහිහි.. තැන්කූ තැන්කූ.. ජය වේවා
Deleteඅනේ මන්දා ඉතින්
ReplyDeleteමොකද අනේ මන්දා ඉතින් කියන්නේ??
Delete[co="red"]ලස්සනයි රෙඩ් ජය!![/co]
ReplyDeleteතැන්කූ අවතාර්.. ජය වේවා..
Deleteලස්සන අදහසක් අක්කේ...
ReplyDeleteසාදරයෙන් පිළිගන්නවා රතුගේ ලෝකයට.. ආයේ එන්න..තැන්කූ හිරු..
Delete[ma]ජය වේවා..[/ma]
සඳ මිදුලට එනවා... :) සුපිරි...
ReplyDeleteඒ වුනාට දොර වැහුවානේ.. හික්ස්..
Deleteජය වේවා..
[ma+]මරුනේ [/ma+]
ReplyDelete[ma]තැන්කූ වේවා..[/ma]
Delete