ඉතින් පලයන් පුතේ..





එකම එක දවසක්
රහසේම වුනු දේට
උඹ පලි නැ පුතේ
ඒත් නැ විසඳුමක්..

නොදන්වා රහසේ ම
සරණක් හොයාගෙන
ආවත් මයේ ළඟට
සොයමි සරණක් මමත් තවම

උඹට කන්නට දෙන්නේ
කෝමෙයි මයෙ පුතේ
මටත් කන්නට දෙන්නෙ
මයේ අම්මා වෙච්චි කොට

රහසේම ආ විලස
අප්ප උඹේ රහසින් ම
පිටවෙල ගිහින් මට
නොකියාම නොදන්වා

රට්ටු මට පද හදයි
බෑ ඒවා ඉවසන්න
මං තවම ඉස්කොලේ
දොලැහේ පන්තියේ පුතේ

ආවොතින් මයේ ළඟට
අපහාසමයි උඹට
ඉතින් පලයන් පුතේ
වෙන කුසක් හොයාගෙන... 


Comments

  1. කාලෙකට පස්සේ ඇවිත් තියෙන්නේ...

    දරුවෙක් බිහිකරගන්න බැරි හුඟක් අම්මාලා අසරණ වෙන තැනක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ.. බොහෝම ස්තූතියි කොමෙන්ටුවට..

      Delete
  2. කොහෙද අනේ ගිහින් හිටියේ,, ?? ම්ම්ම්,, ඉදලා ඉදලා සංවේදී පෝස්ට් එකක් දාලා තියෙන්නෙ :/

    ReplyDelete
    Replies
    1. දැන් බ්ලොග් ලියන්න කම්මැලි අප්පා.. හික්ස්.... බොහෝම ස්තූතියි යාළු..

      Delete
  3. මොනවා කරන්නද....ඉපදීමද දුකකි..........

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත නාඩියෝ..

      Delete
  4. මේවා නම් උත්තර නැති ප්‍රශ්න රෙඩා. විවාහක ජෝඩුවකටත් සමහර විට බරක් වෙන දේ, දොළහෙ පන්තියෙ ලමයට බරක් වෙන එක අහන්න දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. මේවාට අම්මට විතරක් දොස් කියන එක වැරදියි..

      Delete
  5. මොනව කියන්නද මන්දා සාර්ථක නිර්මාණයක්...සංවේදියි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු..

      Delete
  6. හ්ම්.. වෙන මොනවා කරන්න ද.. (ඔයා කාලෙකට පස්සේ)

    ReplyDelete
    Replies
    1. හිහි..ඔව් අනේ.. දැන් ලියන්න කම්මැලි අප්පා..

      Delete
  7. සංවේදි නිර්මාණයක් රෙඩ්
    ඇත්තටම මෙහෙම හිතින් විදවන කෙල්ලො කොච්චර ඇද්ද..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :)

      Delete
  8. කියන්න දෙයක් හිතා ගන්න බෑ රෙඩ්.. ඇත්තටම සංවේදියි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :)

      Delete
  9. හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා ! :)

    ReplyDelete
  10. ඔබටත් එසේම වේවා.. :)

    ReplyDelete
  11. ගොඩක් කාලෙකින් මෙහෙට ආවේ අක්කියෝ... බ්ලොග් ලිස්ට් එක අප්ඩේට් වෙන්නේ නෑ. :( ගොඩක් සංවෙදී නිර්මාණයක් අක්කි..නියමයි !

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..