කිරිල්ලියකගේ විලාපය



සිඳී බිඳී ගිය කැදැල්ලේ 
පෙලී පෙලී මියැදෙනා
අසරණ කිරිල්ලියකගේ
විලාපය අසනු මැන..

බිඳෙන් බිඳ තැනූ
හිතෙන් හිත බැඳී
කැදැල්ලම සුළඟට
ගසා ගෙන ගිහින්..

තටු කැඩී ඔත්පලව
හිත බිඳී අනාථව
වැතිරෙනා කිරිල්ලිගේ
විලාපය අසනු මැන..

පොඳි බැන්ඳ හීන ගොඩ
හොර රහසේ ඉගිලිලා
ආදරෙන් පාට ගෑ
සායමත් වියැකිලා

තනිකමේ සුළි සුළඟ
කඳුළු වැහි ගෙන එන්න
අඳුරේ මියැදෙනා ඒ 
කිරිල්ලිය ගෙන යන්න

රැගෙන යනු මැන ඇයව
තුරුළු කොට ආදරෙන්
අවසාන විලාපය
සුළඟේ පා කරවමින්....


Comments

  1. ලස්සනයි අක්කේ කාලෙකින් මේ පැත්තේ ආවේ:)

    ReplyDelete
    Replies
    1. හිහි.. මාත් බෝහෝම කාලෙකින් තමා මේ පැත්තේ ආවේ... ස්තූතියි මල්ලි..

      Delete
  2. අප්පේ.. මෙන්න මේ කිරිල්ලි දැන් ආයේ සින්දු කියන්න පටන් ගෙන....
    හොඳයි හොඳයි...

    ReplyDelete
    Replies
    1. ආයේ පටන් ගන්න හිතුනා.. ජය වේවා!! :)

      Delete
  3. කවිය ලස්සනයි රෙඩ් :)

    ReplyDelete
  4. වන්ස් ඉන් ද බ්ලූ මූන්, කණකැස්බෑවා වියසිදුරෙන් අහස දකිනවා වගේ ඇවිල්ලා කවියක් කියලා නම ලකුණු කරලා අතුරුදහන් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. හිහි.. එහෙම තමා ඉතින්.. :) වේලාව තියෙන විදිහට තමා ලියන්නේ.. ජය වේවා..

      Delete
  5. නන්දාමාලිනියගේ සුළං කපොල්ලේ ගීතය මතක් උනාලු ඉතිං:)
    කවිය ලස්සනයි රෙඩ්

    ReplyDelete
    Replies
    1. :) ස්තූතියි.. ජය වේවා..

      Delete
  6. ඉඳල හිටල හරි ලියන එක වැදගත්...!!!

    ReplyDelete
  7. ලස්සනයි කවි පන්තිය.... බොහොම කාලෙකින්...

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..