~නොනිදන රැය~


"Lovely Kiss by Leonid Afremov"

මල් පෙති ගිලිහෙනා විට එකිනෙක තඹර
නින්දට වැටෙන විට මත් වූ කැල බඹර
දියත ම වසාගෙන පැතිරෙන විට අඳුර
නුඹ ඒ මවෙත දුල කරමින් සිත් අඹර

තුරුවැල් නැලවේවී වැද නුඹගේ සුසුම
දිවි තොර වේද දැක නුඹ රූ කොඳ කුසුම
හැම මල් සුවඳ පරදයි නුඹගේ පුසුඹ
සතුටකි සැනසුමකි මට නුඹ හා විසුම

නුඹගේ දෙපා මුල සත් මහ දෙව් සැපත
නුඹගේ සිසිලසින් මා හද ගිම් නිවෙත
නුඹ රූ දෙනයනට අමයුරු පැන් ගෙනෙත
රැජිණිය නුඹ ම වේ දැහැනේ සිල් බිඳෙත

අඳුරු සළුව විසිරේ නුබ සයන පුරා
මුතු පොට කැඩී නුඹ වට කර සිටින නුරා
දෙනයන කැල්ම විහිදේ නුඹේ සුවඳ උරා
මත් බිඟු මම වෙමි නොනිදන මෙරැය පුරා


මේ මම 2008දී ලියපු එකක්. උසස් පෙළ කේවල් ව්‍යාපෘතිය විදිහට මම කළේ කවි සංග්‍රහයක්. පොත් රාක්කේ අස් කරනකොට ඒ පොත ආයේ හම්බු වුනා.

Comments

  1. මදුසමය වෙලාවේ කියපු එකක්ද මන්දා.. ආදරේ අස්සෙ නුරාව හංගල

    ලස්සනයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. ආදරයයි නුරාවයි එකතු වුනාමත් ගොඩාක් ලස්සනයි නේ.. ජය වේවා..

      Delete
  2. හ්ම්ම්ම් මාරම ලස්සනයි......... ජිවිතයෙ එක අවස්තාවක් සිතිවිල්ලකින් පාට තවරලා අපුරුයි...........

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ..

      Delete
  3. ලස්සනයි..:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ.. :)

      Delete
  4. ලස්සනයි Red!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සහෝ..:)

      Delete
  5. Replies
    1. බොහෝම ස්තූතියි සහෝ.. :)

      Delete
  6. රසාස්වාදයට නියම කවියක්!! හරිම ලස්සනයි රෙඩ්

    ReplyDelete
    Replies
    1. එහෙම හිතුනා නම් ඒක මට ගෞරවයක්...බොහෝම ස්තූතියි සහෝ.. :)

      Delete
  7. ඕ.. ආදරය හා නුරාව..නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. ජය වේවා!!

      Delete
  8. අක්කිගෙ කවි නියමයි නේ..
    :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගෝ...ජය වේවා..!! :)

      Delete
  9. ආ හා....
    එල එල....
    මරු කවි ටික..

    ReplyDelete
  10. මේක නම් නියම කවියක්.නුරාව දොරේ ගලනවා.මීයා කියන්නවගේ පැණි බේරෙන මල් කවියක් .මම වගේම තව උසස් පෙලට කවි සංග්‍රහ කරපු අය ඉන්නවනේ.වාසනාවන්.

    හීන විල් දියම නලියයි සුසුම් සරින්
    දෑල කොපුල් පොපියයි හාදුවක බරින්
    පීන නුරාවට ඉඩදී අඳුර තුලින්
    සර සන්දේ උඹ යනවද පෑල දොරින්

    ReplyDelete
    Replies
    1. මම කොහොමත් උසස් පෙළට කලේ ආර්ට්ස්..ඒ හින්දා කවි පොතක් හැදුවේ.. ඔයාගේ කවිය ලස්සනයි අයියේ.. ජය වේවා..:)

      Delete
  11. සංදේශ කවිවල ලක්ෂන තියෙනවා. කාව්‍යමය භාෂාව අපූරුවට ගැලපිම තුළ ඔබ තුළ ඇති කාව්‍යකරණයේ හැකියාව ගැන වචන දෙකක් නෑ විශිෂ්ඨයි.

    ReplyDelete
    Replies
    1. සංදේශ කාව්‍ය වල ආභාශය ආපු එක පුදුමයක් නෙවෙයි. මම උසස් පෙළට හැදෑරුවේ සිංහල.. සැළලිහිණි සංදේශය මගේ ප්‍රියතම කව්‍ය ග්‍රන්ථයක්.. මේක ලිව්වේ උසස් පෙළ කරන කාලේදී නේ.. ඔබේ අදහසට ගොඩාක් ස්තූතියි දයා අයියේ..

      Delete
  12. Replies
    1. ස්තූතියි කොරලේ මහත්තයා..

      Delete
  13. මෙච්චර වැඩ්ඩො කලර්ස් පෙන්නනවා මදි. මේක සුප්‍රසිද්ධ කවියෙක් හැදුව නම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් වේවි.

    මේ Red Riding Hood අත්සන ට වඩා මම කැමති Silent Thoughts පෝස්ට් එක යට ගහලා තියෙන එකටයි. ඒක දිගටම පාචිච්චි කරන්න.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. හිහිහි... අනේ මොන වැඩ්ඩෝද අයියේ.. තාම කවි ලියන්න ඉගෙන ගන්නවා.. කොහොම වුනත් ස්තූතියි අදහසට..

      මම අත්සන වෙනස් කලා ඕන්.. මේක හොඳයි වගේ තමා.. ජය වේවා.. :)

      Delete
  14. මේක දැක්කම මතක් උනේ...
    සිත රෑක මදු සමේ මා ඔබේ වෙලා
    ප්‍රේමනීය කල්පනා මා ලයේ මවා
    අන්න ඒ වගේමයි... සෝක්...........

    ReplyDelete
    Replies
    1. මාත් ඒ සින්දුවට ගොඩාක් ආසයි.. ස්තූතියි කොමෙන්ටුවට සහෝ..
      ජය වේවා..

      Delete
  15. කවි පොත හම්බ උනාද ??
    අප්පච්චියෝ.... දැන් දිගටම කවි අහන්ඩ වෙන්නේ... :)
    විහිලු ඈ... :)
    කවි ටික නම් ගින්දර !!!!

    ReplyDelete
    Replies
    1. හිහි.. විහිලු වුනත් කියපු කතාව හරි.. බ්ලොග් පොස්ට් දෙක තුනක් කවර් කරගන්න පුළුවන් දැන්.. තැන්කූ ඈ.. :D

      Delete
    2. මේ කවි ඇහෙනා සාහිත්‍යය මාසයයි....
      එහෙනම් දිගටම කවි ලියන්ඩ !
      ජය වේවා :)

      Delete
    3. හරි හරි.. දිගටම කවි දාන්නේ නැ..වෙන මොනා හරි දාන්නම්කෝ.. :)

      Delete
  16. ලස්සන කවි ටික. ව්‍යංගය යොදාගෙන තියෙන විදිහ අපූරුයි....
    ජය!!!

    ReplyDelete
  17. ගොඩක් ලස්සනයි යාලු. මං හොඳටම රසවිඳ. ජය වේවා....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මධූ.. :)

      Delete
  18. ලස්සන නිර්මානයක්. ජය

    ReplyDelete
  19. හිතට වදින වචන ටිකක් ඈ! එල!!!

    ReplyDelete
  20. මේක ගෙනිහින් මඩවතිට පෙන්නන්න ඕනේ ;)

    ReplyDelete
    Replies
    1. හිහි.. හොඳයි හොඳයි..ජය වේවා.. :)

      Delete
  21. ලස්සන කවි පෙල රෙඩ්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේශ අයියේ...:)

      Delete
  22. ලස්සනයි යාලු :)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..