බාබායිගා ආච්චි වෙත ආදරයෙන් ලියමි




බාබයිගා ආච්චි,
ලස්සන වසීලිස්සා බාරේ,
කුකුල් කකුල උඩ ගෙදර,
අඳුරු කැලෑව,
රැසියාව.
සෙත් වේවා..!!!


ආදරණීය බාබායිගා ආච්චියේ,

කොහොමද ඉතින් සැප දුක්? ආච්චි දැන් හොඳටම ලෙඩ වෙලාලු නේද.. මට වසීලිස්සා කිව්වා දැන් ආච්චිට කන්න කියලා දෙයක් වත් කැලෑවේ නැ කියලා..අච්චිට රුසියන්කාරයෝම කාලා එපා වෙලා ඇති නේද? මට වසීලිස්සා ඔය ගැන කියද්දී ආච්චි ගැන දුක හිතිලා කඳුළු සට සට ගාලා වැටෙන්න ගත්තා. සත්තයි.. ඒ නිසාම තමා ආච්චිට මේ ලියුම ලියන්න හිතුවේ. 

ආච්චියේ මෙහෙ ඉන්නවා හොඳ මස් පර්වත දෙකක්. ඒ දෙන්නා කෑවොත් නම් ආච්චිට ටක්කෙට සනීප වෙනවා. වෙන මුකුත් හින්ද නෙවෙයි උන් කාලා තියෙන ජාති හින්දා.  ඉතින් මේ දෙන්නා ව ආච්චි කෑවොත් එයලා කලා තියෙන ඒවාත් ආච්චිගේ බඩටනේ. හරියට ඒක සර්පයා ගෙම්බව කනවා, උකුස්සා සර්පයාව කනවා වගේ. එතකොට ගෙම්බත් උකුස්සගෙ බඩේ. 

නිකන් හිතන්න ආච්චිට දැන ඉගෙන ගන්න වයසත් පැනලා තියෙන එකේ අධ්‍යාපන ලබා ගන්න විදිහක් නැනේ. ඒ නිසා මෙහෙ අධ්‍යාපනයි, උසස් අධ්‍යාපනයයි කියලා ජාති දෙක කාපු මේ දෙන්නව ආච්චි කන්න. ඔය කියපු ජාති දෙක මහා ගොඩාක් වටිනවලු නොවැ. ආච්චි ආච්චිගේ වංගෙඩිය උඩ නැඟලා මොල් ගහෙන් කොට කොට අහසින් ඇවිල්ලා මේ දෙන්නව එක පාරට ගිලලා දාන්න. හැබැයි ඕන් එක පාර ගිලින්න ඕනේ හොඳේ. නැත්නම් දෙන්නා එක්ක ආච්චිව ගිලිද දන්නේ නැ. ඒකත් කරන්න බැරිකමක් නැ මේ දෙන්නට. 



අනේ බුදු ආච්චියේ ආච්චි ලබන ආත්මේ යකින්නියක් වෙලා නෙවෙයි ලස්සන කුමාරිකාවක් වෙලා ඉපදෙනවා මේ දෙන්නව අනුභව කරන්න පුළුවන් නම්. සත්තකින් ම..

එහෙනම් මගේ සුදු ආච්චි වහාම මෙහෙ ඇවිල්ලා මුන් දෙන්නව ගිලින්න හොඳේ. මම නවතිමි.

මීට 
ඔබේ දයාබර
රතු හැට්ටකාරි.

ප.ලි ලියුම බලලා පුච්චලා දාපන් ආච්චියේ. නැත්නම් මුන් දෙන්නා මාව කන්න එයි.


Comments

  1. අර කිව්වත් වගේ මුන් දෙන්න ආච්චිව ගිලිද කියන්නත් බෑ..:))))

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා... ඒකත් කරන්න බැරිකමක් නැ..

      Delete
  2. අපෝ ඒ ගොතයෝ ගිලලා ආච්චිට මොනවා හරි වෙයි
    ඇග හැම තැනම දම් පාට බුබුල් දාවි,දකුණු කනෙන් කොළ පාට දුම් පිට වේවි,සොයා නොගත් රෝගී තත්වයක් මත ආච්චි මිය පරලොව යාමටද ඉඩ ඇත ;)

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන එකක් නැ.. ඒ නිසාම තමා බාබායිගා ආච්චිටම කතා කලේ.. වෙන කෙනෙක් කැවොත් එහෙම විෂ වෙනවා..ඒත් ආච්චි පුරුදුකාරිනේ... ;)

      Delete
  3. රෙඩා පොට් කරපු හොදම පෝස්ට් එක කිවුවොත් මා වැරදිද මිත්‍රවරුනි?????
    නෑ කිසිසේත්ම වැරදෙන්න විදිහක් නෑ....
    මට නං පෝස්ට් එක සුපිරිය....
    ජයවේවා!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා තරියා... ජය වේවා..:)

      Delete
  4. නියමයි..වෙනස්ම විදියකට දැකලා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වෙනි අයියේ.. වේලාව තියෙන හැටියට මේ පැත්තේ ඇවිත් යන්නකෝ.. :)

      Delete
  5. (රෙඩ් ගේ ලියුමට "පසුවලියමි" කෑල්ල එක් කරමින්)

    අනේ ආච්චියේ,ඔයා මුන්දෙන්නව එක පාරට ගිලින්න එපා.ගිලින්න කලින් මට හමගහල මට දෙන්න..මම අපේ අම්මට කියල හොද කරියක් හදල දෙන්නම් ආච්චිට කටට රහට කන්න.මේ ලියන්නෙ රෙඩ් එක්ක ඉන්න මල්ලි කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...ඒකත් හොඳ අදහසක්.. ඒත් ඔහොම දෙන්න ගියොත් නම් ආච්චිට කන්න දෙයක් ඉතුරු වෙන එකක් නැ.. ඇයි දෙයියනේ කී දෙනෙක් කියලා එයිද මුන් දෙන්නව හම ගහන්න..

      Delete
  6. මරු නියමෙට ලියවිලා
    ඇත්තටම කවුද ඔය යකින්නට දෙන්න යන දෙන්නා

    ReplyDelete
    Replies
    1. අර අධෝමුඛ නැකතින් ඉපදුන කෙනායි...වයිමාට ආර්ථික විද්‍යාව ඉගැන්නුව එක්කෙනායි.. දන්නවා නේ.. හික්ස්..

      Delete
  7. අයියෝ... අහින්සක මිනිස්සුනේ අප්පා උන් දෙන්නා.

    ReplyDelete
    Replies
    1. ඈ... මෙයා මෙහෙ රටේ කෙනෙක් නෙවෙයිද කොහෙද.. හිහිහි..

      Delete
    2. මං මේ රටේ නිසා තමා කිවුවේ තමන්ගේ රටේ මිනිස්සු වෙන රටක එවුන්ට බිල්ලට දෙන්න එපා කියලා.උන් මොන වැරැද්ද කරත්.මං හිතන්නේ ඔයා අපේ රටේ නෙමෙයිද කොහෙදෝ...

      Delete
    3. ඒ වුනාට සහෝ.. එයාලා අහිංසක නම් අපි කවුද?? දැන් ඒකනේ වෙලා තියෙන්නේ එයලා අහිංසකලා වෙලා අපිව අංගුලිමාලලා කරලානේ.. ඉතින් පොඩි අංගුලිමාල වැඩක් කලාම මොකද වෙන්නේ.. :)

      Delete
    4. ඔව් ඒක ඇත්ත.ඕක ගැන මට හිතෙන දෙ කියන්නම්.ඔය කොයි දේශපාල පක්ෂයකටවත් බෑ ඔය ප්‍රශ්නය විසදන්න.උන් ඒකට උත්සහ ගන්නෙත් නෑ.මොකද මේ රටේ කිසිම දේශපාලන පක්ෂයක දේශපාල‍ඥෙයකුට රට ගැන නියම කැක්කුමක් නෑ.විපක්ෂේ ඉන්න එවුන් කිඹුල් කදුලු හලනවා.මොකද උන් බලේ ඉන්න කාලෙත් කරපු කෙන්ගෙඩියක් නෑනේ.ආණ්ඩුවේ ඉන්න එවුන්ට හරි හමන් තීරණයක් ගන්න බෑ.

      Delete
  8. බබායිගාට දෙන්නම වටින දෙන්නෙක් !!!
    මුන් දෙන්න්ව තියලාත් වැඩක් නෑ අප්පා.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම කිව්වේ.. අඩුම ගානේ කාගේ හරි බඩ හරි පිරෙනවානේ.. :D

      Delete
  9. ඔයත් මාර වැඩනෙ කරන්නේ...මුන් දෙන්නව ආච්චි කෑවොත් රට කන්න කවුද ඉතිරි වෙන්නේ...

    ReplyDelete
    Replies
    1. රට කන්න ඉතින් ඔය ඉන්නේ ලොකු අල්මාරියක්ම...ආහ් සොරි අල්මාරිය නෙවෙයි..කැබිනට් එකක් ම..

      Delete
  10. කනවනම් මේ වගේ සේරම එකට කන්නඕනේ උන් නැති උනහම ඒ තැන ගන්න ඒ වගේම උන් එනවනේ

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත..අනේ මන්දා..

      Delete
  11. අනේ ආච්චියෙ,ගිලින්න කලින් මට මුන් දෙන්නට හොඳ අතුල් පාරවල් දෙකක් දෙන්න ඉඩ දෙන්න.

    ReplyDelete
    Replies
    1. හිහි..අතුල් පාරවල් දෙන්න කට්ටිය පෝලිමේ එයිද දන්නැ..

      Delete
  12. ආච්චිට මුන්ව දිරවයිද.... මුන් දෙන්න අං ගිලල ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. අං ගිලලා නෙවෙයි සහෝ.. මුන්ට තියෙන්නේ අං තට්ටු... :D

      Delete
  13. හරිම අපූරු ලියුමක්නේ. මමත් පහළින් අත්සන් කළා කියන්න ලියුමට හොදේ. පුළුවන්නම් දියවන්නාවෙ ඉන්න රට කන කිඹුල්ලු ඔක්කොම ගිලින්න කියල ආච්චිට කියන්න.

    අදමයි මේ පැත්තට ආවෙ. දැන් ඉතින් දිගටම රතු සිහින දකින්න ලැබේවි.

    ReplyDelete
    Replies
    1. හිහි..හරි හරි.. :)
      ඔයා මගේ අනිත් බ්ලොග් එක පැත්තේ නම් ඇවිත් තියෙනවා නේ..
      එහෙනම් දිගටම එන්න..

      Delete
  14. achchita wenama ledak hadeyi harak mas kala yalu oya goda dawasakin mage blog eka paththe awe na neda

    ReplyDelete
    Replies
    1. අනේ එන්න බැරි වුනා තමා.. හැමදාම හිතාගෙන ඉන්නවා කතාව බලනවා කියලා.. බලන්න වෙන්නේ නැ.. මේ දැන්ම යනවා ඕන්.. හිහි.. :)

      Delete
  15. හී හී..මරු මරු.ජයම වේවා යාලු! :)

    ReplyDelete
  16. මට බාබයිකා කිව්වම හිරු fm එකෙ dj අරාවයි පැස්බරාවයි මතක් වුනෙ එල ඇ.............

    ReplyDelete
  17. හිහ්... නියමයි බටකොළ ආච්චියේ...!!! :P :P
    උඩ කමෙන්ට් එකක තිබ්බා වගේ මේ අපතයො දෙන්නා හම ගන්න මාත් එනෝ හවුල් වෙන්න....

    මේ, මට නිකං සුදු වෑන් පේනෝ පේනෝ වගේ...... :D :D :))))

    ReplyDelete
    Replies
    1. මටත් සුදු වෑන් නම් පෙනේවා පේනවා වගේ.. බාබාගයි ආච්චිටම තමා කියන්න වෙන්නේ මාව බේරගන්න කියලා..

      Delete
  18. ආච්චිට කියන්න ඕනේ ඔය මෝගහෙන් ඒ දෙන්නගේ ඔලුගෙඩි දෙකට පැනි හැලෙන්නම දෙන්න කියලා . නියම අදහසක් . හිතන්න බැරි එකක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.. හිහි..

      Delete
  19. පව්ඌඌඌඌඌඌඌඌ ආච්චි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. හිහි.... ආච්චි නම් පව්ව් තම...
      ජය වේවා..

      Delete
  20. පවු නැද්ද මං අහන්නේ ඒ මනුස්සයෝ දෙන්නා ? මොනවා උනත් ජිවිත දෙකක්නේ අෆ්ෆා. :)

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ඒ ජීවිත වලින් අවැඩමනේ කරන්නේ ඒ දෙන්නා..

      Delete
  21. රෙඩ් මේක නම් මරු හොදේ... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ හොඳේ.. ජය වේවා..

      Delete
  22. Mun denna kewa kiyala me prasne visadenne ne nowe..
    Tawa kalakanni 2k ei etakota mkada karanne...achchita hamadama mini kanna tama wenne

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකත් ඇත්ත.. අනේ මන්දා.. දැන් හැමදේම නොවටිනා ගානට වැටිලා..

      Delete
  23. නියමයි.හම ගහලා කරිය හදලා අපටත් එවන්න.නෑ එපා......තුඃ ...උන්ගේ මස් මගෙ බල්ලවත් කන්නේ නෑ.නියමයි .ජය!!!

    ReplyDelete
    Replies
    1. හෙහෙහෙ... බල්ලාත් කන්නේ ඔයිට වඩා හොඳ ඒවා නේ..ජය වේවා..

      Delete
  24. බාබායිගා ....හනේ ..ලස්සන වසිලිස්සා..ඔයා කිවව කතාව කෙසේ වෙතත් පරණ මතකය අලුත් කලාට ස්තුති කරන්න වචන නෑ ..රුසියන් සුරංගනා කතා ..ෂා..මාරම ලස්සනයි ..බොහොම ස්තුතියි රතු හැට්ට කාරී ! :D

    ReplyDelete
    Replies
    1. මාත් හරිම ආස කතා පොතක්.. කොච්චර කියෙව්වත් එපා වෙන්නේ නැ..
      ජය වේවා..

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..