පොත් සවාරි යනවදෝ..



ඔන්න ඉතින් මාත් මාස ගාණක් පෙරුම් පුරලා ඊයේ පොත් සල්පිළ බලන්න ගියා. උදේ නවයට ඇතුලට ගිය අපි එළියට ආවේ හවස හයට.. හිහිහි.. කොහොමද පොත් බැලිල්ල.. ;)
මගේ චාරිකා ගැන නෙවෙයි මේ කියන්න යන්නේ.. තව යන අයගේ පහසුවට කරුණු ටිකක් කියන්න තමා හැදුවේ.

මේ සැරේ වට්ටම් වලින් වැඩිම වට්ටම් දෙන්නේ විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන්. 30% ක වට්ටමක් ලැබෙනවා. රත්න පොත් ප්‍රකාශයන්ගෙනුත් 30% වට්ටමක් දෙනවා. ඊට පස්සේ ගුණසේන එකේ විවිධාකාරයේ වට්ටම් තියෙනවා. 10% සිට 25% දක්වා වට්ටම් සටහන් කරලා තිබුනා. සරසවී, විදර්ෂන, සුරස, සදීපා, දයාවංශ මේ හැමතැන 20% ක වට්ටම් තමා ලැබෙන්නේ. වෙන සැර වල පොතක් පබ්ලිශ් කරපු ආයතනයෙන් ඒ පොතට විෂේශ වට්ටම් වගේ දේවල් තිබුනට මේ පාර එහෙම විෂේශයක් නැ. කොයි තැනත් එක වගේ. හොඳම දේ තමන් හොයන පොත මුලින් විජේසුරිය එකේ තියෙනවද කියලා බලලා අනිත් තැන් වලට යන එක. හැබැයි විජේසූරිය එකේ නිදහසේ බලන්න නම් පොඩ්ඩක් කලින් යන්න වෙයි. ඇතුලට ගියි ගමන් ම ඒකට ගියත් පාඩු නැ සෙනඟ වැඩි වෙන්න කලින්. ඒක තියෙන්නේ B ශාලාවේ.

අනිත් කාරණාව තමා අඩු මිලට පොත් ගන්න පුළුවන් second hand bookshops. K ශාලාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ එහෙම පොත් සැල්. K ශාලාව තියෙන්නේ සිරිමාවො ශාලාවට යන්න කලින් තියෙන G ශාලාවේ පැත්තකින්. ඒවගේම J ශාලාවේ දකුණු අත පැත්තට වෙන්නත් එහෙම අඩු මිලට පොත් විකුනන second hand bookshops තුනක් විතර තියෙනවා. මේ තැන් වල නම් 50% වට්ටමකට තමා පොත් අලෙවි වෙන්නේ. 

ඊට පස්සේ ප්‍රශ්නේ එන්නේ කෑම සම්බන්ධව. Food court එකෙන් කන එක ගොඩාක් ලාබ වෙයි කියලා තමා මම හිතන්නේ. එක පොඩ්ඩක් අස්සට වෙන්න තිබුනට හොයාගන්න අමාරු නැ. එතන රුපියල් 40 සිට ඉහළට කෑම තියෙනවා. තෝරාගැනීමක් තියෙනවා. රුපියල් 75කට මැගී කනවට වඩා Food court එකෙන් කන එක හොඳයි.

පුළුවන් තරම් උදෙන් යන එක තමා හොඳම. එහෙම නැත්නම් හවසට 5ට විතර යන්න ඕනේ. එතකොට සෙනඟ ගොඩාක් ගෙවල් වල යන්න පටන් අරන්. 5ට විතර ගිහින් රෑ වෙනකන් ඉන්න කොට නිවීහැනිසිල්ලේ පොත් බලන්න පුළුවන් වෙයි.

කොහොම කොහොම හරි ඔය විදිහට පොත බලලා මාත් පොත් 16ක් විතර අරගෙන ගෙදර ආවේ. රෑ 7ට අතින් කටින් එල්ලගෙන බෑග් එකත පැත්තට දාගෙන කොටුවේ බස් එකට නඟින්න යනකොට නම් ඉතින් එපා වුනා.. හිහි..ඒත් ඉතින් "අනේ මේ මගේ පොත් නේ" කියලා හිත හිත ගාට ගාට ආවා.

Comments

  1. matath asai ane hoda poth tikak ganna eth salli thamai prashne mehe nane oi wage salpil

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒකට හැම මාසේම එකක් ගන්න. මම එහෙම කරනවා.. මාසේම සල්ලි එකතු කරලා මාසේ අන්තිමේ එක පොතක් ගන්නවා.. :)

      Delete
  2. අම්මෝ.. ඊයේ තමයි මං පනුච්චියි අපි කස්ටිය ගිහින් ආවේ... :) :)

    ReplyDelete
    Replies
    1. ඔයාලත් ගිහින් තියෙන්නේ 20 නේ? අපිත් හිටියා එදා.. අපරාදේ මීට් වෙන්න තිබුනා..

      Delete
    2. ඔ...දන්නේ නැහැනේ :( අපරාදේ

      Delete
    3. ඒක තමා.. :) කමක් නැ... ආයේ දවසක මීට් වෙන්න බැරියැ..

      Delete
  3. මේ විස්තර ටික දැනගත්ත එක නම් හොදයි යාලු. තැන්කූ හොඳේ.

    ReplyDelete
  4. වැදගත් සටහනක් යාලු...

    පුංචි මැප් කෑල්ලකුත් දාන්න පුලුවන්නම් පන්කාදු පහයි..

    ReplyDelete
    Replies
    1. අයියෝ මැප් එකක් නම් හොයාගන්න බැරි වුනා සහෝ..

      Delete
  5. නියමයි.ඒත් මට බැරි උනානේ එක පොතක් ගන්නවා තියා බලන්න වත් යන්න තාම

    ReplyDelete
    Replies
    1. ඉතින් යන්නකෝ.. :) තව දවස් තියෙන්නේ.. ජය වේවා..

      Delete
  6. හුර් රේ.. මම අද යන්ඩ ඉන්නේ.
    විස්තර ටිකට ටැංකූ... !!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. :) ගිහින් ඇවිත් විස්තර කියන්නකෝ..

      Delete
  7. විජේසුරිය එකේ ඇත්තටම හොද පොත් තියෙන තැනක් ..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. ඒත් හැබැයි එතන පොත් තෝරන්න හරිම අමාරුයි සෙනඟ වැඩි වුනාම. හැරෙන්න වත් ඉඩ නැ.. :)

      Delete
  8. අනේ අක්කියෝ මට මේ පාර යන්න වෙන්නෙ නෑ නේ. මේවා දකිනකොට ඊරිසියාවෙ බෑ

    ReplyDelete
    Replies
    1. හිහි.. කමක් නැ අනේ.. වෙන සැරේක අපි යමුකෝ.
      ජය වේවා..

      Delete
  9. ආයේ සැරයක් යන්න කලින් මේ විස්තරේ දැනගත්තු එක මට නම් වටිනවා..ටැන්කූ වේවා ඔයාට...!!!

    ReplyDelete
  10. Replies
    1. ම්ම්ම්... දුක් වෙන්න එපා අනේ.. ඔයාටත් යන්න දවසක් එයි..
      ජය වේවා..

      Delete
  11. අනේ මාත් හරිම ආසා වැඩක් ඕක රෙඩ්. ඔය පොත් ප්‍රදර්ශණ වලට යන්න, මොනවා කරන්නද. ඔයාලගෙ විස්තර අහලා සැනසෙනවා. ඔයා හොඳ විස්තරයක් කරලා තියෙන්නෙ හැම අංශයක්ම ආවරනය කරලා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි හෙන්රි අයියේ.. ජය වේවා.. :)

      Delete
  12. සාහිත්‍ය ඇකඩමියට වෙන් කරපු තැනට ගියේ නැද්ද??:)
    G කොටසේ මුලම තිබුනේ

    ReplyDelete
    Replies
    1. සඳුන් අයියලා හිටපු තැනටද?? :)

      Delete
  13. මම නම් 18 මුල් දවසෙම ගියා. සෙනග අඩුම දවස කිව්වොත් නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... මට පටන් ගන්නම් දවසේ යන්න හිතුනේ නැනේ.. :)

      Delete
  14. ශික්..මේක දැක්කම දුකේ බෑ..මට යන්න නෑ නෙ.:(

    ReplyDelete
    Replies
    1. අයියෝ.. වෙන සැරේක යමු අනේ.. ඔයාටත් යන්න දවසක් එයි..
      ජය වේවා..

      Delete
  15. මට ඉතින් කොහොමත් යන්න බෑ නේ....

    ReplyDelete
    Replies
    1. හරි හරි.. ඔයා ලංකාවට එනවානේ..ඒ ආවාම බලමුකෝ..:)

      Delete
  16. "බුක් ෆෙයාර් ප්‍රෝඩාව! පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ නිරුවත හෙලිකිරීම " ලගදීම ....... ඇනෝ ආවාට සමාව .

    -_ ඩී -_

    ReplyDelete
    Replies
    1. හිහි.. හරි හරි..එහෙනම් ලඟදීම...
      ජය වේවා..

      Delete
  17. මම නම් ඊයේ ගියා.කොහෙද අර එස්.බී බූරුවා මාස තුනකින් අපිට මහපොළ දුන්නේ නැති නිසා හිතපු තරම් පොත් ගන්න හම්බුනේ නෑ :/

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.....ඒක තමා.. අනේ මන්දා.. කවදා ආයේ මහපොළ දෙයිද දන්නේ නැ

      Delete
  18. @චන්දන සහෝ.. අනේ ඔයාගේ කොමෙන්ටුව මගෙ අතින් ඩිලීට් වුනා සහෝ.. සමාවෙන්න හොඳේ..හිතලා කරපු දෙයක් නෙවෙයි.. ඔයා ඩිලිට් කරලා තිබ්බ වැරදිච්ච කමෙන්ට්ස් ඩිලිට් කරන කොට අනිත් එකත් ඩිලිට් වෙලා..

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ. මගෙ අතින් ඒ කමෙන්ට් තුනම අප්සට් ගියා ඒකයි ඩිලීට් කලේ. මම ප්‍රිවිව් බලලා පබ්ලිශ් කලා නම් හරි.
      …ගෙනාපු පොත් වල බ්ලොගියෙ දාන්න පුලුවන් නිර්මාණ එහෙම නැද්ද අපිටත් බලන්න..

      Delete
    2. මන් ගත්ත පොත් ගැන වෙන පොස්ට් එකක කියන්නම්කෝ.. :)

      Delete
  19. යන්ට වෙන්නේ නැත.. ලබන අවුරුද්දට කල් දමමි.

    ReplyDelete
    Replies
    1. ඒ මොකද යන්න වෙන්නේ නැත්තේ?? වැඩද?? :)

      Delete
  20. මන් පටන් ගත්ත දවසේ ගියේ.මේක ඊට පස්සේ නේ පොස්ට් කරලා තියෙන්නේ ;)

    ReplyDelete
    Replies
    1. හිහි.. මන් ගියේ තුන්වෙනි දවසේ..

      Delete
  21. යන්න වෙන්නෑ අලෝ.දුකේ බෑ.අවුරුදු ගාණකින් මේ පාර මිස් වෙන්නෙ.කමක් නෑ ඔයාලා මටත් එක්ක කියවන්නකො.

    ReplyDelete
    Replies
    1. කමක් නැ අනේ.. ඔයා ඊළඟ සැරේ යන්නකෝ. ජය වේවා..

      Delete
  22. මමත් ඊයෙ ගියා, හැබැයි පොත් තේරුවට වඩා වෙලාවක් එළියට වෙලා හිටියා, ඒ තෙරපෙන්න අකමැති හින්දාමයි. පොත් ප්‍රකාශකයෝ හැමෝම වගේ උත්සහ කරලා තියෙන්නෙ හැම පොතක් ම පෙන්නන්න මිසක් ඒව ගන්න එන්නෙ මිනිස්සු බව හිතලා නෙවෙයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකත් ඇත්ත.. සමහර පොත් රාක්ක තියෙන විදිහට දෙන්නෙකට මාරු වෙන්න අමාරුයි.. මන් ගියේ සතිය දවසක උදේ නිසා ලොකූ අවුලක් වුනේ නැ..

      Delete
  23. බර උනාට මොකෝ පොත්නේ. මටත් කන්න ඕනෙත් නැහැ පොත් තියෙනවනම්. Good job

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම තමා සහෝ.. මේ දවස් ටිකේ බ්ලොග් එක පැත්තෙවත් එන්න බැරි වුනා.. පොත් කියවන එකම තමා වැඩේ..

      Delete
  24. වට්ටම එක එක අයගේ එක එක ගණන් ද? මලා මම බැලුවේවත් නැහැ. ඔහේ ගත්තා. :ඩි

    ReplyDelete
    Replies
    1. හිහි.. ඒවා වත් බලන්න සිහියක් නැති වෙන්න ඇති පොත් දැක්කාම.. :D
      මටත් එහෙම තමා.. ඒත් පුලුවන් තරම් අඩුවට ගන්න තමා ට්‍රයි කලේ..

      Delete
  25. මං නං ගියේ නැතෝ....

    ReplyDelete
  26. In vain. I READ YOUR POST AFTER GOING TO THE EXHIBITION. But I was too tired to visit all the book shops.Next time go there on the first day and let us read your post about it!

    ReplyDelete
  27. අනේ යන්න බැරි වුණානේ.ස්ට්‍රයික් එක මැද්දේ ට්‍රිප් ගිහින්ම අතේ සතේ නැතුව හිටියේ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ.. කමක් නැ.. ඊළඟ පාර යන්න..

      Delete
  28. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..