සාපයකි බිහිසුනු...



වරක් සිදුවූ යමක්
දස දහස් වරක්
යලි යලිත් සිදුවෙනා
බිහිසුනු මිටියාවතකි...

දුක් සෝ සුසුම් මැද
හඬා වැලපුනු හැටි
මැවි මැවී දිස් වෙනා
පුළුල් තිරයකි එය..

එදා සිනහා වූ හැටි
සතුටු බස් දෙඩූ හැටි
හෙමිහිට කොඳුරමින්
හඬවනා නපුරෙකි..

දින ගණන් පැය ගණන්
ගෙවී ගොස් ඇත්තත් තව
මා හඬවනා ඒ 
මතකය සාපයකි...


Comments

  1. මා හඬවනා ඒ
    මතකය සාපයකි......

    සාපයයි ඒ මිදෙනු බැරි
    මිදෙනු යතු ඒ පහසු නැති..... (Y)....

    ReplyDelete
    Replies
    1. කවදාක හෝ මගේ
      මතකයෙන් ඔබ ගිලිහේ නම්
      ඒ මගේ හුස්ම පොද
      ගිලිහෙනා දිනය වේ..

      තැන්කූ ශයන්ග අයියා..

      Delete
  2. වේදනාවක්..දුකක්..යළි යළි පැමින රිදවන..
    සත්තයි..පාපයක්..ඒ දුකට ඒ මතකෙට ඉඩ හදා දුන් අප කල..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඉඩ දෙනවා නෙවෙයි.. මතකයන් අමතක වෙන්නේ නැනේ කොහොමත්.. ඒවා හැමදාම රැඳිලා තියෙනවා..ස්තූතියි කවිකාරි.. :)

      Delete
  3. //එදා සිනහා වූ හැටි
    සතුටු බස් දෙඩූ හැටි
    හෙමිහිට කොඳුරමින්
    හඬවනා නපුරෙකි..

    මාත් ඒ වගේ එකෙක්ලු...

    ReplyDelete
    Replies
    1. මතක් කරවන එකෙක් ද?? නැත්නම් මෙහෙම අඳුරු මතකයක් හිමි එකෙක්ද?? ;)

      Delete
  4. හ්ම්ම්..... බිහිසුණුය ඇත්තටම් මෙය!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඔව් අප්පා.. :)

      Delete
  5. හඩවනා සාපය අමතක කර නව ලොවකට පියමනින්න වෙර දරන එකයි හපන්කම

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... නව ලොවකට යනවා..ඒත් වරින් වර අතීතය එබිකම් කරනවා.

      Delete
  6. අප්පොච්චියේ .................. හෙන බිහිසුනුයිනේ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නැ අනේ.. අති බිහිසුණුය.. ;)

      Delete
  7. hitha puraa
    kiiri gasana
    nethu agata
    kadulu genena

    mathakayan apamanya...

    hakulanna mathakayan
    diriganna sith madale
    jayaganna diwi madala
    piyanagam wera ragena..

    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තට ආවට යාළු.. ජය වේවා.. රිප්ලයි කවිය ලස්සනයි. :)

      Delete
  8. මොකක් ගැනද අප්පේ මේ කියවන්නේ?
    ඔන්න ඕකයි කවි වල මට තියෙන අප්සෙට් එක. මම බැලුවා LCD TV ස්ක්‍රීන් එකක් ගැන වත්ද මේ කියන්නෙ කියලා. ඒකටත් ගැලපෙන්නෙ නැත්ද? එහෙම නැතිනම් පේරාදෙණිය ගැනද මේ?

    ReplyDelete
    Replies
    1. හිහිහි.. නැ අනේ..මේ කියන්නේ මතකය ගැන.. මතකය.. අතීතයේ සිදුවුනු දේවල් අමතක කරන්න නොදෙන මතකය.. :)

      Delete
  9. මා හඩවනා මතකය අමතක කරන්නත් එක්ක ජනවාරි 27 ගම්පහ ගෙට්ටුවට එන්න...විස්තර කාමරෙන්...

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුවට එන්න වෙන එකක් නැ වගේ.. :/ ඒත් අවුලක් නැ.. ඔයාලා විනෝද වෙලා එන්නකෝ.. ජය වේවා..

      Delete
  10. රෙඩ් කාලෙකට පස්සේ.. හ්ම්..මතකය වෙලාවකට නම් නපුරෙක් තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් කාලෙකින් තමා බ්ලොග් එක ලියන්න හිතුනේ. දැන් ඉස්සර වගේ ලියන්න හිතෙන්නේ නැ.. වැඩත් වැඩි.. ආසවකුත් නැ.. :) ස්තූතියි කොමෙන්ටුවට.

      Delete
  11. මතකය සාපයක් නේන්නම්....

    ලස්සනයි කවි ටික රෙඩ්!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිතූ.. ජය වේවා..!!

      Delete
  12. සිනා නොඇසෙන දුර ඈතක
    කඳුළු පුදන මතකයක
    අහම්බෙන් ඇහෙන ඒ හඬ
    නපුරුතම සාපයක් වෙලා..

    ලස්සන අදහසක් රෙඩ්..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. දිනේශ් ඇන්ඩ් මදාරා.. :) කවුරු කොමෙන්ටුවට දැම්මද මන්ද.. හිහිහි..

      Delete
  13. කවියක තිබිය යුතු හැම ගුනයක්ම තියෙනවා. මේ කවිය කියෙව්වාම මතකය දිවගායේ රුසියානු සාහිතයයට.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අයියේ.. :)

      Delete
  14. හඩවනව නම් ඉතින් ඒ මතකය සාපයක්ම තමයි..

    හරිම අගෙයි ..

    ReplyDelete
  15. After a long time, I was able to visit your blog. Life is living with memories, but moving forward.You will never be able to forget your past, but the time will heal the pain. Get used to it. You are not the only person suffer from past experiences. Don't wallow in self pity.

    ReplyDelete
  16. මතකයන් සාපයකි ..
    හ්ම්ම්ම් ...
    ඔන්න ඔය වෙලාවට තමයි කෑගහල කියන්න හිතෙන්නෙ "ලේනෝ ලේනෝ මේ හිත අරගෙන අලුත් හිතක් දියෝ කියලා" !!

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..