සදාකල් එකම පැතුම...
වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා හිමියන් සයුර මැද සටනක බව දැනුණා තනිවම පැලේ මා මේ රැය ගෙවන කල මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ