සුදු නෙළුම.....

සුදු නෙළුමක් රැගත් ඇත් පැටවෙකු සිහිනේ
නොදැක්කෙමි පුතේ සැතපෙන කල සයනේ
ඇරයුම් නොලැබ ආවත් පතමින් සරණේ
ලැබදෙන්නම් ඔබට නැතිමුත් මට සරණේ


අඳින්නට දෙන්න වැරහිලි මිසක් මට
දිව සළු නොමැත ඔබෙ ගත සරසවන්නට
බොන්නට දෙන්න අමයුරු පැන් නැතුවාට
මගෙ ලේ කිරි සෑහේ පුත නුඹ රැකගන්ට


නොඅසන් කොහි සිටිදැයි නුඹගේ නෑසියන්
නොදනිමි පුතේ මමවත් කොහිදැයි නෑසියන්
නොඅසන් මොනවාද නුඹ සතු උරුමයන්
දුන්නේ නුඹ ම පමණයි නුඹගේ පියාණන්


කිරි දත් පෙන්වමින් සිනහා නඟන විට
සඟවා ගනිමි නැඟුනත් මම කඳුළු කැට
සිනහා වෙනවා නම් ඔබ, දිනයේත් හෙට
නොසලන්නෙමි පුතේ යළි කඳුළක් බිමට

Comments

  1. Hmmmmm..this is so nice. keep it up :)

    ReplyDelete
  2. ඔයාට මේක තව ටිකක් ට්‍රයි කරන්න තිබ්බ..... ම්ම්ම් සමහර තැන් වල කවියේ තාලය ඔයා නැති කරගෙන :(


    සිනහා වෙනවා නම් ඔබ දිනයේත් හෙට????

    මංදා :)

    අනූ :)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..