මහදේ වසන්තය..
සිහින් සිරිපොද ලෙසින් වත් ඔබ
මා වෙතට එනවා නම් පෙම්වත
තෙමෙන්නම් සිසිරයේ සීතල
නොතකලා මේ සිරිපොදේ..
ගිමන් කාලේ වියළි පත් රැඳි
සුවඳ සේ ඔබ ඒ නම් සබඳ
ගිම්හානය උසුලාන ඉන්නම්
නුඹට මවෙතට එන්න ඉඩ හැර...
සයුරු තෙර කළඹවා හමනා
රුදුරු කුණාටුවක වෙස් ගෙන
එනවා නම් ඔබ මා සොයාගෙන
ගසාගෙන යන්නම් ඒ කුණාටුවේ..
වසන්තයේ පිපි මලක් ලෙස නොව
සරත් කාලේ වියළි සුළඟක් ලෙසින් වත්
එනවා නම් ඔබ, මා හදෙහි
වසන්තය උදාවෙවි සබඳ...
මා වෙතට එනවා නම් පෙම්වත
තෙමෙන්නම් සිසිරයේ සීතල
නොතකලා මේ සිරිපොදේ..
ගිමන් කාලේ වියළි පත් රැඳි
සුවඳ සේ ඔබ ඒ නම් සබඳ
ගිම්හානය උසුලාන ඉන්නම්
නුඹට මවෙතට එන්න ඉඩ හැර...
සයුරු තෙර කළඹවා හමනා
රුදුරු කුණාටුවක වෙස් ගෙන
එනවා නම් ඔබ මා සොයාගෙන
ගසාගෙන යන්නම් ඒ කුණාටුවේ..
වසන්තයේ පිපි මලක් ලෙස නොව
සරත් කාලේ වියළි සුළඟක් ලෙසින් වත්
එනවා නම් ඔබ, මා හදෙහි
වසන්තය උදාවෙවි සබඳ...
ඔයා ඉන්න මම එන්නම් :)
ReplyDeleteඅනූ :)
එනවා නම් ඔබ
ReplyDeleteකල්පයක් වුව බලාන ඉන්නම්....
ඔබ පතන වසන්තය
ReplyDeleteඋදා වනු ඇත කෙදිනක හෝ
එහෙත් පැතුම් පොදි නොබඳිනු මැන සබඳ
අපි ට අපිවත් හිමි නැති ලොවක...........
අපිට අපිවත් හිමි නොවෙන
ReplyDeleteලොවක ඉපදුනු අප
කුමට හඬනවද අයිති නැති
අනුන්ගේ ලෝකවලට....
නේද මහි..?