සදාකල් එකම පැතුම...
වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි
සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි
මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි
ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි
සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන
යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින
පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන
කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන
ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා
ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා
දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා
හිමියන් සයුර මැද සටනක බව දැනුණා
තනිවම පැලේ මා මේ රැය ගෙවන කල
මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ
එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල
ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ
සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි
මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි
ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි
සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන
යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින
පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන
කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන
ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා
ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා
දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා
හිමියන් සයුර මැද සටනක බව දැනුණා
තනිවම පැලේ මා මේ රැය ගෙවන කල
මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ
එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල
ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ
it's nice .... hmmmmm
ReplyDeleteAnu :)
@Anu..Thank you... :)
ReplyDeleteThumbs up Sizii. No words to say. all da best :)
ReplyDeleteThank you bro.. ;) HB leave ur name also..
ReplyDeleteලස්සනයි..........
ReplyDeleteතැන්කූ ඩිලී..
Deleteජය වේවා!!!
ඇත්තටම ලස්සනයි රෙඩ්
ReplyDelete(ඔයා නෙමේ නිර්මාණය...)
ඇයි මන් ලස්සන නැද්ද?? :p
Deleteතැන්කූ වේවා!! :D
lassanayi.... :)
ReplyDeleteතැන්කූ හන්ස.. :)
Delete" මගෙ අමල් බිසෝ දොර අරින්න එපා " කියල තමයි මට කියන්න වෙන්නේ
ReplyDeleteලස්සන පද පේළි ටික
හ්ම්ම්...ඒ සින්දුවත් මේකත් එක්ක යනවා තමා..:)
Deleteලස්සනට පද ගලපල තියෙනව රතු :)
ReplyDeleteතැන්කූ තරු..
Deleteජය වේවා!!
හරිම ලස්සනයි
ReplyDeleteතැන්කූ කසුන්.. :)
Deleteලස්සන පද ඩිංගක් ඈ! :)
ReplyDeleteතැන්කූ ඈ නාඩියෝ.. :D
Deleteෂා!! නියම පද වැළ.... ලස්සන අදහසක්..
ReplyDeleteකීප් ඉට් අප් !! ජයවේවා.!
තැන්කූ වේවා...
Deleteසාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :D
මැක්සා.....keep it up
ReplyDeleteතැන්කූ වේවා... :D
Deleteතනිකම, පාලුව ,බිය ,සංකව වගේ හැගීම් ගෙනහර දැක්වීම සර්ථකයි..........
ReplyDeleteධීවරි ගීතය කියල සිංහල පෙල පොතක තිබුණ කවියක් මතක් වෙනව, ක්යස් ගේ.
බොහෝම ස්තූතියි යාළු.. :D
Deleteසාදරයෙන් පිළිගන්නවා!!
අට වසරේ පෙළපොතේ තිබුණු 'ධීවරී ගීතය' පැදි පෙළ මතක් වුණා...
ReplyDeleteහරි ම ලස්සනයි රෙඩ්. චංචල සිතක මනෝභාවයන් නියම විදිහට ම පෙන්නුම් කරලා තියෙනවා.....
අම්මෝ අපිව මතක් වෙච්ච කල්..හිහිහි..
Deleteතැන්කූ වේවා දඟයෝ... :D
දගමල්ල ඔයාට මතක් වුන කවි පන්තියමයි මටත් මතක් වුනේ.... ලස්සනයි
ReplyDeleteතැන්කූ දඟකාරි.. අම්මෝ දඟයෝ දෙන්නෙක් එක සැරේ ඇවිත්... හික්ස්... :D
Delete