නුඹේ සිනා ලඟ පැරදුනු තව දිනක්..


ආයාසයෙන් හදා ගත් සිත
එක් සැණින් සසල කරනට
හැකි වුයේ කෙලෙසක
නුඹේ ඔය රුවට......


සිනා නොවුනත් ඔබ
නොබැලුවත් මා දෙස
යළි යළිත් මගේ සිත
නුඹ ලඟ ම නැවතිලා...


සති ගණන් වැර දරා
නුඹෙන් මුදවනා සිත
කාන්දමකට හසු වූ
යකඩයකි නුඹ අසල.....


වරින් වරන් මගේ සිත
පැහරගෙන යන්නේ කිම
එපා නම් නුඹට සිත
දෙන්න එය යළි මටම...


තරහා නැ මම තවම
ආදරෙයි එක සිතින්
රිදවන්න ඇති තරම්
භාර ගමි සෙනෙහසින්....


නුඹ නොදෙන හින්දා
සිනා කැන් මා මුවට
කඳුළු වුව කම් නැත
නුඹ නමින් සල්ලනෙමි....


දහක් දුක් සඟවා
හදේ නොපෙනෙන තැනක
සිනා වෙමි ලොවට මම
නුඹට දොස් වේ සිතා..


සිත හඬයි රෑ දිවා
නමුදු පළයක් නැති
දනිමි මම මෝඩියෙකි
නුඹට සිත දන් දුනි... 



නුඹේ සිනා ලඟ
පැරදුනු තව දිනක්
සනිටුහන් කරමි මම
නොනවතින කඳුළින්..


Comments

  1. රතු පාටට ඔලුව කැරකෙනවා....

    ReplyDelete
  2. හ්ම්ම්..
    ජීවිතේම කැරකෙන කොට ඔලුව විතරක් බේරෙන්නෙ නැනේ

    ReplyDelete
  3. මොනවා කියන්න ද කියලා හිතා ගන්න බෑ. මාව මොහොතක ට ගල් වුණා වගේ....

    මේ දෝංකාර දෙන්නේ මගේ හදවතදෝ කියලා හිතුණා මට....

    ලස්සන කවි ටික Red..... (y)

    ReplyDelete
  4. ආදරේ කරන..
    කරන ආදරේ විඳවන ගොඩ දෙනෙක්ගේ හදවතේ දෝංකාරය මීට සමාන ඇති මහි...

    ReplyDelete
  5. හ්ම්ම්.. අනේ මන්දා.. ජීවිතේම සොඳුරු වේදනාවක්ලු, ඒත් මේ තරමටම,.. :(

    ReplyDelete
  6. ආදරේ තියෙන්නේ විදින්න විදවන්න නෙවෙයි..

    ReplyDelete
  7. මොනවද කියන්නේ මං...... හ්ම්ම්ම්
    හරි මෙහෙම කියමු.එයාට හිත එපාම නම් තමන්ට දීලා යන එක තමයි හොද. ඒක මාත් අනුමත කරනවා.

    ReplyDelete
  8. නුඹ නොමැතිව කඳුළු දැරු නෙත
    වියළි යන්නට හදනකොට ආයෙම
    සුළගක් වගේ නූඹ ආවත් මා සොයා ගෙන
    ලං වනු බෑ අපට සැලි ගිය කඳුළු හින්දම..

    ReplyDelete
  9. Marlon- ම්ම්ම්.. සමහර විට ආදරේ විඳවන්නත් වෙනවා.. ඒක නිකන් කුම්බලා කටු කෑවානම් විඳවපන් බළලෝ කිව්වා වගේ තමා..

    Madhuranga aiya- එයා මගේ හිත සොරකම් කලෙ මට කියන්නේ නැතුව. දැන් එයා එක ගත්තේ නැ කිව්වට ආයේ හිත හම්බුවෙනවයැ මට..

    ReplyDelete
  10. Dinesh aiya-

    නෙතින් කඳුළැල්
    ගිලිහෙනවා නම්
    ඉඩ දෙන්න මට
    පිසලන්න කඳුළැල්

    ReplyDelete
  11. Prarthana akki.. adare mokakda kiyanna matha danne ne.. akkiyo.. eka wendanawakda.. nethnam lassana heenayakda kiyala mata hitha ganna be..

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..