කැම්පස් එකෙන් ඇහුණු කතා 1

අද නම් මම කියන්න යන කතාව ලෙක්චස් යන්නේ නැතුව කැන්ටිමට වෙලා අල වෙලා හිටපු වෙලාවක ඇහුණු එකක්. මට වුණු ඒවා එහෙම නෙවෙයි ඕන් ඇහ්..


ඔන්න ඉතින් අපේ කොල්ලෙක් කැම්පස් ආපු අලුතම වගේ තව යාළුවෙකුත් එක්ක [යාළුවා කෙල්ලෙක් මයේ හිතේ] පීසා කන්න කියලා හිතාගෙන පීසා හට් එකක් පැත්තේ ගියාලු. මෙයා ඉතින් කොළඹ ලඟ පාතකවත් නෙවෙයි. අපි කියනවා වගේ ඩොටේ ඩොට් ඩොට් පැත්තකින් ආපු කෙනෙක්. කවදාවත් කාලා නැති නිසා ආසා හිතුනලු පීසා කන්න. ඉතින් දැන් දෙන්නා එක්ක පීසා හට් එකකට ගිහින් ඇඹරි ඇඹරි ඉන්නවලු. මෙහෙම ඉන්නකොට ඕකේ වැඩ කරන බුවෙක් දැකලා එයාට තේරුනාලු මේ මුලින්ම හා හපුරා කියල පීසා හට් එකකට පය ගහපු දෙන්නෙක් තමයි කියල. ඒ නිසා මිනිහා කිට්ටු වෙලා ඇහුව්වලු " මොනාද මල්ලි වෙන්න ඕනේ" කියලා..
ටිකක් වෙලා එහෙ මෙහෙ බල බල හිටපු අපේ පොර කිව්වලු.. "අයියා අපිට පීසා හට් එකක් කන්න පුලුවන්ද?"
"මල්ලි පීසා එකක් නම් දෙන්නම්.. හට් එක නම් බැ.. මේක රෙන්ට් එකට අරන් තියෙන්නෙ" කියල තමයිලු පීසා හට් එකේ බුවා උත්තර දීලා තියෙන්නෙ ඕන්..

Comments

  1. red...kageda oya katawa...oya katawa athatama una ekak...ape batch eke Amith ge yaluwekuta oya seen eka une...
    -Eranda-

    ReplyDelete
  2. හරි හරි අයියේ.. සාරන්ග අයියා අපේ විටාට හරවලා කතාව කිව්වේ.. ඒකයි මම එහෙම දැම්මේ.. පස්සෙ කිව්වා වෙන කෙනෙක්ට වුණේ කාටද කියලා මතක නැ කියලා.. :D

    ReplyDelete
  3. අපේ එකෙකුත් ඩයින්මෝ එකට ගිහින් ඩයිනමෝ එකක් ඉල්ලලා තිබ්බලු. තව එකෙක් රෝලර් කෝස්ටර් එකකුත් ඉල්ලුවා කියලයි ආරංචිය.

    ReplyDelete
  4. හෙහ් හෙහෙ.. එහෙනම් කොහෙත් එක ජාතියෙ කට්ටිය ඉන්නවා වගේ.. :D

    ReplyDelete
  5. හි හී... මරු කතාව. :D :D
    මම ඇත්තට ම හිතුවේ මඩක් කියලා. එරන්ද අයියගේ කමෙන්ට් එකෙන් තමයි දැන ගත්තේ ඇත්ත සිද්ධියක් කියලා......... :)))))

    ReplyDelete
  6. හම්මෝ........ කතා නායකයට එතනම පොළව පලාගෙන යන්න හිතෙන්න ඇති.. :) :)

    ReplyDelete
  7. මහි- හික්ස්.. මාත් මුලින් හිතුවේ මඩක් කියලා තමා.. පස්සේ තමා ඇත්තම කියලා දැනගත්තේ.. තව කතා ගොඩක් අහගත්තා. ඒවා බ්ලොග් එකක දන්න තරම් සුදුසු නැ වගේ.. මොනා වුනත් මට දාන්න මොකක්ද වගේ.. ;)

    ICe- එතනදි නම් නඟා පොළොව පලාගෙන යන්න හිතෙන්න ඇති.. ඒත් ඉතින් ඔය කතාව ඔහොම කැම්පස් එකේ කියන කොට නම් මොනාවා පලාගෙන යන්න හිතෙනවද දන්නේ නැ..

    ReplyDelete
  8. පව්! අපිට උනත් නොදන්න තැනක නොදන්න දෙයක් පළවෙනි පාරට කරන්න ගියොත් ඔහොම වෙන්න බැරි නෑ...

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත.. මේවා කට්ටියට මඩ ගහන්න යොදා ගන්න කතා පූසෝ..

      Delete
  9. හප්පා වස ලැජ්ජාවනේ.. ඒත් මගේ අදහසනම් මෙහෙම දෙවල් වලට හිනාවෙන එක වැරදියි..

    ReplyDelete
    Replies
    1. නැ ඉතින් කට්ටිය සෙට් වුනාම කියලා බයිටක් දානවා.. ඔය කතාව හැම බැච් එකකම කාට හරි හරවලා කියනවා..

      Delete
  10. හට් එකක් කොහොමෙයි කන්නේ. ඒක තමා ප්‍රශ්නේ.
    මාත් එකම එක පාරක් කාලා තියෙනවා. නමුත් හට් එකකට ගිහින් කාලා නෑ. ගිහින් මොනාද ඕඩර් කරන්නේ කියලා හිතෙනකොට යන්න හිතෙනවා යෑ

    ReplyDelete
  11. සිරා කතාව.. බ්ලොග් එකේ බැක්ග්‍රවුන්ඩ් අවුල් වගේ නේද?

    ReplyDelete
    Replies
    1. ටිකක් අවුල් වෙලා තිබ්බා.. දැන් හරි මයෙ හිතේ..

      Delete
  12. කතාව හරි. පොර පීසා එකත් කාලා හට් එකත් කෑවොත් පීසා හට් එකේ එවුන් ආයි බිස්නස් කරන්නේ කොහෙට වෙලාද ????

    ReplyDelete
  13. පිස්සු නැත්තං ශෝක්........ :P

    ~Åñúhäs~

    ReplyDelete
    Replies
    1. හික් හික්.. ඔහොම තමා අනේ..ඕවා හැබැයි කට්ටියට මඩ ගහන්නත් යොදාගන්නවා පසුකාලීනව..

      Delete
  14. පිස්සු බම්ප් වෙනවා ඈ!

    ReplyDelete
    Replies
    1. හික්ස්... බවුන්ස් වෙනවා... :D

      Delete
  15. අපේ උඩ ගෙදර අයියලා වගයක් හිටියා.. හද්ද ඩොටේ තමා.. දවසක් පීසා හට් එකට ගිහින් පීසා වගයක් අරන් ඇවිත් අපිටත් දෙකක්ද කොහෙද ගෙනල්ලා දුන්නා..
    "ඹන්න මල්ලි මං මල්ලිලාට දෙන්න පීසා හට් දෙකක්ම ගෙනාවා" කියලා..
    බඩ අල්ලන් උන්නෙ හෙන ගේමක් දීලා..

    ReplyDelete
    Replies
    1. හික්ස්.. එහෙම වෙලාවට හිනාව තද කරගෙන ඉන්නම වෙනවා තමා...
      නැත්නම පව් නේ :D

      Delete
  16. පව් අප්පා.......

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..