නොමියන සිහිනය


දෙන්නට හැකිනම් ඔබට
එකම එක දවසකට
හඬා වැටෙනා මගේ නෙත්
දකීවී නුඹ කොතරම්
වටිනවාදැයි නුඹව මට


පිවිසෙන්න හැකිනම් ඔබට
එකම එක සැරයක්
ගල් වෙච්ච මගේ හිතට
දකීවී නුඹ පිරී තිබෙනා
මගේ හද නුඹ නමින් ම


වෙන්නට හැකිනම් ඔබට
එකම එක වාරයක්
හුදකලා මගේ සිතුවිල්ලක්
පෙනේවී නුඹට සිතුවිලි
අරක් කරගත් නුඹේ මතක


වෙන්නට හැකිනම් ඔබට
එකම එක මොහොතකට
මගේම විතරක් ලෝකයෙන්ම
දැනේවි නුඹට සිත පුරා
ගලා හැලෙනා සොඳුරු පෙම


දකින්නට හැකිනම් ඔබට
එකම එක වරක්
ලොවම මාගේ නෙත් තුලින්
නුඹටම පෙනේවී නුඹව
සදා නොමියන සිහිනය ලෙසින්..

Comments

  1. එබෙන්නට හැකිනම් නුඹට
    මගේ ලෝකෙට එකම එක වතාවකට
    දකිවි නුඹ මගේ පැතුම් ගොන්නම
    නුඹ නමින් විතරක්ම පැතුව...

    ReplyDelete
  2. මේ ගලන කඳුළු
    ගිනි කන්දකින් වැටෙන ලෝදිය වී
    නුඹ මතට කඩා හැළුනා නම්,
    මා දැවෙන තරමක්,
    නුඹට දැනගන්නට තිබුනා,.

    මේ ගැහෙන හදවත,
    වේදනා විඳින තරමක්,
    මගේ හදවතේ ලේ බිඳුවක් වෙලා
    නුඹ ගලා ගියා නම්,.
    නුඹට දැනගන්නට තිබුනා,..

    මේ ලියන කවි පද,
    මගේ සුරතේ ‍රැ‍ඳෙන පන්හිඳ වී
    නුඹට පෙනුනා නම්,
    මා පෙම් කරන තරමක්,
    නුඹට දැනගන්නට තිබුනා,.

    මේ මම මාසෙකට විතරකලින් ලියපු කවියක්. ඔයාගේ කවිය දැක්කම මට මේක මතක් වුනා,. හරිම ලස්සනයි නගෝ ඔයාගේ කවිය,. :)

    ReplyDelete
  3. Dinesh- සත්තකටම... එකම එක සැරයක්..
    එබෙන්න මගේ හිතට
    නොදැක්කොත් මගේ පැතුම් ඔබ
    නිහඬවම නිකමයමි ඔබ වෙතින්
    යලිත් නො එන්නටම...

    බොහොම ස්තූතියි ලස්සන කොමෙන්ටුවට..

    ReplyDelete
  4. Prarthana akki- හරිම ලස්සන කවියක් අක්කියො..
    අනේ මන්දා අපි දෙන්න එකම වගේ එවා හරියට ලියනවා නේ..

    ReplyDelete
  5. නන්දා මාලිනීගේ සිංදුවක් මතක් වුනා මේක දැක්කාම...

    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියළි ගම් බිම් වලට ඉහලින්...
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොඉදෙන පැළක රහසින්..
    රැදෙන්නට හැකිනම් ළමාකැළ
    හඬන දෙතොලග සිනාවක් වී...
    පිපෙන්නට හැකිනම් තුරින් තුර
    නෙළා ගතහැකි වන මලක් වී...

    ReplyDelete
  6. ගොඩක් ලස්සනයි!

    ReplyDelete
  7. ලස්සන සින්දුවක්.. බොහෝම ස්තුතියි..පූසා

    ReplyDelete
  8. බොහෝම ස්තූතියි සබිත

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..