ජීවිත එක්ක සෙල්ලම් හොඳ නැ යාළු..

මම කාලෙකින් ලිපියක් ලිව්වේ නැ. කැම්පස් වැඩ නිසා ඒ හැමදේම මඟ ඇරුනා. ඒත් අද කාලෙකට පස්සේ ලිපියක් ලියන්න හිතුනා. එක වාගේම කතා කිහිපයක් තැන් කිහිපයක සිද්ද වෙනවා දැකලා. චරිත වෙනස්. සිද්ධීන් එක වගේ. සරළවම කියනවා නම් තමන්ගේ ජීවිතේ දුක නිවාගන්න නැත්නම් පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක් ගාවට වෙලා දුක කියනවා. ඒත් ඒ කෙනාට ආදරේ කරන්න ලෑස්ති නැ.
මේකට පාදක වෙච්ච කතා කිහිපයක්ම තියෙනවා. ඒත් මම කතා දෙකක් විතරක් තෝරගත්තා.




ඒ එකක් මගෙ යෙහෙළියකගේ බ්ලොගයේ ලියවුනු කතාවක්.


ඒ මගේ හොඳම යෙහෙළියකගේ සැබෑ අත්දැකීමක්. එයාගේ පරණ පෙම්වතා ආයෙත් ජීවිතේට ඇවිත්. ඒත් ආයෙත් සම්බන්ධයක් පටන් ගන්න බැ, මොකද එයාට දැනටමත් වෙන ගැනු ලමයෙක් ඉන්නවා. ඒත් ඒ ගැනු ලමයට මෙයාව තේරුම් ගන්න බැ. එ නිසා දුක් විඳ විඳ තමා ඉන්නේ. එයාගේ පරණ පෙම්වතා කියන විදිහට එයාව තේරුම් ගන්න පුළුවන් එකම කෙනා මගේ යෙහෙළිය විතරයි. ඒත් එයාට එයාගේ දැන් තියෙන සම්බන්ධය නවත්තන්න බැ. මොකද ඒක ගෙවල් වලිනුත් කතා කරලා ඔක්කෝම ලැස්ති කරලා තියෙන්නෙ. ඒත් එයා කියන විදිහට කවදාවත් ඒ දෙන්න සතුටින් ඉන්න එකක් නැලු.


අපි මේ සෙල්ලම් කරන්නේ ජීවිත එක්ක නේද?
එයා ආයේ මගේ යෙහෙළියගේ ජීවිතේට ඇවිත් හදා ගෙන තිබිච්ච හිත ආයෙමත් අතීතය අස්සේ අතරමං කරවලා..ඒ වගේම එයා එයාගේ අනාගතයම දැන දැනම විනාශ කර ගන්නවා. එයාගේ විතරක් නෙවේ.. ඒ අනිත් ගැනු ලමයාගේ අනාගතයත් අඳුරු කරනවා. එයලා කසද බැඳලා සතුටින් ඉන්න බැ කියලා එයා දන්නවා නම් ඇයි දෙයියනේ බඳින්නේ? අපි කසාද බඳින්නේ ආදරේ කරන කෙනා එක්ක මුළු ජීවිත කාලෙම ඉන්න හිතාගෙන.. එහෙම නැතුව කසාද බඳින්න ඕනේ නිසා බඳිනවා නෙවෙයිනේ.. අනික ඒක කොලේක අත්සන් කරනවාට වඩා වැඩි දෙයක්.. අපි බඳින කොට මුළු ජීවිත කාලෙම දෙන්නාට දෙන්න විශ්වාසවන්තව ආදරෙන් ඉන්නවා කියලා ප්‍රතිඥා දෙනවා. ඒත් ඇත්තටම ඔහොම දෙන්නෙක්ට එහෙම ඉන්න පුලුවන්ද? කසාද බඳිනවා කියන්නේ අම්මලා තාත්තලා බඳිනවා නෙවෙයි.. ඔයා බඳිනවා නම්.. ඒ ඔයාගේ ජීවිතේ.. නිකරුනේ මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවාට වඩා කොන්ද කෙළින් තියාගෙන නිවැරදි තීරණයක් ගන්න එක හොඳ නැද්ද? දෙන්නට දෙන්නා ගැලපෙන්නෙ නැත්තම් කසාද බැඳලා දික්කසාද වෙනවාට වඩා හොඳයිනේ බඳින්න කලින් කතා කරලා වෙන්වෙන එක. තමන් ආදරේ කරන කෙනා තමන්ටත් ආදරේ නම් ඒ ආදරේට පිටුපාලා යන්න එපා මොනම හේතුවක් නිසාවත්.. අන්තිමට ජීවිත ගොඩක් අතරමං වෙයි..


දැන් මන් කියන්න යන්නේ දෙවෙනි කතාව..


මේක මගේ ජීවිතේටත් සම්බන්ධ වෙලා තිබුනා. ඒත් දැන් නම් මම මේ කතාවේ චරිතයක් නෙවෙයි. තමන්ගේ පාළුව නිවාගන්න තමන්ට ආදරේ කරන කෙනෙක්ව තමන් ලඟ තියාගන්න එක ගැන ඔයාල මොකද හිතන්නේ..? කවදාවත්ම තමන් ඒ කෙනාට ආදරේ කරන්නේ නැ කියලා හොඳටම දැන දැන ඒත් තමන්ගේ පාළුව නිවාගන්න.. දුක නිවාගන්න.. තමන්ගේ වැඩ ටික කරගන්න.. ඒ කෙනාව ඉත්තෙක් වගේ පාවිච්චි කරනවා නම්..?


මතක තියාගන්න.. ඒ ඔයාලා සෙල්ලම් කරන්නේ ජීවිතයක් එක්ක.. මීට සමාන දේවල් ඕනේ තරම් සිද්ධ වෙනවා.. මගේ යෙහෙළියගේ කතාවේ උනත් සමහර විට එයාගේ පරණ පෙම්වතා දුක නිවාගන්න මගේ යෙහෙළිය එක්ක කතා කරනවා වෙන්න පුළුවන්..


තමන් ආදරේ කරන්නේ නැ කියලා දන්නවා නම් කවදාවත් තමන්ට ආදරේ කරන කෙනෙක්ව ඔයාලා ලඟ තියාගන්න එපා.. එයා ඔයා ලඟ ඉන්න හදනවා වෙන්න පුළුවන්.. ඒත් ඔයාට පුළුවන් එයාගෙන් අයින් වෙලා ඈතට යන්න.. මොකද එයා ලඟ ඉන්නවා කියන්නේ එයාගේ බලාපොරොත්තු එන්න එන්නම වැඩි වෙනවා කියන එක..  මනුස්සයෙක්ගේ ජීවිතයක් අඳුරු වෙන්න යන්නේ මිනිත්තුවකටත් වඩා අඩු කාලයක්..


ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි.. ඒක ජීවිතේත් එක්ක බද්ධ වෙලා තියන දෙයක්.. තමන්ට ආදරේ කරන කෙනෙක්ව පාවිච්චි කරන්න එපා..


අනිත් කාරණාව නම්.. කෙනෙක්ට ආදරේ නාමයෙන් ඔයාව පාවිච්චි කරන්න දෙන්නත් එපා.. එයා ඔයාට ආදරේ නැ කියලා ඔයාට දැනෙනවා නම් එතැනින් අයින් වෙලා යන්න.. එයාට ඔයාව පවිච්චි කරන්න දෙන්න එපා.. එයාට පාළු හිතුනාම නම් ඔයාව මතක් වෙන්නේ.. එයාගේ වැඩක් කරගන්න ඕනේ වුනාම නම් එයාට ඔයාව මතක් වෙන්නේ... මතක තියාගන්න එයා ඔයාගේ ආදරෙන් ප්‍රයෝජන ගන්නවා.. ඔයා ඉත්තෙක් වෙලා විතරයි..


මම දන්න දෙන්නෙක් අතරේ මේ දේ මේ විදිහටම වෙනවා.. මම කොල්ලට විතරක් වැරදියි කියන්නේ නැ.. කෙල්ලොත් දැන ගන්න ඕනේ තමන්ට අයිති නැති තැනින් අයින් වෙලා යන්න ඕනේ කොයි වෙලාවටද කියල.. මොකද එයා කොච්චර උනන්දුවෙන් ඒ කොල්ලගේ වැඩ කරලා දුන්නත් ඒ කොල්ලා එයාට ආදරේ කරන්නෙ නැත්නම් ඒක කවදාවත් වෙන්නෙ නැ.. තමන්ගේ ගෞරවය තියාගෙන අයින් වෙලා යන්න..


මේ කතාවම පිරිමි ලමයින්ටත් පොදුයි.. ගැනු ලමයෙක්ට ඔයාව මතක් වෙන්නේ එයාට වෙන කවුරුත් නැති උනාම නම්.. ඒ ආදරේ කියලා වරදවා තේරුම් ගන්න එපා.. ඔයා ටයිම් පාස් එකක් විතරයි එයාට.. එතැනින් අයින් වෙලා යන්න.. මොකද ඔයා ගොඩාක් වටින කෙනෙක්.. අපිව සුවිෂේශි විදිහට සළකන කෙනෙක් ලඟ තමා  අපි ඉන්න ඕනේ.. එහෙම නැතුව අපි ටයිම් පාස් එකක් විදිහට පාවිච්චි කරන කෙනෙක් ගාව නෙවෙයි.. අද ලිපිය සාහිත්‍යමය ගතියෙන් අඩු ඇති..ඒත් ජීවිතේ ඇතුලේ දෙයක් කියන්න කරන්න කලින් කිහිප සැරයක් හිතන්න.. ජීවිත කියන්නේ වෙලාවකට වීදුරු වගේ.. එක සැරයක් කැඩුනොත් ආයේ හදන්න බැ.. ඒ නිසා.. ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.. තමන්ගේ ජීවිතේ එක්ක වෙන කෙනෙක්ට සෙල්ලම් කරන්න දෙන්නත් එපා..

Comments

  1. හ්ම්ම් පළමු කතාව සිද්දිය මම කියුව්වා. අක්කා කියලා තියෙන දේ හරි.
    ඒ පිරිමි ළමයා ආයෙමත් ඒ අක්කාගේ හිතට ඇවිත් එයාව අසරණ කරන එකයි කරන්නේ.
    මටත් ඔය දේ අදාළ වුනා කාලෙකදී. එත් මම ඒ දේ දැන් අතැරලා අමතක කරලා ඉන්නේ.
    හිතන්නෙවත් නැති වෙලාවක ඒ කෙනා බැදලා යයි. එතකොට අපි ජිවිත අවුල් කරගෙන ඉවරයි.
    අපේ ජිවිත කාගේවත් අතේ ඉත්තෙක්‌ වෙන්න දෙන්න නරකයි..

    දෙවෙනි කාරනේදී ත් එකයි අක්කා සමග මම. කෙල්ලත් දැනගන්න ඕනා. එත් ඒ සමගම එක කොල්ලටත් අදාලයි.
    ටයිම් පාස් කරගන්න කෙනෙක්ව ආශ්‍රය කිරීම පාපයක්. එක ට කවදාහරි පනිෂ්මන්ට් හම්බෙනවා..

    ReplyDelete
  2. ඔය පළවෙනි සිද්ධියේනම් මට කියන්න තියෙන්නේ ඒ කොල්ලටයි කෙල්ලටයි දෙන්නටම පිස්සු!

    මම යාළු වෙලා උන්නු උදැලත් මට ඕකමයි කළේ... 'ආදරේ' කියන වචනෙට මුවා වෙලා මාව කඩේ යැව්වා :D

    ReplyDelete
  3. දෙවනි කතාව මගෙත් ජීවිතේට සම්බන්ධයි වගේ... හ්ම්ම්ම්ම්

    ReplyDelete
  4. හ්ම්ම්ම්.... ඔය පළවෙනි කතවෙ සිද්ධිය හා සම්බන්ධ අත්දැකීමක් මටත් තිබුණා..:/

    දෙවෙනියට කියලා තිබුණු සිද්දිය හා සම්බන්ධව ඔයා කියලා තිබුණු සියළු කරුණු හා මම එකගයි..

    ReplyDelete
  5. අහ්හ්... මගෙ අත්දැකීමත් ලස්සන ට ලියලා තියෙන්නේ.......... :D :D
    ඔයා කියලා තියෙන්නේ ඇත්ත තමයි යාළු. මම දැන් ගොඩක් දේවල් තේරුම් අරන් ඉන්නේ.....
    හොඳ වටිනා ලිපියක්....

    ReplyDelete
  6. අපි කාගෙත් ජීවිත වලට සම්බන්ද කතාවක්..

    ReplyDelete
  7. ඉතාම වැදගත් ලිපියක්...මම සම්පුර්ණයෙන්ම එකඟයි..

    ReplyDelete
  8. මේකේ තරු දෙන්න තැනක් නැද්ද? මොකද ඔයාට තරු 10ක්ම දෙන්න ඕන. ඒ සිද්ධි දෙක ගැන ඔයාගේ අදහස් සහ පොදුවේ ඔයා කියපු හැම අදහසකටමත් 100% ක් එකඟයි. මොනම විදියකට හරි කෙනෙක්ට බොරු බලාපොරොත්තු දීල ජීවිතයක් එක්ක සෙල්ලම් කරන එක නම් මහම පවක්. ඒවට කාට වුනත් කවද හරි වන්දි ගෙවන්න වෙනවා. අනිත් එක ආදරේ කරද්දී කෙලින් තීරණ ගන්න ඕන. එහෙම නැති වුනාම තමනුත් අනිත් අයත් නිකරුනේ විඳවනවා.

    නියම ලිපියක්!

    ReplyDelete
  9. apita godak adarei kiyala hithan inna aya apiwa use karanne paluwata kiyala danenne apita hondatama duka danila ridenna nathi tharamata hitha ridunatath passe..ethakota e kenagen ath wela giyath duka danenawa neda...

    ReplyDelete
  10. වර්ණා- සමහර විට පනිශ්මන්ට් නෙවේයි.. තමන්ට ඇත්තටම ආදරේ කරන කෙනා හැමදාටම නැති වෙනවා වෙන්නත් පුළුවන්.. ඒ නිසා කොහොමත් ආදරේ එක්ක සෙල්ලම් කරන්න හොඳ නැ තමා..

    ReplyDelete
  11. පූසා-ම්ම්ම්... අපි හැමෝම නොදැන ඔය කඩේ යාම කරනවා.. ඒත් කඩේ යවනවා කියල තේරුනාම ඒක නවත්තලා අයින් වෙන්න දැන ගන්න ඕනේ..

    ReplyDelete
  12. සුදු හංසි- ඔය කතා අපි කාගෙ කාගෙත් ජීවිත වලට ටික ටික සම්බන්ධයි තමා.. :)

    Tharindu- that comment says everything.. so thank you..

    හිතු -ම්ම්ම්.. ඔයා අර මන් කියපු කෙනාගේ බ්ලොගයේ දාල තිබුනු කොමෙන්ටුව මන් දැක්කා.. ඒ කතාව හරියටම හරි.. මැරුණු උන් ආයේ එන්නේ අපේ ආත්මය උරා බොන්න තමා.. :)

    ReplyDelete
  13. මහි- ඔයා හරි කෙලින් තීරණයක් ගත්ත එක ගැන මම හරිම සතුටුයි.. :)

    දිනෙශ් අයිය- ඇත්ත.. ටික ටික හරි සම්බන්ධ නිසා තමමේ ගැන ලියන්න හිතුවේ..:)

    ReplyDelete
  14. අසරණයා- මෙතන වැරද්ද එක් කෙනෙක්ගෙ කියලා කියන්න බැ.. අපි හැමෝම සමහර වෙලාවට මේ දේට වැරදි.. අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන එකත් වැරදියි.. ජීවිත එක්ක සෙල්ල්ම් කරන එකත් වැරදියි.. හැමෝම දේවල් හරියට තේරුම් ගන්න ඕනේ.. :)

    ReplyDelete
  15. සයුරි- බොහෝම ස්තුතියි..

    කසුන්- තරු නැතුවට කමක් නැ අයියා.. ඔයාගේ comment එක වටිනවා.. ඇත්ත.. අපි ජීවිතේ ඇතුලේ වැනෙන තීරණ ගන්න කොට ඒ තීරණ එකක් වැනෙන්නේ අපේ ජීවිත විතරක්ම නෙවෙයි.. ඒත් එක්ක බද්ධ වෙලා ඉන්න අනිත් අයගේ ජීවිතත් හුළඟට අහුවෙනවා..

    ReplyDelete
  16. මධු 1- මධුලා දෙන්නේ කොමෙන්ට් කරලා තියෙන නිසා 1 කියලා දැම්මේ යාළු.. මෙහෙමයි.. අපිට ටිකක් කල් යනකොට තේරෙනවානේ කෙනෙක් ඇත්තමට අපි ලඟ ඉන්නවද නැත්නම් එයාට පාළු වුනාම විතරක් ඉන්නවද කියලා.. ඉතින් ඒ තේරුම් ගත්ත වෙලාවට අයින් වෙලා යන්න යාළු.. මොකද.. කොච්චර ලඟ හිටියත් එයා කවදා හරි දුරස් වෙලා යනවා එයා ආදරේ කරන කෙනෙක් ලැබුනාම.. ඉතින් ඒ දවස වෙනකන් අපි එයාගේ පාළු කපන්න ඕනේ නැ නේද?

    මධු 2- හ්ම්ම්ම්... :)

    ReplyDelete
  17. red, better if u can start a counseling service to those who meet with those probs. I think u can handle such cases very well.

    ReplyDelete
  18. දෙවෙනි කතාව නම් මගේ ජීවිතයට ගොඩක්ම සම්බන්ධයි.

    ReplyDelete
  19. Anno- hehe.. oh yeah.. that's what i missing in my life now.. but anyway i will think about it in future.. thank you.. :D

    ReplyDelete
  20. මදුරංග අයියා ඇත්ත මේ කතා පොඩ්ඩ පොඩ්ඩ හරි අපේ ජීවිත වලට සම්බන්ධයි.. :)

    ReplyDelete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. දෙවෙනි එක නම් නියමයි...

    ReplyDelete
  23. අනේ මන්දා, හැමෝටම මොලයක් තියෙන එකේ ඇයි ඉතින් ඒක එයාලා පාවිච්චි කරන්නේ නැත්තේ කියන එකයි මට ප්‍රශ්නේ!

    ReplyDelete
  24. akkio,man aayeth ava.

    If you have much time please visit my blog!

    ReplyDelete
  25. 100%ක්ම ඇත්ත....ජීවිතේට ටිකක් නෙමෙයි ගොඩක් සම්බන්ධයි වගේ

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..