මා නම් සඳකි පොළවට බට..
සූර්ය රාජයා සයුරු පත්ලේ සැඟවෙන්න යද්දී සඳවතී සුපුරුදු ලෙසින් නිශායාමය එකළු කරමින් ගුවන් ගැබ වෙත පිවිසියා ය. කහ පැහැති සේද සළුව විසුරුවමින් ඇය රාත්‍රිය ඒකාලෝක කළේ ය. ලා කහ පැහැති රීදී සේලය මහ පොළොවේ ගස් මත, තැනිතලා මත ඇතුරූ ඈ තම සිරුරේ රශ්මි කදම්භයෙන් සුදු පාට මල් වලට ජීවය දුන්නා ය. කුරුළු කූඩූ වල නිදා සිටි චූටි කුරුළු පැටවුන්ට සීතල නොදැනෙන සේ ඈ සුළඟ ඈතට ඈතට තල්ලු කළා ය. සියල්ලම නිහඬය. තමාට අයත් කාර්යයන් අවසන් කළ සඳවතී වටපිට බැලී ය. හාත්පසම සිඹින ලද නිහැඬියාවෙන් ඇය වෙහෙසට පත් විය. ලොවම නිදිගන්නා වේලාවේ තමා පමණක්ම ලොව දෙස බලා සිටීම ඇයට වෙහෙසකර විය. සියල් දිනයන් ඒකාකාරීය.. ඇයට සිතුණි. "මගේ දිවිය නම් ඒකාකරි බවින් පිරුණු කිසිදු සතුටක් නැති දිවියකි." ඇය කීවා ය. තමා හැර අනෙකෙකු නැති මේ රැයේ තමාට පිළිතුරක් හමු නොවෙන බව ඈ සිතුවා ය. නොදැනීම ඈට සුසුමක් හෙළුනි. හදිසියේ ඈට කවුරුන්ද තමා අමතන හඬක් ඇසුණි. "කවුරුන්ද ඒ? මා හට අඬගසන්නේ.." ඇය එදෙසට පාවී ගියා ය. "සඳ රාජිණියනි.. ඔබේ රුව නම් මායාකාරී ය.. මන්මත් වන සුළු ය.. ඔබේ රුව විඳගන්න ඔබේ පහසේ තැවරෙන්න ඉඩ හරිනු ම...