ඉරාකයේ දියණිය.. මයාඩා.. ~Daughter of Iraq "MAYADA"~

බ්ලොග් පොස්ට් එකක් ලියන තරමටම මගේ හිත සසල කළ නිර්මාණයක් තමා මේ පොත.. ජීන් සැසොන් කියන ලේඛිකාව විසින් රචිත මයාඩා අල් අස්කාරි නම් ඉරාක ජනමාධ්‍ය‍වේදීනයකගේ සත්‍ය කතාව. ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන්ගේ පාලන සමයේ සිදුවූ ඛේදනීය සිද්ධීන්ගෙන් තමා මේ පොතේ පසුබිම වෙලා තියෙන්නේ.අපි සමහර වෙලාවට අපිට නොලැබී තිබෙන දේවල ගැන වද වෙනවා.ඒත් මොහොතක්වත් අපි සතුව තිබෙන දේවල් අගය කිරීමක් නැ. මයාඩාගේ පොතින් හෙලිවන දේවල් දිහා බැලුවාම ජීවිතය කියන්නේ මොනතරම් අවිනිශ්චිත දෙයක් කියලා හිතෙනවා. ඒ තරමට ඉරාකය තුළ අහිංසක මිනිසුන් වද හිංසා වලට මූණ පානවා. සමහර විට උදේ ගෙදරින් යන  කෙනා හවසට ගෙදර එයිද කියලා කියන්න බැ. ඒ තරමට සදාම් හුසේන්ගේ බලය ජීවිත පුරා පැතිරිලා.විදුලි සැර වැද්දවීම්.. කස පහර දීම්.. මුස්ලිම් පිරිමි කෙනෙකුට කළ හැකි ඉහලතම නිග්‍රහය වන දූෂණය කිරීම්.. මේ සිරගෙදර එමටය. මනුෂ්‍යත්වයට නිගා කළ මිනිසුන් අතරේ තමන්ගේ පවුලේ අතීතය නිසාම බේරී ආ කාන්තාවකගේ කාතවක්.
සදාම් හුසේන් හා ඔහුගේ පවුලේ සැබෑ තත්ත්වය හෙළි කරන කතාවක්. 
මයාඩා ජනමාධ්‍යවේදීනයක්. ඇය ඔටෝමාන් රජ පෙළපතට නෑකම් කියන ප්‍රභූ කතකි. සදාම් හුසේන් 2003 දී බලයෙන් පහවීමෙන් පසුව ඇය තම ජීවිත කතාව ලොවට හඬ ගා කීවා ය. සදාම්ගේ මාළිගා, වධකාගාර පිළිබඳව ලොවටම කීමට ඇය පසුබට නොවීය. කියවලා නැති කෙනෙක් ඉන්නවා නම් කියවන්න හොඳ පොතක්. කතාව කියවලා නැති අය වෙනුවෙන් එයින් කොටසක් පළ කරන්න මං හිතුවේ කතාව කියවන්න ආශාවක් ඇති කරවන්න හිතාගෙන.. :)




මයාඩා අසල සිටි කාන්තාවක දෙස බලා වතුර වීදුරුවක් ගෙන එන ලෙස ඉල්ලුවා ය. කාන්තාවෝ කීප දෙනෙක්ම එයට ඉදිරිපත් වූ හ. ආලියා කෝප්පයක් ගත් අතර එමාන් ගුරුලේත්තුව අතට ගත්තා ය. මයාඩා කුඩා වතුර කෝප්පය සමාරාගේ දෙතොලට ළං කළා ය.
"බොන්න"
වතුර බොන අතරදි සමාරාගේ දෑත වෙවුලන අයුරු පෙනිණි.
"මගේ ආදරණීය සහෝදරියට ස්තූතියි"
සමාරා කතා කරන හඬ අසා සතුටට පත් කාන්තාවෝ ඇය වට එක් රැස් වූ හ.
"මම ඔයාව පරීක්ෂා කළා.ජීවිත හානියකට දෙයක් නැහැ වගේ පේන්නේ.ඒත් ටික දවසක් ඇඳේ ම විවේක ගන්න.ඔයා අපිව හරියට බය කළා," යි ආචාර්ය සභා පැවසුවා ය.
"මට විවේක ගන්න ඉඩ දුන්නොත් ඉන්න පුළුවන්.උන් ගේ අවධානය දැන් එන්න එන්න ම වැඩියි.මට ඇහුණා කවි ගැන කියනව.මාත් කවි පෙළක් දන්නවා." යි මයාඩා දෙස බලමින් සමාරා පැවසුවා ය.

"මුලින් ම සනීප වෙලා ඉන්න සමාරා,"යි මයාඩා පැවසුවා ය.
"ඇවිදින්න බැරි වුණත් මට කතා කරන්න පුළුවන්.මුලින් හිටි හිර ගෙදරදි එක ගෑනු කෙනෙක් බිත්තියේ මේ කවිය ලීවා.නමක් නැති ඒ කාන්තාව දුක් විඳලා මැරුණත් කවිය නිසා එයාගේ කොටසක් ජීවමාන යි. මම ඒ කවිය කරපාඩම් කළා. මම හැමදාම ඒක මට ම කියා ගන්නවා."
"පස්සේ ඒ කවියට අපිටත් කියන්න." යි සභා කීවා ය.
"නැහැ. මට ඒක දැන් ම කියන්න දෙන්න අනේ.."
මයාඩා ආචාර්ය සභා දෙස බැලුවා ය.
"හරි එහෙනම් කියන්න.ඒත් ඕනෑවට වැඩිය මහන්සි වෙන්න එපා,"යි සභා පැවසුවා ය.
සමාරා වරින් වර නවත්තමින් කවිය කියවන්නට වූවා ය.



මගේ නිවසින් ඔවුන් මා රැගෙන ගියා
මගේ දරුවන් ඉල්ලා සඬන විට ඔවුන් මගේ
කම්මුලට ගැහුවා
ඔවුන් මා හිර කළා
මා නොකළ වරදකට ඔවුන් මට චෝදනා කළා
ඔවුන් මගෙන් නින්දිත අන්දමින් ප්‍රශ්න කළා
නපුරු අත්වලින් උන් මට වද දුන්නා
සිගැරැට් කොටවලින් මා පිළිස්සුවා
මගේ දිව කැපුවා
උන් මා දූෂණය කළා
මගේ පියයුරු කපා-දැමුවා
වේදනාවෙන් බියෙන් මා තනි ව වැළැපුණා
ඔවුන් මා මැරෙන්න හැරියා
ඔවුන් මා බිත්තිය ලඟ හිටෙව්වා
මම උන් ගෙන් අනුකම්පාව අයැදුවා
මගේ දෑස් අතරට උන් වෙඩි තැබුවා
කුඩා වළක මගේ සිරුර වැළලුවා
ඔවුන් මා රෙදිකඩක් නැති ව මා වැළලුවා
මගේ මරණයෙන් පස්සේ මා අහිංසක බව 
උන්ට ඔප්පු වුණා..


Daughter of Iraq by Jean Sasson
ඉරාකයේ දියණිය මයාඩා සිංහල 
පරිවර්තනය  ච්‍රිතා අයි පෙරේරා




Comments

  1. කියවා නැත්තෙමි.. කියවීමට කැමැත්තෙන් පසු වෙමි. මෙවර අනිවාර්යයෙන් ම ගත යුතු ය!!
    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. අනිවා කියවන්න.. හොඳ පොතක්.. ජය වේවා..:D

      Delete
  2. මම මේ පොත නම් කියවලා නෑ. හොයාගෙන කියවන්ඩ ඕනේ..
    සොෆ්ට් කොපියක්වත් තියෙනවනම් මරු.. !!! හොයලා බලන්ඩ ඕනා.

    ReplyDelete
    Replies
    1. හොයාගෙන බලන්න අයියේ.. හොඳ පොතක්..ඉංග්‍රීසී පොතේ නම් සොෆ්ට් කොපියක් හොයාගන්න පුළුවන් වෙයි.. ඒත් සිංහල එකේ තියෙයිද දන්නේ නෑ.. :)

      Delete
  3. අනිවාරෙන්ම කැම්පස් ලයිබ්‍රියට යන්න පුළුවන් උන ගමන් මේක හොයනවා.සඳහනක් කරගත්තා.ස්තුතියි යාළු ඔබට :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම බලන්න හිරු.. :)

      Delete
  4. අක්කි මම අදමයි මෙහෙට ආවේ...ඒ ආවෙත් මම ආසම කතාපොතක් ගැන ලියලා තියෙනවා දැකලා.

    ඉතින් මම ඔයාගෙ බ්ලොග් එක පුරාම ඇවිද්දා. ගොඩාක් ලස්සනයි.

    ඒ නිසා අද ඉඳන් මමත් මේකෙ follower කෙනෙක් :)

    ඔබට ජය!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මල්ලි.. මල්ලියෙක් නේ.. :) ජය වේවා..

      Delete
    2. ඔයා මල්ලියෙක් නෙවෙයි.. නංගියෙක් නේ.. හික්ස්..නම වකා නිසා හිතුවේ මල්ලියෙක් කියලා.. සොරි හොඳේ.. :D

      Delete
    3. අයියෝ අක්කි ඕක ගණන් ගන්න එපා :D

      Delete
  5. අදමයි ආවේ ......විහිලුවට ,කට කහනවට නෙවෙයි .බ්ලොග් එකතං හැබෑ ලස්සනයි ... ( මේ කළු පාට බැග්ග්‍රවුන්ඩ් එක නිසා ටිකක් විතර ඇස්වලට අමාරැයි අනේ .. වෙනස් කරන්න බැරිවෙයිද ?)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්.... බැක්ග්‍රවුන්ඩ් එක අවුල් වගේ නම් වෙනස් කරන්න බලන්නම් යාළු.. බොහෝම ස්තුතියි ආවට.. :D

      Delete
  6. කාන්තාරයේ කුසුම වගේම මුස්ලිම් නීතිය විසින් මරාදමපු තරුණියකගේ කතාව තිබුණු පොත මේ පොත වගේම හද සසල කරපු පොත්

    ReplyDelete
    Replies
    1. මම ඒක නම් කියවලා නෑ හසිත.. මගේ යාළුවොත් කිව්වා ඔය පොත ගැන.. මං එච්චරම අරාබි කතාවට ආස නැ.ඒත් මේ පොත ඒකාධිපතියෙක්ගේ පෞද්ගලික ජීවිතය ගැන කියවෙන පොතක් නිසා මං කියවන්න ගත්තේ..

      Delete
  7. ම්ම්ම් හොයල බලමුය.හැබැයි මේ විදියට යන පොත්නම් ගොඩක් තියෙනවා නේහ්?

    ReplyDelete
    Replies
    1. ඔව් ආරාබි කන්තාවෝ ගැන ලියැවුනු පොත් නම් ගොඩාක් තියෙනවා. ඒත් මේ පොතින් කියවෙන්නේ කාන්තාව විඳපු දුක විතරක්ම නෙවෙයි.සදාම් හුසේන්ගේ හැංගිච්ච ජීවිතය ගැන ලියැවුනු පොතක්..

      Delete
  8. මේ වගේ පොත් නම් ගොඩක් කියවලා තියෙනවා. ඇත්තට ම මැද පෙරදිග ගැහැනු මිනිස්සු ගෙවන්නේ පුදුම පීඩාකාරී ජීවිත...
    කියවල බලන්න වටින පොතක්...

    ***Daga Malla**

    ReplyDelete
    Replies
    1. අනිවා කියවන්න දඟයෝ.. ඔයා ආසවෙයි..

      Delete
  9. කියෙව්වා වගේ මතකයි ....

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට සහෝ.. :)

      Delete
  10. ගොඩාක් හොඳ පොතක් වගේ.. හොයාගන්න ලැබුනොත් කියවනවා අනිවාර්යෙන්ම..

    ReplyDelete
    Replies
    1. හොඳ පොතක් අසරණයා.. හොයාගන්න බැරි වෙන එකක් නැ.. :)

      Delete
  11. හොදට අහලා පුරුදුයි නම.. ඒත් හරියට මතක නෑ.. කියවන්න ඕන.. අක්කගෙන් ඉල්ලගන්න පුළුවන්නේ

    ReplyDelete
    Replies
    1. හිහ්.. ඕනේ වෙලාවක ඉල්ලන්න.. දෙන්නම්.. :)

      Delete
  12. මයාඩා හොඳ පොත්ක් වගේ.. පරිවර්තන කියවෙනවා අඩුයි ඇසගැසුන වෙලාවක අරන් කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්න.. ඔව් සමහර පරිවර්තන තියෙනවා ඔරිජිනල් පොතේ තියෙන රසය එහෙම් පිටින්ම නැති කරලා දාන.. ඒත් මේක එහෙම නැ..

      Delete
  13. මේ සැම්පලේටම යන තව හොඳ පොත් තුනක් මම මේ ලඟදි කියෙව්වා

    1) කාන්තාරයේ කුසුම
    2) ගිනි දියණි
    3) මැන්ඩේ නසීර්

    දුක් කම්කටොලුවලට මුහුන දෙන කාන්තා චරිත තුනක්..

    අනිවාර්‍යෙන් මයාඩා ගේ කතාවත් කියවන්නම ඔනි :D

    ReplyDelete
    Replies
    1. මම ඔය උඩ පොත් දෙක ගැන නම් අහලා තිබුනා.. ඒත් තාම කියවලා නැ.. අනිත් එක නම් අදමයි ඇහුව්වේ..තුනම හොයාගෙන කියවන්න ඕනේ.. ස්තූතියි ඒ ගැන කිව්වට යාළු.. මයාඩාත් හොයාගෙන කියවන්න.. ජය වේවා..

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..