~තුන්කොන් ප්‍රේමය~
ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්..
වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ.
කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙන ඉඳී.. හැමදාම.. දිවා රෑ නැතුව.. ඒත් ඉර හැමදාම මුහුද අස්සටම වෙලා හැංගිලා ඉඳී.. හ්ම්ම්ම්... මට පිස්සුද කොහෙද.. මම යනවා ගෙදර...
ප.ලි : කාලෙකට කලින් ලියපු කවියක් ආයේ මතක් වුනා දඟකාරිගේ සිතුවිල්ලක් කවිය කියෙව්වාම. හිතට නිදහසේ ගලාගෙන ආපු සිතුවිලි ටිකක් ඔහේ ලිව්වා.. තේරුමක් හොයාගන්න එක ඔයාලට භාරයි..
ආහ් තව දෙයක්..මේ බ්ලොග් එකේ 50 වෙනි පෝස්ටුව තමා මේ..
ශුවර්මද ඔයාට ඉර එන්නෙම නැති උනොත් ඒත් අහස බලං ඉඳිමයි කියල??????? අනේ මන්ද..මට නම් ෂුවර් නැහැ අප්ප..
ReplyDeleteදිගු ගමනක් යන්න සුභ පැතුම් මිතුරිය :)
හිහි..මටත් ඔහෙ හිතට ආවට කිව්වා අනේ.. මම ආහස වුනා නම් බලාගෙන් ඉඳී ආයේ ඉර එනකන්.. තැන්කූ හිරු.. :D
Deleteඅමතක
ReplyDeleteඋනාද
ඉර
මුහුදේ
හැන්ගුනාට
පායන්නේ
අහසේ
වග
ඒත්
Deleteදිනෙක
කීවොත්
යලි නැ
එන්නේ
මන්
ඉර
අහස
තනිවෙයිද
සදහට?
එල එල නංගි..ලස්සනයි ....තවත් දිගටම ලියන්න සිතුවිලි ගලාගෙන එන්න කියල පතනවා... :)
ReplyDeleteතැන්කූ ශයන්ග අයියේ..ජය වේවා :)
Deleteවික්ටර් ගැයූ ගියක අවසන් අන්තරා කොටසේ මෙහෙම කියනවා
ReplyDelete" අහස මා විය සයුර ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහිණි
අහස සමුදුර එකතු වී යැයි"....
මේ සිතුවිල්ලත් ඒවගේමයි කියල හිතුණා
ඒ ගීතයේ පද පෙළ මෙහෙමයි! මටත් මතක් වුනේ ඒ ගීතයමයි!
Deleteදිනෙක හිරු බැස
යන වෙලාවක
සයුරු වෙරළක
හුදකලාවෙක
කල්පනාවේ
සිටින මොහොතක
මතක් විය
සිතිවිලි අතීතෙක..
සයුර මා විය
අහස ඔබ විය
දෙදෙන යා කල
ක්ෂිතජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව
අප ගැන සිතූ හැටි
සයුර මා විය
අහස ඔබ විය
දෙනෙත රැවටු
ක්ෂිතජයක් විය
කී කථාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි..
මම ගොඩාක් ආස සින්දුවක් තමා ඒ සින්දුව.. බොහොම ස්තූතියි ඔය දෙපළටම ඒ සින්දුව මතක කලාට.. :D
Deleteලස්සනයි. අන්තිමට තියන කවිය නියමයි.50 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්. 50 අගට තව බිංදු වැඩි වේවා...!!!
ReplyDeleteතැන්කූ සහෝ.. ජය වේවා.. :)
Deleteසුභ පැතුම්..! කමෙන්ට් නොකලට කියවනවා...
ReplyDeleteබොහෝම ස්තූතියි බීටල්.. කියවන එකම ගොඩාක් වටිනවා.. :)
Deleteසුබ පැතුම්!! :)
ReplyDeleteතැන්කූ යාළු.. :)
Delete50ක් කියන්නෙ පොඩි ගානක්ද සුබ පැතුම් !
ReplyDeleteහිහිහි..තැන්කූ ලොකු ජෝන් අයියා..
Delete50 වෙනි පෝස්ටුවට සුභ පැතුං රතූ...
ReplyDeleteජයවේවා...
තැන්කූ වේවා තරියෝ..ජය වේවා..
Deleteඒ දවස් වල බුකියේ මේ කවියට කමෙන්ටුවක් දැම්මා වගේ මතකයි මට..
ReplyDeleteඔව් ඔව්.. දැන් ටිකක් කල්.. ආයේ දඟකාරිගේ කවියක් කියෙව්වාම මතක වුනා..
Delete50 වෙනි පෝස්ටුවටත් දිගුගමනක ඉදිරි පියවරටත් සුබ පැතුම් නංගියෝ..!!!
ReplyDeleteබොහෝම ස්තූතියි අක්කා.. :D
Delete50 ට සුබපැතුම් :) ඔය උඩින් දාපු සිංදු ටික තමයි මටත් මතක් වුනේ
ReplyDeleteතැන්කූ යාළු.. ඔයාගේ කවිය තමා මට මේ කවිය ආයේ මතක කලේ..
Deleteරතු නංගිට සුබ පැතුම් !
ReplyDeleteආහ්... ඔයාගේ බ්ලොග් එක වෙනස් වෙලා. ගර්ලිෂ් වෙලා. මරු මරු :)
හිහි.. පොඩ්ඩක් විතර ගර්ලිෂ් වෙන්න හිතුනා අනේ කාලෙකට පස්සේ.. ජය වේවා..
Deleteසුභ පැතුම්!!!!!!!!
ReplyDeleteතැන්කූ.. ජය වේවා..
Deleteපනස්වෙනි ලිපියටත් ඉස්සරහට දිග ගමනකටත් අක්කිට සුබ පැතුම්!
ReplyDeleteතැන්කූ නංගියෝ.. :)
Deleteඉර ඔතැනින් ගිලිලා තව තැනකට එලිය දෙනවා නේව...පොස්ට් පනහක් කියන්නේ හොඳ ප්‍රවනතාවයක් නැවුම් නිර්මාණ බිහිකරන්න වැඩැති දෙයක් ලියන්නට දිරි
ReplyDeleteඅන්න ඒකනේ ලොකුම අවුල සහෝ.. ;) ඉර එක තැනකින් තව තැනකට යනකොට ආයේ පරණ තැනට නාවොත්.. තැන්කු.. ජය වේවා..:)
Deleteඔයාගෙ බ්ලොග් එක මම දැන් තමා හෙමින් කියවන්න පටන් ගත්තෙ..ලස්සනට ලියනව සුභ පැතුම්..!
ReplyDeleteබොහෝම ස්තුතියි කිරිල්ලි.. :D
Deletelassanai red. 50 weni post ekata magenuth suba pethum. 100 weni ekath ikmanata liyanna lebewa. :)
ReplyDeleteතැන්කු චතුර අයියේ.. ජය වේවා!
Deleteමම අද තමයි ඔයාගේ බ්ලොග් එක කියවුවේ හරිම ලස්සනයි යාලු ඔයා ලස්සනට ලියනවා මේකත් ගොඩක් ලස්සනයි
ReplyDeleteතැන්කූ උමා.. දිගටම එන්න එහෙනම්.. :)
Deleteමට ඔය අහස ගැන නම් මතක් කරන්න එපා........
ReplyDeleteමෙන්න ඉන්නවෝ අහසත් එක්ක තරහා කෙනෙක්.. හිහිහි..මේක දැක්කාම තමා මතක වුනේ අහස ඔයාගේ දෙයක් උදුරලා අරන් කියලා.. හ්ම්ම්ම්...
Deleteදිගටම ලියන්නෝ... :-)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
බොහෝම ස්තූතියි රජෝ..
ReplyDeleteජය වේවා!!!!!
මම හිතුවේ කතාවක් කියලා.
ReplyDelete50 සුභ පැතුම්..
කතාවක් වගේ තමා.. නොකී කතාවක්..
Deleteජය වේවා!!! :)
මම කොහොමත් මේ බ්ලොග් එක දිගටම කියවනවෝ........ කමෙන්ට් නොදැම්මත්.... ඔයා ලස්සනට ලියනවානේ රෙඩියෝ.... 50ට සුභ පැතුම් :).....
ReplyDeleteතැන්කූ මදාරා.. ජය වේවා...!! :D
Deleteසෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ... සුබ පැතුම් 50 ට. ඊළඟ 100....
ReplyDeleteආයේ දිගටම එන්න හොඳේ.. :D
Deleteලස්සනයි අක්ෙක!!!!!!!!!!!
ReplyDeleteහිහි.. තැන්කූ..තැන්කූ.. :)
Delete