දිනපොතින් පිටුවක්..



වේලාව - පෙ.ව 8.30 

ඇය- ක්ලාස් කට් කලා කියලා අම්මට අහුවෙයිද දන්නේ නැ..මට නම් බයෙත් බැ අයියේ.
ඔහු- නැ බබා...පිස්සුද ඔයාට.. බය නැතුව ඉන්න.. 
ඇය- ඒත් අම්මා අද බැංකු යනවා කියලත් කිව්වා අයියේ.. [කෙල්ල ලේන්සුවෙන් දාඩිය පිහිදායි]
ඔහු- හරි එහෙනම් අපි අර රෙස්ට් හවුස් එකට යන්ද?? රූම් එකක් අරන යන්?
ඇය- ම්ම්ම්ම්ම්......
ඔහු- යන්ද???
ඇය- මන් ලඟ පෙති නැ..ඉවර වුනා..
ඔහු- හරි හරි..මේ ලඟ පාමසියක් තියෙනවා..යන්..
[දෙන්නා නැගිටලා ගියා.]


වේලාව- මධ්‍යහන 12.00

ඔහු- ඔයා එළියට එනකොට කට්ටිය ඇහුව්වේ නැද්ද කොහෙද යන්නේ කියලා?
ඇය- ඇහුව්වා. මන් කිව්වා බබාගේ ස්කෝලේට යනවා පොඩ්ඩකට කියලා.
ඔහු - හ්ම්ම්ම්..... මටත් හැමදාම ලන්ච් බ්‍රේක් එකේ එළියට එන්න බැරි වෙයි.
ඇය- ඇයි ඒ?
ඔහු- නිමාලිට සැක හිතිලා. අපේ ඔෆිස් එකේ කවුරු හරි කියලා එයාට මන් දවල්ට එළියට යනවා කියලා. කොහෙද යන්නේ කියලා ඇහුව්වා.
ඇය- ඉතින්?
ඉහු- ඉතින් කියන්නේ..බොරුවක් කිව්වා. යාළුවෙක්ගේ වැඩකට එළියට ගියා කියලා..හැමදාම බොරු කියන්න බැනේ.
ඇය- ඒක හරි කතාවක්නේ..ඉතින් මන් හැමදාම බොරු කියන්නේ ඔයා වෙනුවෙන්..
ඔහු- ඔයා ඉතින් බොරු කියන්නේ ෆොඉන් එකෙනේ.. මොකෑ සම්පත්ට දිවැස් තියෙනවයැ රට ඉඳන් මෙහෙ බලන්න.
ඇය- ඔව් ඔව්..පිරිමි ඔයාලට විතරයි ප්‍රශ්න තියෙන්නේ..අපිට නැනේ.,
ඔහු- අයියෝ..දැන මන් එහෙම කිව්වද..මන් දන්නවා ඔයා දුවත් එක්ක හැප්පෙන හැටි මෙහෙ..
ඇය- හ්ම්ම්ම්..
ඔහු- මොකෝ නිකන් තරහා වෙලා වගේ.. [අගේ කර වටේ අත දමමින් ඔහු අසයි]
ඇය- අත ගන්න අහකට.. කවුරු හරි ඒකත් ගිහින් නිමාලිට කියයි.
ඔහු- අම්මෝ හරි හරි..මන් ඔයාව බලන්න එන්න විදිහක් හොයාගන්නම්කෝ..
ඇය- කොහොමද??
ඔහු - හරි හරි..අපි ඒවා පස්සෙ කතා කරමු..දැන වේලාව යනවා.. යන්ද රෙස්ට් හවුස් එකට?

ඇය- හ්ම්ම්..මටත් ඉක්මනට යන්න ඕනේ..
[දෙදෙනාම පිටව යයි.]


වේලාව -ප.ව 4.25

ඔහු- මොකද මෙච්චර වෙලා කලේ.. කීයේ ඉඳන්ද මන් මෙතන? ආහ්..
ඇය- අනේ සොරි වස්තුව..අද ඔෆිස් එකේ වැඩ ඉවර වෙනකොට පොඩ්ඩක් පරක්කු වුනා.. සොරි හොඳේ.. 
ඔහු- එපා වෙනවානේ.. අපිට ටිකක් වෙලා හරි කතා කරන්න ලැබෙන්නෙත් මේ චුට්ට වෙලාව විතරයි.ඒකත් ඔයා එන්න පරක්කු වෙනවා..
ඇය- අනේ ඉතින් මන් අද විතරනේ පරක්කු වුනේ.. ඔයා හැමදාම එනකොට පරක්කු වෙනවානේ..මන් හැමදාම බලාගෙන ඉන්නේ..
ඔහු- ආහ් දැන් ඒකත් මගේ වැරැද්දද? කලින් ආපු එක? මන් හිතුවා මාව බලන්න කලින්ම ඇවිල්ලා ඇති කියලා.. 
ඇය- අනේ ඉතින් සොරි කිව්වනෙ.. අර සහන්ගේ වැඩක් තිබුනා අනේ කරලා දෙන්න..ඒකයි..
ඔහු- සහන්ගේ? තමුසෙ මොකටද උගේ වැඩ කරන්නේ?
ඇය- අනේ කෑ ගහන්නේ ඇයි ඉතින්.. හරි හරි බබා මීට පස්සෙ මන් කාගෙවත් වැඩ කරන්නෙ නැ.. හරිද. දැන් යමුද?
ඔහු- කොහෙද?
ඇය- අපි පොඩ්ඩක් රෙස්ට් හවුස් එකට යමුකෝ අනේ.. අද මට 6 විතර වෙනකන් ඉන්න පුළුවන්.. අම්මලා නෑ අද ගෙදර..මන් කිව්වා කොහොමත් අද ඔයා එක්ක වෙඩින් එකට ෆොටෝ ගන්න කෙනෙක් බලන්න යනවා කියලා.ඒ නිසා පරක්කු වුනාට කමක් නැ..
ඔහු- හොර කෙල්ල.. යන්..
[දෙදෙනාම පිටව යයි.]


වේලාව - රාත්‍රී 8.00

ඇය- මොකෝ මහත්තයා සීයට අරන නිකන් දීලා වගේ?
ඔහු- හ්ම්ම්.. මගෙන් අහන්නේ?
ඇය- ඔව් ඉතින් නැතුව වෙන කෙනෙක් ඉන්නවයැ මෙතන..
ඔහු- ඔයා කවුද?
ඇය- මන් ඉතින් කොහොමත් රෑට මෙතන තමා..
ඔහු- හ්ම්ම්.. මට ඔයාගෙන් වැඩක් නැ
ඇය- හෙහ් හෙහ්.. 
ඔහු- මොකෝ හිනා වෙන්නේ?
ඇය- පිරිමින්ට මගෙන් වැඩක් නැත්නම් වෙන කාටද වැඩක් තියෙන්නේ.
ඔහු- වෙන පිරිමින්ට වැඩක් ඇති..මට නැ.. මට පාඩුවේ ඉන්න දෙන්නවා..
ඇය- ඉතින් මන් මුකුත් ඉල්ල ගෙන ආවේ නැ..මහත්තයා ඔහේ උඩ බලාගෙන ඉන්න හින්දා ආවේ..මනුස්සකමට..
ඔහු- මට තමුසෙගේ මනුස්සකම ඕනේ නැ..
ඇය- වෙන්නැති..අපිත් මෙහෙම රෑට පාරේ හිටියට මිනිස්සු මහත්තයෝ..
ඔහු- .........
ඇය- මොකෝ මූණ දිහා බලන්නේ.. අපිත් කීයක් හරි හොයාගන්න හදනවා විතරයි..
ඔහු- හ්ම්ම්ම්... 
ඇය- මහත්තයා කලාද?
ඔහු- නෑ බන්..ඔෆිස් එකේ සල්ලි වයගක් නැති වෙලා.. දැන මට ගෙවන්න වෙලා.. අතේ එක පිච්චියක් නැ..බෝඩිමට යන්නත් බැ..
ඇය- ..........
ඔහු- හිහ්.. මොකෝ..උඹ හිතාගෙන හිටීයි මගෙන් කීයක් හරි කඩාගන්නද.. මේ බලපන් සාක්කු දෙකම හිස්..
ඇය- යන්..
ඔහු- කොහෙද..?
ඇය- .........
ඔහු- මගේ ලඟ සල්ලි නැ කිව්වානේ.. රෙස්ට් හවුස් එකකට ගෙවන්න බැ මට..
ඇය- මහත්තයා ගෙවන්න එපා. රෑට මොනා හරි කලා එහෙ ඉමු..මන් ගෙවන්නම්..
[දෙදෙනාම පිටව යයි.]

~පාර්ක් එකේ බංකුවක දිනපොතින්~




Comments

  1. [ma][si="4"][co="red"]මේක නම් සිරාය ..පට්ටය කවුරු නෑ කිව්වත් රැඩිකල් ය [/co][/si][/ma]

    ReplyDelete
    Replies
    1. කොහොමද රෙඩාගේ කමෙන්ට් හින්ට්ස්... සුපිරි ඈ :-)

      Delete
    2. මාන අයියේ... තැන්කූ වේවා.. රැඩිකල් කියන්නේ මොකක්ද කියලා මම නම් හරියට දන්නේ නැ.. අපි රැඩිකල් කියලා කියාගන්නත් බයයි අප්පා.. අන්තිමට කොහෙන් වදීද දන්නේ නැ..ඒත් කමෙන්ටුව නම් එළය..

      [ma]මල් හතයි ඈ.. :D[/ma]

      Delete
    3. [co="blue"]ඉතින් රජෝ ඔබවහන්සේත් වැඩ දාලා හැඩ දාල කොමෙන්ටු දාන්නකෝ අවසර..[/co]

      Delete
  2. [mark]ඒ රෙස්ට් හවුස් එක ට හෙන වාසි ඇති නෙහ්???
    අනේ ඉතිං ඒ දියවෙන්නේ මිනිස්සුන්ගේ වටිනාකම් තමා.....
    කලියුගේ...කලියුගේ.....[/mark]

    ReplyDelete
    Replies
    1. [box]වාසිද කියලත් අහනවා... දැන් එකේ අයිතිකාරයා රෙස්ට් හවුස් ජාලයක් දාන්නලු ඉන්නේ ඕන්.. හිහිහි...[/box]

      Delete
  3. Replies
    1. තැන්කූ සහෝ...
      [im]http://www.simivalleywebsites.com/wp-content/uploads/2011/12/small-Facebook-like-button-counter1.gif[/im]

      Delete
  4. විශිෂ්ටයි කියනු හැර අන් කවරක් කියන්න ද??
    ජය වේවා අක්කේ!!

    ReplyDelete
    Replies
    1. [co="red"]තැන්කූ මල්ලියෝ..
      ජය වේවා....[/co]

      Delete
  5. හිතට දැනෙන්න ලියල රෙඩ්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනේශ් අයියේ.. මේ කෝ මදාරා.. හුඟ දවසකින් දැක්කේ නැ.. :)

      Delete
  6. මමත් රෙස්ට් හවුසයක් දා ගෙන ලංකාවේ ඉහලම පෙලේ ව්‍යාපාරිකයෙක් වී ලෝකෙම සල්ලි කාරයා වෙමි...

    ReplyDelete
    Replies
    1. අන්න හරි..ඒක නම් නියම බිස්නස් එක තරියෝ..
      [mark]ජය වේවා...[/mark]

      Delete
  7. මේවට මොනවා කියන්නද මන්දා රෙඩා...................

    ReplyDelete
    Replies
    1. මම ඒකනේ කිසි දෙයක් නොකියා දිනපොතේ තිබ්බ දේ විතරක් දැම්මේ.. මොනා කියන්නද කියලා මාත් දන්නේ නැ හිරු..

      Delete
  8. රෙස්ට් හවුස් වැඩි වෙයි වගේ !!!

    ReplyDelete
    Replies
    1. ආයේ මේ මොනා අහනවද මධූ අයියේ.. හික්ස්..:D

      Delete
  9. සැබෑ වෙනසක් !! සුභ ! .කාලෙකට කලින් වෙච්ච දෙයක් නිසා අන්තිම කෑල්ල හිතට වැදුනා !!!! ඒ ගැන ලියන්නයි ඉන්නේ

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි... එහෙනම් අපිටත් කියවන්න එක්ක ලියන්නකෝ..
      ජය වේවා..

      Delete
  10. ලිවීම ලස්සනයි! සිද්ධිය කැතයි!

    ReplyDelete
    Replies
    1. ලෝකේ වෙන ගොඩාක් දේවල් සුන්දර නැ මල්ලි..
      ඒත් සමහර වෙලාවට අසුන්දර දේ තුලත් ගැබ් වෙච්ච සුන්දරත්වයක් තියෙනවා..

      Delete
    2. අපි එ්ක නොදන්නව නෙවෙයි! :(

      Delete
  11. සුපිරි ඈ!!!ඇත්තටම මම කියෙව්ව හොඳම කතාවක්!කෙටි චිත්‍රපටියකට එලටම මැච් වෙනවා!

    ReplyDelete
    Replies
    1. තැන්කූ නාඩියෝ.. හ්ම්ම්..ඒකත් හොඳ අදහසක්... හිතලා බලන්න ඕනේ ඒක ගැන.. :)

      Delete
  12. ශාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.. ෆට්ටයි!!! ඇත්තටම ඔය බංකු දිනපොතක් ලිව්වානම් මොනතරම් කතා ඒවායෙ හැංගිලා තියෙයිද... නියමයි රෙඩ්!!!

    ReplyDelete
    Replies
    1. බංකුව විතරක් නෙවෙයි හිතූ.. බැරිවෙලාවත් බස් සීට් වලට එහෙම කතා කරන්න පුළුවන් වුනා නම් මොනවා කියයිද දන්නේ නැ..තැන්කූ.. :D

      Delete
  13. මට කොලොම්බු කොලොම්බු ටිටර් එක මතක් උනා බංකුව ගැන කිව්වහම ගොඩනැගිම සාර්ථකයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රාජ් සහෝ.. ජය වේවා... :)

      Delete
  14. ඇඩෙනවා ඈ... :-)

    මල් 7යි!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අඬන්න එපා රජෝ..නලවන්න කෙනෙක් නැ..හික්ස්..
      තැන්කූ වේවා..
      ජය වේවා.. :D

      Delete
  15. සමාජයේ තවත් එක සත්‍යම පැතිකඩක්. ඇස් දෙකෙන් දැකලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...තවත් පැතිකඩකටත් වඩා හැමෝම හංගන පැතිකඩක්..
      ජය වේවා..

      Delete
  16. මාර සීන් එක නේ.අර අන්තිමට කිවුව කතාව නම් පොඩ්ඩක් හිතට ඇල්ලුවා

    ReplyDelete
    Replies
    1. හෙහෙහ්... ඔහොම සීන් වෙනවා සහෝ..
      ජය වේවා!!!

      Delete
  17. කළම්බෝ කළම්බෝ මතක් වුණෑ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..මම ඒක බලලා නැනේ.. :/

      Delete
    2. ඒක නම් බලන්නම වටින හොඳ වේදිකා නාට්‍යයක්. ඒකෙනුත් මේ වගේ කොළඹ නගරයේ ස්ථාන කීපයක සිදුවෙන කතා පුවත් වගයක් ගැන තමා පෙන්නන්නේ...

      Delete
  18. අම්මපා මෙහෙමත් දිනපොත් ඈ..(සමාජයේ තවත් එක පැතිකඩක් ද කොහෙද)

    …ආයෙ වෙලාවක නිදහසේ කියවන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. සමාජයේ හැංගිච්ච පැතිකඩක් සහෝ.. ඒත් අපි නොදන්න පැතිකඩක් නෙවෙයි..
      ජය වේවා...

      Delete
  19. විෂම ජීවිතවල විෂම පැතිකඩවල්...අන්තිමට ප්‍රතිපලේ ගොඩක් දුරට සමානයි. මිනිස්සු නැතිවෙන්නේ විහින්මද කියලත් හිතෙනවා. කතාව ගොඩක් දේවල් කියනවා. නියමයි රෙඩී

    ReplyDelete
    Replies
    1. තැන්කූ පැතුම්.. ඇත්ත.. හැමෝම සමාජ මට්ටම තරාතිරම වයස මොකක් වුනත් අන්තිමට නතර වෙන්නේ එකම තැන..

      Delete
  20. මම දන්නේ නැහැ ඔබ මේක හිතලා ලියපු එකක්ද නැද්ද කියන්න නමුත් මේ කරුණු සහතික ඇත්ත ,මගේ ජීවිතයෙන් වසර ගණනාවක් ගෙවුනා විහාරමහාදේවි පාර්ක්‌ ඒකත් එක්ක මම මේ කියන කතා හැම එකක්ම එතනදී දැකලා තියෙනවා

    සුපිරි පොස්ට් එකක් නංගි මේකනම් ...!!!!

    ReplyDelete
    Replies
    1. හිතට ආපු සිතුවිල්ලක් කිව්වොත් තමා නිවැරදි අයියේ.. මන් අහලා නැ..ඒත් මගේ වටේ සිද්ධ වෙන දේවල් දිහා බැලුවාම මෙහෙම දේවල හිතා ගන්න අපහසු නැ..
      බොහෝම ස්තූතියි..ජය වේවා!!

      Delete
  21. මමත් දාගන්නවා රෙස්ට් හවුස් එකක් හි හී
    ජය!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් තරියා එක්ක එකතු වෙලා වැඩට බහින්න චූටි පුතේ.. තරියා මොලේ තියෙන ලොකු අයියා කෙනෙක් නේ..
      හික්ස්.. ජය වේවා!!!

      Delete
  22. How pathetic! These things have become common in the society now. Who to blame?

    ReplyDelete
    Replies
    1. This happened even in the medieval ages but then the society was much more "open" (Which I use to describe the state as I see to it.) and then came the Victorian civilized society which then really hides the sexual facts and we did got it stronger.

      Now, since there are no open setup towards sexuality of human beings, we see as the society goes gradually downwards. The more we will into this, there will be more cases of rapes and abuses of woman and child will be. (even we open, there will be cases but much less than now and obviously we need to strengthen the Hands of Law)

      Delete
    2. Blue Lotus thank you very much for your comment.. actually this is a hidden side which was there for a long time..a side which nobody wants to talk.. people are shy to talk.. and that makes things worst.. :) do you know most of girls get their sex education from their boy friend.. but in my theory it should have been their mother.. and thank you Alexander Cage for ur comment.. :)

      Delete
  23. [mark] සමාජයේ පැති කඩක ජීවත් වෙන මිනිස්සුන්ගේ යතාර්ථය ගැන කියන කතාවක්. හරියටම The Vantage Point කියන ෆිල්ම් එක වගේ. [/mark]

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. :) ඒ ෆිල්ම් එක බලන්න ඕනේ..

      Delete
  24. පට්ට කතා ටික
    හිතුවිල්ලක් උනත් කතා ටික ඇත්ත ඔය ටික ඇත්තටම වෙනවා නේ
    උඩින් පෙන තරම් මිනිස්සුන්ගේ ජීවිත ලස්සන නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්ත..ජිවිත වල නියම තතු ගොඩාක් වෙලාවට හැංගිලා තියෙන්නේ.. ජය වේවා!!!

      Delete
  25. ඇය- අපි පොඩ්ඩක් රෙස්ට් හවුස් එකට යමුකෝ අනේ..

    මෙහම කියන කෙල්ලො ලංකාවෙ නම් හුගාක් අඩු ඇති...බ්ලොග් එක ලඟදි අහුවෙනෙ..දැන් ඉතින් අත ඇරෙන්නෙ නැ...

    ReplyDelete
    Replies
    1. [co="red"]එහෙනම් ඔබ දන්නා තරම තමා පැන්ඩා.. :)[/co]

      මගේ අවුරුදු 22ක ජීවිතය ඇතුලේ ඔහොම කෙල්ලො අනන්තවත් දැකලා තියෙනවා සහෝ.. එහෙම අය ඉන්නවා.. සමහරු තමන්ගේ පෙම්වතාටම විතරයි නෙවෙයි ඔහොම ආරාධනා කරන්නේ..එහෙනම් දිගටම එන්න හොඳේ..

      [ma]ජය වේවා!! :D[/ma]

      Delete
  26. පට්ටය.......... වේදිකා නාට්‍ය පිටපතක් බැලුවා වගේ... සුපිරි ඈ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මඩා.. :) ජය වේවා!!

      Delete
  27. වෙනස් සිතුවිල්ලක්... ඉදිරිපත් කරලා තියෙන විදියත් අපූරුයි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළු.. :)

      Delete
  28. සෑහෙන බරපතල කතාවක්! මම මුලින් හිතුවෙ ඔහු එක්කෙනාමයි කියලා. මට පුදුමත් හිතුනා. බලනකොට එකම බංකුව නේ?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  29. ඇඟේ ලේ රත් වෙනව මේව බලද්දි... කියන්න දේවල් ආවත් නිකියම ඉන්න එක ඇඟට ගුණයි.

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නේ?? නිර්මාණයේ වැරැද්දක්ද? නැත්නම් සමාජ ක්‍රමයේ වැරැද්දක්ද නිසාද??

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..