මගේ පැතුම ඔබ වෙනුවෙන්..




ඔබේ අසලින්ම හිඳ
කනට කර මුමුණන්න
සිහිනයක් තිබුනා මට
කිසිදා සෑබැ නොවෙන..

පුංචි පුංචි රැවුල් කොට
වැවුනු ඔබේ කම්මුල්
දෝතින්ම අල්ලා සිනිඳුවට
සිපගන්න නළලත...

නිදිකිරා වැටෙන විට
දඟකාර කෙස් වටා
ඇඟිලි පටලවා ඉන්න
සෙමින් හිස පිරිමදින්න..

හීන කන්දක් හිත පුරෝගෙන
හවස ඔබ එන සැටි දකින්න
සිහිනයක් තිබුනා මට
හදවතේ හැංගී කොනක

සිහිනයන් සිහිනමයි
මතකයන් පමණකි ඉතිරි
සුභ පැතුම් හෙට දිනට
සදා සතුටින් ඉන්න..


"කිසිදාක වේදනා
ඔබේ හදට නොදැනෙන්න
කඳුළු බිඳු කිසිදාක
නුඹේ නෙතට නොනැඟෙන්න
තබන හැම පියවරක
ජය හඬම පැතිරෙන්න
සදා සතුටින් ඉන්න
පතමි මම හැමදාක.."

"There is no punishment or disgrace when you love someone unconditionally."



Comments

  1. "සිහිනයන් සිහිනමයි
    මතකයන් පමණකි ඉතිරි
    සුභ පැතුම් හෙට දිනට
    සදා සතුටින් ඉන්න.."

    මොනවා වුණත්... ලස්සනයි අක්කී

    ReplyDelete
  2. //කිසිදාක වේදනා
    ඔබේ හදට නොදැනෙන්න
    කඳුළු බිඳු කිසිදාක
    නුඹේ නෙතට නොනැඟෙන්න
    තබන හැම පියවරක
    ජය හඬම පැතිරෙන්න
    සදා සතුටින් ඉන්න
    පතමි මම ////

    ලස්සනයි. හිතට දැනුණු පද පෙළක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළු.. :)

      Delete
  3. තබන හැම පියවරක
    ජය හඬම පැතිරෙන්න
    සදා සතුටින් ඉන්න
    පතමි මම හැමදාක..

    ලස්සනයි... හදවතේ තියන දේ පද ටිකකට ගොනු කරලා.. :) :) ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ශම්මි.. :) මේක ලස්සන වෙන්නෙත් හදවත් ගොනු කල නිසා වෙන්න ඇති..

      Delete
  4. කොහෙන්ද අප්පා මෙච්චර ලස්සන සිතුවිලි පහල වෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. හදවතින් තමා රොබින් අයියේ.. හිහිහි..

      Delete
  5. වාව්. ඒ කවිය මාර ලස්සනයි රෙඩී..පුදුම අහිංසක බලාපොරොත්තුවක්, ඇත්තමයි ආදරේ වෑහෙනවා. මට නම් ඉරිසියාත් හිතුනා බොරු නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඉරිසියා හිතුනේ මගේ ආදරේට පැතුම්? හිහි.. ඉරිසියා කරන්න දෙයක් නැනේ අනේ.. මේ ආදරේට අයිතිකාරයෙක් නැනේ.. තැන්කූ වේවා..

      Delete
  6. කොච්චර එපා කියල හිටියත්.. මෙවුව කියෙවුවහම හිත නිකං මොකක්ද වෙලා යනවා අප්පා...
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. හලේ මන්ද... මං පණුච්චි ඔවුවට බයයි.. :)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. සාදරයෙන් පිළිගන්නවා මගේ බ්ලොග් පිටුවට..

      Delete
  8. Replies
    1. හිහි.. ඔයා මේවට එච්චර කැමති නැ කියලා දන්නවා සහෝ.. වට් ටු ඩූ නපුරු කලට..
      ජය වේවා..

      Delete
  9. ගොඩක් ලස්සන අදහසක්...

    ඔය සිතුම් දෙතොලඟින්
    මිමිනුවා නම් ඉතින්
    ඔ‍ය සුසුම් සුව විඳන්
    මම අදත් ඔබ ලගින්...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ආදරේ හයියෙන් කියන්න එපා කියනවානේ.. ඒක හුළඟේ ගසාගෙන යනවලු.. ස්තුතියි යාළු.. :)

      Delete
  10. ඔයා නිසාහඩලා මගේ ඇසුත් රිදුනා හැරගියදා...... පාලුවේ උන්නේ

    ඔය ලියන්නේ අක්කේ ලෙසටම !!!! කියන්නම ඔනේ නේද !!!!! ඩී

    ReplyDelete
    Replies
    1. ඒකනේ.. ඔයා ලියන්න කිව්වට පස්සේ ලියන්න හිතුනා. ඒත් දැන් දිගටම මේක අඬන්න ගනීද කියලා බයයි අප්පා.එහෙම වුනොත් නම් ලියන එක නවත්තලා දානවා. කට්ටියට හැමදාම අඬන ඒවා කියවලාම එපා වෙයිනේ.

      Delete
  11. නිදිකිරා වැටෙන විට
    දඟකාර කෙස් වටා
    ඇඟිලි පටලවා ඉන්න
    සෙමින් හිස පිරිමදින්න..
    මෙහෙම කරන්න මාත් අසයි ලස්සනයි ගොඩාක් අර්තයට ඉටත් වඩා මම කැමතියි... :D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ.. :)
      ජය වේවා..

      Delete
  12. යුවතියකගේ සුන්දර සිහිනයක්..!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... තවත් එක සිහිනයක්...

      Delete
  13. lassanai red. viraha kawiyak wunata ekata godak kemathiy. A heenaya sebe wenna kiyala prarthna karanawa :)

    ReplyDelete
    Replies
    1. අපොයි එහෙම ප්‍රාර්ථනා කරන්න ඕනේ නැ අයියේ.. මේවා කවදාවත් හැබෑ නොවෙන නිසා පෙට්ටගම් වලට දාලා හිර කරපු සිහින.. :D

      Delete
  14. "සිහිනයන් සිහිනමයි
    මතකයන් පමණකි ඉතිරි
    සුභ පැතුම් හෙට දිනට
    සදා සතුටින් ඉන්න"

    මේ කොටස් නොලියුවා නම් කවියේ ව්‍යංගාර්ථය හොදට මතුකරගන්න තිබුණා කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ.. මේ කවියේ අඩුපාඩු තැන් ගොඩාක් තියෙනවා.. :)අඩුපාඩු පෙන්නලා දෙන එක තමා ගොඩාක් වටින්නේ.

      Delete
  15. ලස්සන කවි ටිකක්.කොහොමත් ඔබ ලියන කවි හරි අපුරුයි!!සරල භාෂාවෙන් ලස්සන ට ලියල තියනවා!! ජය!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. හැමදාම ඒ කවි කියවන්න එන එක ගැන හිතට ගොඩාක් සතුටුයි..

      Delete
  16. අනේ මන්දා........

    ReplyDelete
    Replies
    1. හිහිහි..මේවා එපා වෙලාද?? හරි හරි..ඊළඟ පොස්ට් එක වැඩක් ඇති දෙයක් දාන්නම්කෝ..

      Delete
  17. ////...සිහිනයන් සිහිනමයි
    මතකයන් පමණකි ඉතිරි
    සුභ පැතුම් හෙට දිනට
    සදා සතුටින් ඉන්න..////

    ලස්සනයි අක්කෙ.......
    ඒත් හීන හැමදාමත් හීනම නොවෙන්නත් පුලුවන්....
    අපි නොහිතන වෙලාවක ඒ හීන හැබෑ වෙන්නත් පුලුවන්.....
    කොහොම උනත්....
    ලියන එක නවත්තන්න එපා....ජය!!!

    ReplyDelete
  18. විරහව කියන්නෙ මාරම දෙයක් වැඩෙ කියන්නෙ විරහව සතුටෙන් ඉන්න වෙලවටත් කවි කරන්න පුලුවන් කම

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. මම ඉතින් ඔහේ නිකන් ඉන්න ගමනුත් විරහ කවි ලියනවා..ඒකේ අමුතු රසක් තියෙනවා තමා.. ඒත් මේක නම් එහෙම එකක් නෙවෙයි.. ජය වේවා..

      Delete
  19. කියන්න හිතුව දේ බිඳුවක් නෑරම කියලා තියෙනවා... අපුරුයි...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. නැ තව කියන්න දෙවල් දාහක් තියෙනවා අළුත් මල්ලි.. ඒත් කියාගන්න බැ.. :)
      ස්තූතියි කමෙන්ටුවට..ජය වේවා..

      Delete
  20. /*පුංචි පුංචි රැවුල් කොට
    වැවුනු ඔබේ කම්මුල්
    දෝතින්ම අල්ලා සිනිඳුවට
    සිපගන්න නළලත...

    නිදිකිරා වැටෙන විට
    දඟකාර කෙස් වටා
    ඇඟිලි පටලවා ඉන්න
    සෙමින් හිස පිරිමදින්න..*/

    …මටත් මතක් වුණා, හරීම ආදරණීයයි නංගී!

    ReplyDelete
    Replies
    1. ම්ම්... ඔයාට කාවද මතක් වුනේ.. :) සොඳුරු අතීතයක් නම් සතුටුයි..
      ජය වේවා..

      Delete
  21. අහ අහ අහා.......... ;)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මොකෝ කැස්සද ආ? හික්ස්..
      ජය වේවා රජෝ..

      Delete
  22. ම්ම් අව්‍යාජව ලියල තියෙනව. ඇත්තටම ලස්සනයි. ජය වේවා යාලු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මධූ.. ගොඩ දවසකින් ඔයාගේ බ්ලොග් එක බලන්න එන්නත් බැරි වුනා.. දැන්ම යන්න ඕනේ.. ජය වේවා..

      Delete
  23. කෙනෙක් අත් නොවිඳිය යුතු අත් දැකීමක් වුනා අකුරු කරලා තියෙන විදිය නම් උපරිමයි රෙඩ්!
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩූඩ්... :) අත්දැකීමට මාත් අකැමැති වුනාට කවියට කැමතියි.. :D

      Delete
  24. හරිම ලස්සනයි රෙඩ් කියන්න වචන නැහැ එතරම් හදවතට දැනුනා...
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. :)
      ජය!!!

      Delete
  25. දුකක් හැංගිලා තියෙනවා තමයි ඒත් කවියෙන් කියෙවෙන ඔයාගෙ හිත හරි අපූරුයි !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි යාළු.. :)
      ජය වේවා..

      Delete
  26. කොහොම උනත් ලස්සනයි!

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..