මේ හදවත කුමක් කරන්නද?




මායාවක් සිදුවෙන බව දැනේ..
එය මා උමතු කරවයි..
කිසිවක් මතකයට නැඟේ..
කිසිවක් අමතක වේ...
කුමක් කරන්නද, කුමක් නොකරන්නද..
මේ හදවත කුමක් කරන්නද..


හදවත හරිම මුරණ්ඩුයි. ඇස් දෙකට පෙනෙන මොළයට දැනෙන යතාර්ථය පිළිගන්න හරිම අකැමැතියි. සිහිනයක් පසුපස, නැ..සිහිනයක් නොවේ.. මිරිඟුවක් පසුපස හඹා යනවා.. මොකද හීන සමහර වෙලාවට ඉටු වෙන්න පුළුවන්.. නමුත් මිරිඟුවක් කවදාවත් සැබෑ වෙන්නේ නැ.. අන්න ඒ වගේ සැබෑ නොවෙන මිරිඟුවක් තමා ආදරය කියලා කියනනේ.. 

හැමෝටම අදාල දෙයක් නොවේ.. නමුත් සමහර ජීවිත වලට අදාල දෙයක්.. 

ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. මේකට සමහරු එකඟ නොවෙන්න පුළුවන්..ඒත් තමන්ගේ හිතින් අහලා බලන්න මෙතෙක් කල් තමන් ආදරේ කරපු චරිත අතුරින් ආයේ ජීවිතේට එනවා නම් කියලා හිතෙන චරිතය කවුද කියලා.. සමහර විට ඒ චරිතය ඔබේ පළමුවෙනි ආදරය වෙන්න පුළුවන්..එහෙම නැත්නම් දැනට ඔබේ ජීවිතේට ලැබුනු ආදරේ වෙන්න පුළුවන්.. බය වෙන්න එපා.. දැනට ආදරයක් ලැබෙද්දි ඔබේ මතකයට ආපු චරිතය එයා නොවුනා කියලා.එකේ අදහස ඔබ දැන් ආදරයට ආදරේ නැ කියන එක නෙවෙයි.. නමුත් අර මං කිව්ව ජීවිතේට එක පාරක්ම ඇති වෙන ඒ කිසිදාක අමතක කළ නොහැකි ආදරය තමා ඒ චරිතය..

ජීවිතේට එකම එක පාරක් විතරක් දැනෙන ඒ ආදරය හැමදාටම තමන්ගේ වෙනවා නම් කියලා හිතෙනවා නේද?? ඒත් ජීවිතේ කියන්නේ අපිට ඕනේ දේම සිද්ධ වෙන තැනක් නෙවෙයි. අපේ ජීවිත වලට ඉන්න ඉරණම්කාරයෝ අපි තාම දන්නේ නැ. ඒත් ඒ ඉරණම්කාරයා අපි ගොඩාක් ආදරය කරන කෙනාම වෙනවා නම්?

සමහර වෙලාවට අපේ නොවුන ඒ ආදරය කාලෙකට පස්සේ අපේ ඉස්සර ආවම.. හදවත ආයේත් කෑලි කෑලි වෙලා යනවා.. ජීවිතේ ගැන මහ ලොකු කළකිරීමක් ඇති වෙනවා.. නමුත් ඒ සියල්ල මැද්දේ ජීවිතේ සුපුරුදු විදිහට ගලාගෙන යනවා.. අපි බලාපොරොත්තු වෙනවා හැමදේම හොඳ විදිහට විසඳෙයි කියලා. නමුත් අපිටම අමතක වෙනවා කොයිම වෙලාවකදි වත් මිරිඟුවක් සැබෑ වෙන්නේ නැ කියලා.. ආයේ පරණ බලාපොරොත්තු හිතට වද දෙනවා.. ඒ නින්දෙන් නොවේ අවදියෙන් ඉන්න වෙලාවෙදී පවා සිහින දකිනවා.. නමුත් ඒ බලාපොරොත්තු, සිහින එක එක ආයේ සුන් වෙලා යනකොට ජීවිතේ කියන්නේ හරිම වේදනකාරි දෙයක් බවට පත් වෙනවා.. ජීවිතෙන් පැනලා යන්න හිතෙනවා..

වෙලාවකට මට හිතිලා තියෙනවා අවුරුදු 5 එහෙම නැත්නම් 10ක් එක දිගට නිදාගෙන නැගිටින්න තියෙනවා නම් කියලා. කොහොම කලත් වෙන්නේ එකම දේ.. ලෝකයම අපිව දාලා ඉදිරියට යනවා.. අපි ඉදිරියට යන ලෝකේ ඇතුලේ යන්න දිහාවක් නැතුව බලාගෙන ඉන්නවා. ඒත් ඒක ප්‍රශ්න වලට විසඳුමක් දෙන්නේ නැ.. 


කොහොම වුනත් අවසන වශයෙන් කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. සමහර වෙලාවට මගේ ආදරේ වදයක් වෙන්න ඇති. ඒක මහ ලොකු හිසරදයක් වෙන්න ඇති..ඒත් මේ හදවත කුමක් කරන්නද.. 
තාම මම දන්නේ නැ.. අමතක කරනවා කියන හැමදේම ආයේ ආයේ මතක් වෙනවා.. අමතක කරනවා කියලා දීපු පොරොන්දුව අමතක වෙන්වා.. මේ හදවත තාමත් එදා වගේම ඒ තරමටම ආදරේ කරනවා..

"Jaadu sa chane laga
pagal banane laga
kuch yada aane laga
kuch bhoola jane laga
kya na kare kya kare
yeh dil kya kare...
yeh dil kya kare.."



Comments

  1. yeh dil kya kare...............hmmm

    ReplyDelete
  2. 100% විරුද්ධයි ! හෙලා දකිනව ........ පී

    මේක බොරුවක් නම් මොන තරම් හොදද , ඒත්......... !!!

    ReplyDelete
    Replies
    1. මොකටද දැන් ඔච්චර විරුද්ධ?? හෙලා දකින්නේ?? :) මේක බොරුවක් නෙවෙයි.. සදාතනික සත්‍යය..

      Delete
  3. කෙනෙක්ගේ ජීවිතේ ආදරේ හටගන්නේ එක පාරයි කියන එක මං විශ්වාස කරන්නේ නෑ. මොකද ගොඩක් වෙලාවට අපි අපේ නොලැබුණු ආදරේ සාධාරණීයකරණය කරන්න ගොතපු උප්පරවැට්ටියක් විදිහටයි මම නම් ඒ මතය විශ්වාස කරන්නේ. ඒ කියන්නේ, පලවෙනි ආදරේ නැත්තම් නැතිවුණ ආදරේ වෙනුවෙන් හිත රවට්ට ගන්න, ඒ ආදරේ පුජනීයත්වයෙන් අදහන්න ඒ මතය පාවිච්චි කරන්න පුලුවන්, සිතුවිල්ලක් කියන ඒක වෙනස් කරන්න පුළුවන් ගොඩක් වෙලාවට....ඒත් එහෙම කරන්න පුළුවන් වෙන්නේ සීමිත පිරිසකට විතරයි. (මේ බණ ටෝක් දුන්නට මමත් ඉන්නේ ඔයා ඉන්න තත්වේ රෙඩී)

    ReplyDelete
    Replies
    1. ඔයා කියපු දේට උත්තරේ හිතුගේ මේ කමෙන්ටුව ඇතුලේ තියනවා පැතුම්.. ඒක බොරු නෙවෙයි.. සමහර විට අපි පිලිගන්න අකැමැති ඇත්ත ඒක.. :)

      "කෙනෙක්ට ජීවිත කාලෙට එකම එක සැරයක් විතරයි, හදවතේ අන්තිම පතුලටම වැටිලා ආදරේ කරන්න පුළුවන්.. ඊටපස්සෙ ඇති වන ආදරයන් සාපේක්ෂයි!!!
      ඕනෙම කෙනෙක්ට ඇස් දෙක පියාගෙන මොහොතක් ආදරේ ගැන මතක් කලොත් මතකෙට ඉස්සෙල්ළාම එන කෙනෙක් ඉන්නවා..ඒ කෙනා අතීතයේ හිටිය කෙනෙක් වෙන්නත් පුලුවන්, වර්තමානෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.."

      Delete
  4. සිරා පෝස්ට් එක රෙඩ්.. මටත් වැදුනා ඒකෙ කියවිලා තියෙන දේවල්නම්. ජය..!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහෝ.. :) ජය!!

      Delete
  5. හින්දි සින්දු අහ අහ හිටු ,දැන් කැම්පස් පටන් ගත්තම පේපර් එක හින්දි සින්දු ගැනද තියෙන්නේ ?

    ReplyDelete
    Replies
    1. හෆොයි දයාබර රොබින් අයියේ.. බොලාට මෙතනවත් ඔය වෙඩින් විභාගේ මතක් නොකර ඉන්න බැරි වුන හැටි.. හික්ස්..

      Delete
  6. ප්‍රේමය නම් අසනිය කුසුමකි
    රිසි වූ කෙනෙකුට පුජා කෙරුමට
    ලෝභ සිතින් තොර පිදුව මනාවේ
    පෙරලා ලබනට නොසිතා බිඳකුදු

    ReplyDelete
    Replies
    1. විලාසිනයකගේ ප්‍රේමය.. ඔයා කියලා තියෙන දේ හරියටම හරි නුවන්..
      ප්‍රේමය කියන්නේ පිළිතුරක් බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නෙවෙයි.. ප්‍රේමය කියන්නේ හදවතෙන් නැඟෙන ප්‍රකාශයක්.. සත්‍ය අවංක ප්‍රකාශයක්..
      ජය වේවා..!!

      Delete
  7. ආදරය ..කවදාවත් අරුත් දක්වන්න බැරි අමුතුම මිහිරිම දුක්බරම හැගීම ...ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. 100% ක් එකඟයි කතාවට.. කවදාවත්ම හිතේ තියෙන දේ හරියටම කියන්න බැරි එකම හැඟීම..

      Delete
  8. //කොහොම වුනත් අවසන වශයෙන් කියන්න තියෙන්නේ එකම එක දෙයක් විතරයි. සමහර වෙලාවට මගේ ආදරේ වදයක් වෙන්න ඇති. ඒක මහ ලොකු හිසරදයක් වෙන්න ඇති..ඒත් මේ හදවත කුමක් කරන්නද..
    තාම මම දන්නේ නැ.. අමතක කරනවා කියන හැමදේම ආයේ ආයේ මතක් වෙනවා.. අමතක කරනවා කියලා දීපු පොරොන්දුව අමතක වෙන්වා.. මේ හදවත තාමත් එදා වගේම ඒ තරමටම ආදරේ කරනවා..//

    මේ ටික නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේශ් අයියා.. :)
      ජය වේවා..

      Delete
  9. //ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. // එකඟ නැත.

    මම ඔයාගේ කැමතිම ලිපිය මේ

    ReplyDelete
    Replies
    1. නෑ මම කියන්නේ ඊට පස්සේ ආදරය ඇති නොවෙනවා කියලා නෙවෙයි.. අනික ඒ කෙනා පලමු කෙනා වෙන්නෙත් නැ.. සමහර විට ඒ වර්තමාන පෙම්වතා වෙන්න පුළුවන්.. ඒත් කවදාවත් හිතින් අයින් කරන්න බැරි එක චරිතයක් ඉන්නවා.. :)
      ස්තූතියි මදාරා.. කමෙන්ටුව මට ශක්තියක්..

      Delete
  10. සදා කාලික නොවූ ලෝකේ සදා කෙලෙසද පෙම් බඳින්නේ....?

    ReplyDelete
    Replies
    1. සදාකාලිකව පෙම් බඳින්න පුළුවන්..ඒත් සදාකාලිකව හිමි කරගන්න නම් බැ.. කොහොමත් සමහර දේවල් තියෙනවා අයියේ කොහොම කලත් වෙනස් කරන්න බැරි දේවල්.. ඒවා කාලයත් එක්ක වෙනස් වෙන්න ඉඩ දෙනවා ඇරෙන්න අපිට බලෙන් වෙනස් කරන්න යන්න බැ.

      Delete
  11. කිසිම දෙයක් ඕනි කමින් අමතක කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ ඒ දේවල් ආයේ ආයේත් මතක් වෙන එක විතරයි.

    ඔන්න මමත් ආවා මේ පැත්තට :) :) :) :) :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත...කිසිම දෙයක් ඕනේකමින් අමතක කරන්න බැ..ඒකට ඔහේ ඉන්න දෙන්න වෙනවා..
      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
  12. අර අන්තිමට දාලා තියෙන ටික තමා මොලෝදෙයක් තෙරුනේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවේ අරුත තමා ඔය උඩින්ම දාලා තියෙන්නේ සහෝ.. :)

      Delete
  13. වැදෙන්නම ලියලා තියෙනවා

    ReplyDelete
  14. //ජිවිතේ එකම එක පාරක් විතරයි හදවතේ විශාල ආදරයක් ඇති වෙන්නේ.. //

    එකඟයි!!! අත්දෙකම උස්සලා.. :)

    කෙනෙක්ට ජීවිත කාලෙට එකම එක සැරයක් විතරයි, හදවතේ අන්තිම පතුලටම වැටිලා ආදරේ කරන්න පුළුවන්.. ඊටපස්සෙ ඇති වන ආදරයන් සාපේක්ෂයි!!!
    ඕනෙම කෙනෙක්ට ඇස් දෙක පියාගෙන මොහොතක් ආදරේ ගැන මතක් කලොත් මතකෙට ඉස්සෙල්ළාම එන කෙනෙක් ඉන්නවා..ඒ කෙනා අතීතයේ හිටිය කෙනෙක් වෙන්නත් පුලුවන්, වර්තමානෙ ඉන්න කෙනෙක් වෙන්නත් පුලුවන්.. එකඟයි ඔයාගෙ කතාවට රෙඩ්!!! ලස්සන ලිපියක්!!! හදවතට දැනෙන්න ලියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. හරියටම හරි හිතූ..අන්න ඒ දේ තමා මට කියන්න ඕනේ වුනේ.. :)
      ජය!!

      Delete
    2. මං කොපි කරන් පහලට එද්දී දැක්කේ මේ යෝධි දාල තියෙනවා ඒක කමෙන්ට් එකක් විදිහට

      Delete
    3. හූ.. හූ... මඩයෝ, අප්පමාදෝ අමතපදම්!!!

      Delete
  15. නියම පොස්ටුවක්.. හින්දි නම් දන්නේ නෑ. ඒත් ඒ සින්දුවට ආසයි.. ඒකේ තේරුමත් පොස්ට් එකේ අන්තර්ගතය වගේ එකක් ද රෙඩ්..?

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුවේ තේරුම තමා ඔය උඩින්ම දාලා තියෙන්නේ සහෝ.. :) මායාවක් සිදුවෙයි... කීයලා.. මේ පොස්ට් එක ලියවුනේ ඒ සිදුවේ අරුත එක්ක තමා..
      ජය..!!

      Delete
  16. හදවත කුමක් කරන්නද.... අනේ මන්ද..... හ්ම්ම්ම්ම්ම්ම්
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. අනේ මන්දා කියලා තමා කියන්න වෙන්නේ පනු.. :)
      ජය!!!

      Delete
  17. මොකක්ද ඔය අන්තිමට ලියලා තියෙන්නේ... අපි හින්දි දන්නේ නෑ නේ අප්පා... ඒක හින්දියෙන්ම ලියලා තිබුනනම් ට්‍රාන්ස්ලේට් කර ගන්න තිබුනා ගූගල් වලින්... අර හින්දි වලින් අපි චැට් කරනවා වගේ...

    පෝස්ටුව ගැන මොකද කියන්නේ... කියන්ට දෙයක් නැත... ආදරේ තියෙන්නේ මූණ ලස්සණට තියෙනකල් විතරයි... මිනිස්සුන්ට සල්ලි තියෙනකල් විතරයි... තේරෙන විදිහට කිව්වොත් කවි වල නවකතා වල චිත්‍රපටි වල විතරයි.... හැබෑ ජීවිතේ නෑ... මම නං අතීත අත්දැකීම් වලින් ඉගෙනගත්තේ එච්චරයි... ඇත්තටම එහෙම දෙයක් විඳලා නෑ... කව්රු හරි කියයි නෑ එහෙම නෑ කියලා... ඇත්තටම ආදරේ කරන්න දන්න අය ඉන්නවා කියලා... එහෙම අයට මට කියන්න තියෙන්නේ ඉන්නවනම් පෙන්නන්න... මං හෙටම කසාද බඳිනවා...

    ReplyDelete
    Replies
    1. එහෙමම කියන්න බැ ඉතින්.. අපි පහුගිය කාලේ ඕනතරම් දැක්කානේ සහෝ ඇස් පෙන්නේ නැති.. එතකොට අත් පා නැති වුන හමුදාවේ සාමාන්‍ය සොල්දාදුවන්ව විවාහ කරගන්න එයාලගේ පෙම්වතියෝ..ඒ මිනිස්සු මහා ලොකු සල්ලිකාරයෝ නෙවෙයි නේ.. එතකොට ඔයා කියන දේ වෙනස් වෙනවා.. ඒත් හැබැයි ඔයා කියන දේ නොවෙනවා ම නෙවෙයි.. රූපෙට සල්ලි වලට ආදරේ කරන අයත් ඉන්නවා... ඒ නිසා ඒ කතාවේ දෙපැත්තක් තියෙනවා.. මම ආදරේ කරන්නේ සල්ලි වලට නෙවෙයි.. මොකද සල්ලි කියන සාධකය මම ආදරේ කරන තැන නැති නිසා.. රූපේ ගැන කිව්වොත් නම් කොහොමත් අපිට ගොඩාක් ම ලස්සන අපි ආදරේ කරන කෙනානේ.. ඒ නිසා රූපේ නැ කියලා කියන්න බැ.. ජය වේවා.. :)

      Delete
    2. හනේ මන්දා... ඔය කිව්වේ මගේ අත්දැකීම... මට ආදරෙයි කිව්ව කෙල්ල මාව දාලා ගියේ මට සල්ලි නැති නිසා... මම හිතන්නේ නෑ ආදරේ කරන්න සල්ලි තියෙන්න ඕන කියලා... ඒත් කෙල්ලෝ එහෙම හිතන්නේ නෑ නේද? ඔය සිද්ධිය මට විතරක් වුණ දෙයක් නෙවෙයිනේ... බොහොම ජනප්‍රිය මාතෘකාවක්නේ? ඒ නිසා මට කෙල්ලෝ ගැන තියෙන විශ්වාසේ වුණත් බොහොම පහත් මට්ටමක තියෙන්නේ... අනිත් එක පිරිමි වුණත් ගැහැණු වුණත් කවි වල සින්දු වල බ්ලොග් පෝස්ට් වල ලියන සුන්දර දේවල් ඒ අයගේ හිත්වල නැති අවස්ථා ගොඩක් මම දැකලා තියෙනවා...

      හ්ම්ම්... ඒ ‍අදහස වෙනස්වෙන්න ඉඩ තියෙනවා... මම කොහොමත් නම්‍යශීලියි... ඒත් ඉතින් ඒදේ සිද්ධ වෙන්නේ ඔය කියන ජාතියේ කෙල්ලෙක් මුණ ගැහිලා කාලයක් ආශ්‍රය කරලා මට ඒක තේරුම් කරලා දුන්න දවසටම තමා... ඒත් ඉතින් ඒක කවදා සිද්ධ වෙයිද? සමහරවිට සිද්ධ නොවෙන්නත් පුලුවන්...

      Delete
    3. ඒක ඇත්ත.. සමහරු කියන දේවල් හදවතේ නම් නැ තමා.. මේ කතාව නම් කිව්වේ හදවතින්මයි.. කෑගහලා කියාගන්න බැරි දෙයක් තමා මම බ්ලොග් එකේ දැම්මේ.. ඔයාට ඒ කෙල්ල හම්බු වේවි.. එදාට ඔයා අර වගේම වෙවි කියලා මුල ඉඳන්ම තීරණය කරගෙන එයාට අසාධාරණයක් කරන්න එපා සහෝ.. එහෙම වුනොත් ඒක අපරාදයක්..

      Delete
    4. හ්ම්ම්... අනේ මන්දා...

      Delete
  18. වදයක් වෙන ආදරේ........ම්ම්ම්ම්ම්ම්ම්..!
    මමනම් ආසයි ඒකට..!

    ReplyDelete
    Replies
    1. වදයක් වෙන ආදරේට ඔයා කැමතිද.. හිහිහි..
      සමහරු කැමති නැනේ අනේ... ජය වේවා..

      Delete
  19. මම නම් ඔයාත් එක්ක එකඟ නෑ රෙඩ්. හැබැයි මමත් කාලයක් ඔහොම හිතාගෙන හිටියා. ඒක වුනේ මම පොත් වලින් ‍ෆිල්ම් වලින් කියවිච්ච දේවල් විශ්වාස කරපු නිසා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. සමහර විට මටත් මේවා එන්න ඇත්තේ කියවපු පොත් හා බලමු ෆිල්ම්ස් වලින් වෙන්න ඇති.. හිහිහි.. තාමට මම විශ්වාස කරන දේ මේක.. පස්සේ වෙනස් වෙයිද දන්නේ නැ..

      Delete
  20. අනේ මන්ද// :/

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා?? ඒ කිව්වේ?? :D

      Delete
  21. හොඳ නිර්මාණයකි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි යාළු.. සාදරයෙන් පිළිගන්නවා..
      ජය වේවා..

      Delete
  22. කොච්චර කොතැනදී අපි කාට කොච්චර ආදරේ කරලා තිබ්බත් අන්තිමට එක තැනක් එනවා නේද අපි එකම එකම එක්කෙනෙක්ට විතරක් ආදරේ කරන.

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා මම කිව්වේ.. එකම කෙනෙක් විතරක් වෙන තැනකට එනවා.. එතනදි හදවත මොකද කරන්න ඕනේ කියලා අපිම දන්නේ නැ.. ස්තූතිය් මඩයෝ..

      Delete
  23. අනේ මන්දා මේව ට මොනව කියන්න ද කියලා...!!!

    ඔය වගේ ආදරයක ට ''මිරිඟුව" කියන උදාහරණේ නියමෙ ට ගැලපෙනවා. කිසිදා සැබෑ නොවෙන දෙයක්, ඒ වගේ ම මිරිඟුව දැඩි හිරු ‍රැසකදී පේනවා වගේ විවිඩ්ධාකාර අවස්ථාවල දී උච්චතම ව දැනෙන දෙයක්. කොහොම පෙනුණත්, කොහොම දැණුනත් ඒක මිරිඟුවක්!! මිරිඟුවක් වෙනුවෙන් මේ සා සෙනෙහෙසක් තියෙනවා නම්, සැබෑ වෙන සෙනෙහසක් වෙනුවෙන් කොයි තරම් කැප කිරීම කරන්න පුළුවන් ද කියලා හිතලා හිත හදාගන්න....

    හිතූගේ මේ කමෙන්‍ටුව ට මං බොහෝ දුර ට එකඟයි..
    //කෙනෙක්ට ජීවිත කාලෙට එකම එක සැරයක් විතරයි, හදවතේ අන්තිම පතුලටම වැටිලා ආදරේ කරන්න පුළුවන්..//

    ReplyDelete
    Replies
    1. හරියටම හරි දඟයෝ.. චණ්ඩ හිරු රැස් තියෙන වෙලාවට මිරිඟුව පේනවා වගෙ තමා.. මිරිඟුව හැබෑ වෙයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා... හ්ම්ම්..

      Delete
  24. අක්කි ආදරේ කියන්නෙ සුන්දර දෙයක්... මොළෙන් වැඩකරන මිනිහ හදවතින් වැඩ කරවන්නෙ මේ ආදරේ...
    තව එකක් අක්කි....
    අමතක කරනව කියන්නෙ මතක් කරන එකම තමයි....
    කවදාවත් මතක අමතක කරන්න එපා... එවා යටපත් කරන්න....
    අනික ඒව ඩිලීට් කරන්න යන්නත් එපා.මොකද ජීවිතේ යම් යම් සිද්ධි ඉන්ස්ටෝල් කරපු පයිල් වල සමහර දේවල් මැකුවම ජීවිතේ තියෙන සුන්දර වැඩසටහන් වැඩකරන්නෙ නැතුව යනව.මම කියන එක අක්කට තේරෙනවනේ!!!!

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..