මම ඈතට වෙලාම ඉන්නවා.



සිත හදාගෙන
නික්ම යමි මම
යළිත් ඔබ වෙත
නො එමි සිතා
ඇවැසි නම් ඔබට
එන්න මා වෙත
හිඳින්නේමි මඟ
බල බලා..
කවදාක හෝ
දැනුනොතින් තනිකමක්
නොසිටින්න තනිවී හඬා
එන්න මා වෙත
වැළද ගන්නෙමි
සෙනෙහසින් සුපුරුදු
ලෙස මෙමා..

\


Comments

  1. "දැනුනොතින් තනිකමක්
    නොසිටින්න තනිවී හඬා
    එන්න මා වෙත
    වැළද ගන්නෙමි
    සෙනෙහසින් සුපුරුදු
    ලෙස මෙමා.."

    මාත් කාලයකට කලින් මගේ ගෑල්ලමයට එහෙම කියලා සමු අරගෙන ආවා මට අද වගේම මතකයි. බ්ලොග් පිටුව අඬන්නේ ඒක ලියන කෙනාගේ ජීවිතය නිසානේ. දුකක් නම් බ්ලොග් පිටුවක බෙදාගමු. සතුටක් නම් නංගි තනියම ඒ සතුට විඳින්න. සතුට බෙදාගන්න මම නම් එන්නේ නෑ.

    ReplyDelete
  2. ම්ම්ම්... හුඟක් වෙලාවට ඒ අය ආපහු එන්නේ නැ නේද අයියේ..
    ඒත් තාමත් හිතේ බලාපොරොත්තුවක් තියෙනවා...
    ඒත් හැමදාම ඔයාලට අඬන දේවල්ම කියන්න මට ඕනේ නැ..
    ජීවිතේ හිනා වෙන්න මම වගේම ඔයාලත් ආසයිනේ.. :)

    ReplyDelete
  3. ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.... :( මමත් ඔහොම්ම හිත හිත අඬ අඬ මඟ බලන් උන්නු කාලයක් තිබුනා. ඒත් එයානම් ආවෙ නෑ... මම පොළොවෙ හැපි හැපි පස් කකා ඇඩූවා.. දෙයියනේ එයාට දුක හිතුනෙ නෑ.. ඒ පපුව උණු වුනේ නෑ..

    ඒත් අද මම ජීවත් ව්එනවා. හිනා වෙලා, හිත ඇතුළෙ යටම, ගැඹුරින්ම තියන වේදනාව හංගගෙන තනියම උහුලගෙන ඉන්නවා..
    ඒ මගේ මුළු ජීව්තේම කාලයට භාර දීලා.....

    කාලය තුවාල හොද කරනවා බලන් ඉමු අපි

    ReplyDelete
  4. මතක තියාගන්න එත දොරක් වැහුණම දොරවල් 1000ක් ඇරෙනවා..ඇත්ත ඒ හැමදොරකින්ම ඇතුලු වෙන්න බැහැ..ඒත් වැහුණු දොරට වඩා හොඳ දොරක් තියේවි ඇතුල්වෙන්න!

    ReplyDelete
  5. ඔබ ආයෙමත් ඇවිදින්...හිත හදාගත්තා විතරමයි...ඔබ ආයෙමත් ඇවිදින්..... :((

    ReplyDelete
  6. හයියෝ... සංසාරේ...... කිව්වලු...:-D

    ReplyDelete
  7. සමහර දේවලට අපි හිතින් ඈතට යන්න කොච්චර ඉඩ ඇරියත් ඒවා ආයෙම අපි ලගට එනවා..

    ReplyDelete
  8. apita uvamana devalma jeevithe sidda venne nehene akke.. eeth yana deta yanna arinna-that's the better solution.

    ReplyDelete
  9. කොච්චර අඩුවත් ඇහෙන්නේ නැහැ, කන් නැහැ, හිනා වෙන්න,, අපි ගැන නොසිතන කෙනෙක්ව අපිට ඕනෑම නැහැ..

    ReplyDelete
  10. මේක කියවද්දි ටී.එම්.ගේ " සිතින් මා නොසැලී හිඳිද්දී" ගීතය මතක් වුණා

    ReplyDelete
  11. කොයිතරම් දුර ගියත් අපිට අයිති දේවල් ආ පහු අපි ළගට එනවා නංගියෝ..නංගියාගෙ බලාපොරොත්තුව ඉටුවෙන්න මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...!!! :)

    ReplyDelete
  12. බලාගෙන ඉන්න ඉන්න දුක වැඩි යාළු....
    අනික අපි කොච්චර අඬා වැළපුණත්, ආදරේ අඳුර නොගත්තු හිතක් උණු වෙන්නේ නෑ. අන්තිම ට විඳවලා තියෙන්නෙත් අපිමයි...

    කාලය ට ඉඩ දීලා බලමු. අපි නොහිතන විදිහ ට කාලය අපි ට හොඳ විසඳුම් දෙනවා....

    ReplyDelete
  13. හිතු- ඇත්ත.. මමත් දැන් ජීවත් වෙන්න පටන් අරන්.. ආයේ එයා එනකන් බලන් ඉන්නේ නැ..ස්තූතියි :)

    සුජානි- මමත් ගොඩක් කල් වැහුනු දොරක් දිහා බලාගෙන හිටියා.. ඒත් තවත් නම් නැ.. ස්තූතියි :)

    මකුළු පැංචි- ම්ම්ම්... එයාට මම ආයේ එන්න දෙන්නේ නැ මගේ හිතට.. ස්තූතියි :)

    පසන්- මොකෝ අනේ මේ..?

    ReplyDelete
  14. දිනේශ් අයියා- ම්ම් එහෙමත් වෙනවා.. ඒත් මට ආයේ දුර ගිය දේ ඕනේ නැ දැන් අයියා.. මට මගේ ජිවිතේ දුක් විඳිනවට වඩා වැඩි දෙයක් කරන්න පුළුවන් කියලා හිතුනා.. :)

    වර්ණා- ඇත්ත.. අපි ගැන නොහිතන කෙනෙක් ඕනේම නැ.. ස්තුතියි.. :)

    ReplyDelete
  15. දයානන්ද රත්නායක- මගේ නිර්මාණය මඟින් තවත් ලස්සන නිර්මාණයක් මතක් කරන්න හැකි වීම ගැන සතුටුයි.. ස්තූතියි.. :)

    නන්දු- ම්ම්.. ඇත්ත අක්කේ.. අයිති නම් ලඟට එයි.. ඒත් දැන් නම් අයිති නොවුනත් කමක් නැ වගේ තමා.. සමහර දේවල් ලැබෙනවට වඩා නොලැබීම හොඳයිනේ.. ස්තූතියි අක්කා.. :)

    මහි- ඔයා මගේ ගැන නොදන්න දෙයක් නැනේ.. කාලය හොඳම විසඳුම දෙයි කියලා මමත් විශ්වාස කරනවා.. :)

    ReplyDelete
  16. ඇනෝ- ඒක ඇත්ත.. ඔයා මල්ලියෙක්ද නංගියෙක්ද නම් දන්නේ නැ.. ඒත් ඔයා කියපු කතාවට මමත් එකඟයි.. අනිත් දවසේ නමත් දාලාම යන්න.. නම වටිනවා ඇනෝ කියනවට වඩා.. ස්තූතියි..:)

    ReplyDelete
  17. ආදරේ අඳුර නොගෙන දුක් වෙවී ඉන්නවට වඩා හොදයි වෙන්වීම නිසා දැනෙන දුක.

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..