~දොරකඩ ලඟ~




මන්දාරාම් වැහි වැටෙනා
සීත සැන්දෑවක තනියම
දොරකඩ ලඟ මං උන්නා
පාර හොයන් ඒවී සිතා..

කීරී ගැහෙන හිත අද්දර
හඬා වැටෙන පැතුම් පොඳිය
ගුලි කරගෙන බලා උන්නා
ඔබ ආයෙත් ඒවී සිතා..


අමාවකේ අහස් කුසේ
සඳේ එළිය කවුද සෙව්වේ
පාලු වෙච්ච සොහොන් පිටියේ
සිහින මැඳුරු කවුද තැනුවේ..



අමාවකේ අහස වගේ
ඔබ බැස ගිය මගේ දිවිය
සොහොන් පිටියේ සිහින වගේ
හිතේ රැඳුනු හීන පොඳිය..


හිත අරගෙන ඔබ ගිහිල්ලා
දැන් බෝ කල් ගෙවී ගොසින්
මකුළු දැලින් සැඟවී ගිය
දොරකඩ ලඟ මං තාමත්..

"වින්දනීය ආදරය වේදනාවක් නොවන්නට.."

Comments

  1. කීරී ගැහෙන හිත අද්දර
    හඬා වැටෙන පැතුම් පොඳිය
    ගුලි කරගෙන බලා උන්නා
    ඔබ ආයෙත් ඒවී සිතා.

    හරිම ලස්සනයි නංගියෝ...

    ReplyDelete
    Replies
    1. ඔයා කාලෙකට පස්සේ ඇවිල්ලා.. හිහි.. තැන්කූ අක්කා..

      Delete
  2. ඉරි තැළුනු කතර බිම.....
    සනසවයි වලාගැබ
    දුක පිරුන මගෙ නෙතට........
    සිහිලසයි සොදුරැ නුඹ
    සනහලා ජීවිතය ....
    හිනහීල මා සමග
    හද කවුළු ඇරදාලා .....
    දුරක ගියේ කිමද නුඹ

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔයාගේ ඉල්ලීම පරිදි කවියක් ලිව්වා.. පිළිතුරු කවිය ලස්සනයි සහෝ..

      Delete
  3. පට්ට කවි පන්තිය රෙඩ්

    //හිත අරගෙන ඔබ ගිහිල්ලා
    දැන් බෝ කල් ගෙවී ගොසින්
    මකුළු දැලින් සැඟවී ගිය
    දොරකඩ ලඟ මං තාමත්..//
    මේක මට හිතට වැදුනා ගොඩාක්.
    මොකෝ මේ බ්ලොග් එක පාලුවට ඇරලා?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක පාළුවට ඇරලා නෙවෙයි අනේ.. නොදැනීම පාළුවට ගිහිල්ලා.. බොහොම ස්තූතියි සහෝ..

      Delete
  4. මොකදෑ මේ කෙල්ලෝ විරහව ගැනම ලියන්නේ.:) ලස්සනයි ලස්සනයි!!
    //මකුළු දැලින් සැඟවී ගිය
    දොරකඩ ලඟ මං තාමත්..//
    මේ ටික මරු!
    //කවුද සෙව්වේ// මේ වචන දෙක මාරු උනා නම් හොඳ නැද්ද..//කවුද තැනුවේ..//මේකත් ඒ වගේ..?
    මං මෙහෙම කිව්වට කවි ගැන නම් මෙලෝ හසරක් දන්නේ නෑ. ඒත් මට එහෙම හිතුනා.:)
    මොකෝ බ්ලොග් එක දැන් ලියනවා අඩු..??

    ReplyDelete
    Replies
    1. විරහම ගැනම විතරක් නෙවෙයි ඉතින්.. හිතට මේ දවස් වල වද දෙන දේවල් ගැන තමා ලියවුනේ.. බ්ලොග් එක ලියන්න කම්මැලි අනේ..

      Delete
  5. අනේ මන්දා...

    ලව් පලහිලව්.මොකක්ද අප්පා ...

    ReplyDelete
    Replies
    1. හිහිහි..ඒවත් ජීවිත වල තියෙනවා නේ නේද සහෝ.

      Delete
  6. ආදරේ විරහව කවිපද ඉබේටම මවනවා ...ලස්සනයි නංගි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්..ඒකත් ඇත්ත.. :) තැන්කු අයියා..

      Delete
  7. මෙන්න කාලයක් අතුරුදහන් වෙලා ඉඳල විරහ කවි ලියනවෝ!!! මොනවා උනත් ලස්සන වචන සෙට් එක ඈ! එල!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. හිහිහි..ටික කලක් අතුරුදහන් වුනා.. ආයේ එහෙම වෙයිද දන්නේ නැ. බ්ලොග් ලිවිල්ල එපා වෙලා..

      Delete
  8. ලස්සන කවි ටිකක්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. ජය වේවා..

      Delete
  9. ලස්සනයි රෙඩි කවි ටික. :)

    ReplyDelete
  10. රෙඩ්ගෙ කවි කවදත් ලස්සනයිනේ. මේකත් හරිම රසවත්. ජය වේවා යාලු.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. ජය වේවා..

      Delete
  11. මකුළු දැලින් සැඟවී ගිය
    දොරකඩ ලඟ මං තාමත්..



    i <3 this part sweet as always :)

    ReplyDelete
  12. දුකත් එක්තරා රසයක් ලු කියනවා වගේ ම විරහව ත් එක්තරා සැපයක් කියලා මට හිතෙනවා! ඇත්තද මන්දා... ලස්සන පද පෙළක්!

    ReplyDelete
    Replies
    1. විරහව ඇතුලේ සැපක් නම් මට තාම දැනිලා නැ සහෝ.. ඒත් හැබැයි විරහව ඇතුලේ නිර්මාණ නම් හැංඟිලා තියෙනවා.. ස්තූතියි.. ජය වේවා.. :)

      Delete
  13. අපූරුයි රෙඩ් ! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරු.. :)
      ජය වේවා..

      Delete
  14. හයියූ.. ආදරේද... රිදිලා රිදිලා දැන් නම් තවත් රිදෙන්නෙ නෑ... ඒක සාමාන්‍ය දෙයක් වෙලා...

    ReplyDelete
    Replies
    1. එහෙම වෙනවද?? එහෙනම් හොඳයි.. මටත් ටික දවසකින් පුරුදු වුනාම හරි යයි..
      ජය වේවා..

      Delete
  15. ලස්සනයි අක්කී

    ReplyDelete
  16. niyamai red. oyage wiraha kawi num wirahawa athwidala tiyena ayata num niyemeta denanawa ethi. PS. mata num mewa den tune wenawa poddak madi. red lamaya dannawa ne, ape ithin oya kale penala ne. hoh hoh :D

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනේ මෙහෙම අත්දැකීම් ලැබෙන්නෙත් එපා.. :) ලඟදිම ආදරය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.. ජය!!

      Delete
  17. ආදරේ අපිට එපා
    අපූරු කවි පේළියක්... ලස්සණයි... අපිට උරුම ඔච්චරයි...

    ReplyDelete
    Replies
    1. ආදරේ එක්ක තරහද?? මාත් තරහයි අනේ.. :)
      ජය වේවා...

      Delete
  18. දොරකඩ ළග ඔයා දිරාපත් වෙලා ද? අක්කා...........

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..