ඔයාගේ පැත්ත..

ඔබව අමතක වෙන්න
ගියා මං වෙරළට
"රළ ඇවිත් හැපෙනකොට
හරිම ලස්සනයි නේද"
ඔයාගේ කටහඬ
ආයේ ඇහෙනවා මට.....


ඔබව අමතක වෙන්න
ගියා ෆිල්ම් එකක් බලන්න
වටපිට බැලුවා මම
හැමතැනම ජෝඩු ජොඩු
කළුවරේ ඔබ ඉන්නවද
බැලෙනවා මට තාම.....



ඔක්කෝම අතැරලා
නිදියන්න ගියා මම
අතපත ගාන කොට
අහුවුනා වැඩිපුර කොට්ටයක්
ඇඳේ ඔයාගේ පැත්ත
තාමටත් හිස් වෙලා.......

බ්ලොග් එකේ පෙනුම වෙනස් කලා.. වෙනස ගැනත් පොඩි අදහසක් දීලාම යන්න හොඳේ..:) තරියාගේ කෙරුවාව ලියන තරියාටත් ගොඩාක් ස්තූතියි මේක වෙනස් කරන්න උදව් කලාට.. ජය වේවා..

Comments

  1. අමතක කරන්නම බැහැ නේද...... බ්ලොග් එකේ අලුත් පෙනුම නම් හොඳටම හොඳයි :)

    ReplyDelete
    Replies
    1. කරන්නම බැ අප්පා.. මොකක් කරලාවත්..හික්ස්.. තැන්කූ.. ජය වේවා.. :D

      Delete
  2. පෙණුම හොදයි. යට footer area එක කොටස් දෙක තුනකට වෙන් කරගත්තනම් හොදයි වගේ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ බුද්ධික අයියා.. ම්ම්ම්... ඒකත් කරන්න බලන්නම්.. මම මේවා වැඩිය දන්නේ නෑ අනේ.. බොහෝම අමාරුවෙන් තමා මේකත් කරගත්තේ.. ජය වේවා.. :)

      Delete
  3. දැන් නම් ඉතින් බ්ලොග් එක සුපිරියි.. රෙඩ් ඩ්‍රීම්ස් ම තමා ඉතින්!!

    ReplyDelete
    Replies
    1. ජය වේවා.. මේ ඔයා මට අර විස්තර හරියට කිව්වේ නැනේ.. මැසේජ් එකක් එවන්ඩෝ..

      Delete
  4. කවි රස විඳින්න කියාපු වෙලාවක තමා මම ආවෙ.
    …බ්ලොග් එක හොඳයි. ඇහැට අමාරුවකුත් නෑ. අකුරුත් පැහැදිලිව පේනව.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ.. එකක් මේ පැත්තේ ආවට..අනික පෙනුම ගැන සදහන් කලාට.. ජය වේවා.. :D

      Delete
  5. පෙනුම එල..
    කතාවත් එල..

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා.. මේක දාගන්න ඔයාත් වටිනා කියන සහොයෝගයක් දුන්නානේ.. ජය වේවා.. :D

      Delete
  6. වෙනසක් නේන්නම්... ලස්සනයි... කවි පෙලත්...

    ReplyDelete
    Replies
    1. තැන්කූ දිනෙශ් අයියේ.... ජය වේවා.. :D

      Delete
  7. නියමයි යාළු..:)
    බ්ලොග් එක හරි.............ම ලස්සනයි.
    පෝස්ටුවත් නියමයි හ්ම්ම් :)

    ReplyDelete
    Replies
    1. හිහි.. බෝහෝ....ම ස්තූතියි හිරු.. ජය වේවා.. :D

      Delete
  8. ගොඩාක් ලස්සනයි අක්කි දැන් බ්ලොග් එක. නියමයි !

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගියෝ.. ජය වේවා.. :D

      Delete
  9. hmmmm..aluth penuma nana supiri...... post ekath ela kiri... (Y)

    ReplyDelete
    Replies
    1. තැන්කූ ශයංග අයියේ.. ජය වේවා.. :D

      Delete
  10. කියන්න දෙයක් නැති හින්දා මගෙ කවියක් කොපි / පේස්ට් පාරක් දාමි.

    ලොවම ගිණි ගෙන දැවෙන අතරේ
    අවසරය නැති පෙමක් කතරේ
    සිනහ සලමින් උනුන් අතරේ
    අප අපේ විය පාළු පාරේ...

    සියළු බැමි බිද
    මගේ ලග හිද
    ලොවට නැමුනේ
    ඔබේ හිස නොව
    කෙලින් සිටගෙන
    තදින් සිරකර
    අතින් අල්ලා
    සිටිය මා ලග

    උන්ට වැඩ නැති
    අසම්මතයක
    මම - ඔබේ විය
    කිහිප දිනකට

    සුනදරයි ඒ
    නොවිදි සුව හද
    පිපුනි මල් කොද
    මතක මානෙක..

    ReplyDelete
    Replies
    1. අසම්මතයක පැටලුනා
      හොරෙන් අප සිත් එකවුනා
      නමුත් කාලය ඉගිලුනා
      වෙන්වෙන්න කල එළැඹුනා..

      ලස්සන කවියක් සෑම්.. ජය වේවා.. :D

      Delete
  11. අමතක කරන්න අවැසි දේ අමතක කිරීමට සිතීමත් මතකය අලුත් කරයි... !

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම.. සින්දුවක් තියෙනවානේ.."දුරස් වන්නට සිතන සැම විට තවත් ලං වෙනවා.. මතක නැති කරගන්න සිතු විට සිතේ රජ වෙනවා.." කියලා.. ඒ වගේ තමා. බොහෝම ස්තූතියි මඩා.. ජය වේවා..

      Delete
  12. ඇඳුම ලස්සනයි....හේම් අමතක කල නොහැකි මතක සහ අසුන්දර තනිකම සුන්දර නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. තැන්කූ රාජ්.. රාජ්.. මන් ආස නමක්.. ජය වේවා.. :D

      Delete
  13. ඉතින් ඊට පස්සේ !!!!!!!

    ReplyDelete
    Replies
    1. ඉතින් ඊට පස්සේ සුපර්මෑනුයි ස්පයිඩර් මෑනුයි හොරු ටික අල්ල ගත්තා.. හිහිහි.. මේ පැත්තේ ආවට බොහෝම ස්තූතියි යාළු.. ජය වේවා.. අයේ එන්න ඉතුරු කොටස කියන්නම්.. :D

      Delete
  14. මම හිතන්නේ මම අදයි මේ පැත්තේ ආවේ. නියම බ්ලොග් එක දිගටම කරගෙන යන්න. සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා සහෝ.. දිගටම එන්න.. තැන්කූ..
      ජය වේවා.. :D

      Delete
  15. අලුත් ඇඳුම ශෝයි!!! :D

    ම්ම්ම්ම්.. කොච්චරකරත් අමතක කරන්න බැරි මතක තියෙනවානෙ..

    ReplyDelete
    Replies
    1. තැන්කූ හිතූ.. ඒකනේ.. සමහර මතකයන් අමතක කරනවාට වඩා ඒ දේවල් එක්ක ම ඉස්සරහා ගැන හිතන එක තමා හොඳ.. :)

      Delete
  16. හයියෝ...මටත් ඔය ලෙඩේ තියනවනේ!මොකෝ කොරන්නේ??

    අර යට තියන about me එකයි....FB widget එකයි වම් අත පැත්තේ උඩට ගත්තොත් මොකෝ?

    ReplyDelete
    Replies
    1. ම්ම්.. ඔයාගේ යෝජනාව ක්‍රියාත්මක කලා..මන් හිතන්නේ ඒක හොඳයි වගේ.. ම්ම්ම්... අමතක වීම නම් කල නොහැක්කක්.. මතක් නොකර සිටීම තමා කරන්න තියෙන්නේ.. ස්තූතියි කොමෙන්ටුවට වගේම යෝජනාවට.. ජය වේවා.. :)

      Delete
  17. බ්ලොග් එකෙ බොඩි එක තව ටිකක් පලල් කලානම් හොඳ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මේකයි සහෝ.. බොඩි එක පළල් කලොත් පින්තුරේ වැහෙනවානේ..හිහ්.. මම ඉතින් ටිකක් විතර පින්තූරේ දිහා බලාගෙන ඉන්න කැමති කෙනෙක් ලු..ඒ නිසා තමා පලල් නොකරන්නේ.. ගෑනු ලමයින්ට ඔය එක එක විදිහේ ලෙඩ තියෙනවානේ.. හික්ස්..

      Delete
  18. බ්ලොග් එකේ වෙසත් ලස්සනයි.ඇහැට ප්‍රිය පාටක් තිබුණනම් හොඳයි කියල හිතෙනවා.

    කවියේ අවස්ථා තුන හැබෑවටම අපූරුයි.ඒ අවස්ථා තුනේම හුදකලා බව මතු කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි.. :) ම්ම්ම්.. පාට අමාරුයි වගේද ඇහැට.. බලමුකෝ ඒකටත් ඉදිරියේදී වෙනසක් කරන්න පුළුවන් වෙයිද කියලා..

      Delete
  19. අමතක කරන්න හදනකොට වෙන්නේ තව තව මතක් වෙන එක විතරයි.
    බ්ලොග් එක හරිම ලස්සනයි කලින්ට වඩා.. :))

    ReplyDelete
    Replies
    1. ඇත්ත.. බොහොම ස්තූතියි යාළු..
      ජය වේවා.. :D

      Delete
  20. මම මේ නමින් ලස්සන ෆිල්ම් එකක් බැලුව.(Red Riding Hood).ඒ කාලෙම තමා ඔයාව මුලින්ම බ්ලොග් අවකාශෙ දැක්කෙ..ඊට පස්සෙ ඔයා නැතුව ගිහින් ආයෙ මේ ලඟකදි ඉඳන් ඉන්නව දැක්ක..කෝම උනත් අද තමා මේ පැත්තෙ ආවෙ....බ්ලොග් එක ලස්සනයි.හෙමින් කියවන්නම්....:)

    ReplyDelete
    Replies
    1. හිහි.. මමත් බැලුවා ඒක.. හැබැයි ඒක එන්න කලින් තමා මම රෙඩ් වුනේ.. ඒකටත් හේතුව නපුරු වෘකයෙක්.. ;) සාදරයෙන් පිළිගන්නවා කිරිල්ලි මේ පැත්තට..මන් නම් ඒ පැත්තේ ආවා.. එහෙනම් ජය වේවා.. දිගටම එන්න..

      Delete
  21. බ්ලොග් එක ගොඩක් ලස්සනයි රෙඩ්. කවිත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සයුරි.. :)

      Delete
  22. අද තමයි මේ පැත්තේ ආවේ. රතු කියන්නේ මගෙත් ප්‍රියතම පාටක්. :) දිගටම එන්න හිතනවා.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා.. ආයේ එන්න..
      ජය වේවා..

      Delete
  23. ප්‍රේමය තනිව නොඑයි ..විරහව සමගින් එයි
    ප්‍රේමය තනිවම යයි ..විරහව රැගෙන නොයයි

    බ්ලොග් එක ලස්සනයි ..මටත් තව උදව් ඕනේ ..අපි කිරිකෝඩුනේ නංගි :))

    ReplyDelete
    Replies
    1. හිහි.. සාදරයෙන් පිළිගන්නවා බ්ලොග් එකට.. ඕනේ උදව්වක් දෙන්නම් අනේ..
      අයියා කිරිකෝඩු බ්ලොග් එකට මිසක් කවි වලට නෙවෙයි.. හිහි.. ජය වේවා

      Delete
  24. :)) ඉඳල හිටලා හරි ඇවිත් බලල බ්ලොග් එකේ වෙනස් වෙන ඕනේ තැන් පෙන්නලා දෙන්නකෝ ..:))) thanks nangi

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම එනවා.. :)

      Delete
  25. මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නේ නෑ..

    මම කලින් බ්ලොග් එකනම් දැකලා නෑ. මේකනම් ලස්සනයි.

    ජය වේවා..!

    ReplyDelete
    Replies
    1. තැන්කූ මී පැටියෝ.. :) ජය වේවා

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..