~තුන්කොන් ප්‍රේමය~


ඉර බහින කොට අහසේ තියෙන්නේ හරිම දුක හිතෙන පාටක්. මට එහෙම හිතුනා. ලා රතුපාට වෙලා. හරියට අඬලා අඬලා ඇස් රතු කරගත්ත කෙල්ලෙක් වගේ. අහසට දුක ඇති..මුළු දවසම එයා එක්ක ඉන්න ඉර හැන්දෑවට මුහුද අස්සේ හැංගෙන හැටි දැක්කාම. කොයි තරම් වෙලා දවල් වරුවට එකට හිටියත් රෑ වෙනකොට යන්න යනවානේ. ඒ හින්දාම අඬලා ඇස් රතු කරගෙන..පව් අහිංසක එකී. ඒත් ඉතින් අඬන්න දෙයක් නැනේ. හවසට ගියත් ආයේ හෙට උදේම ඔයාව බලන්න එයි.. නාඬා ඉඳින්..

වෙරළට වෙලා ඉඳගෙන ඈත මුහුදේ හැංගෙන්න යන ඉර දැක්කාම මට තරහත් හිතෙනවා. ඒත් තරහා ගියා කියලා මක් කරන්නද..ඇත්තටම ඉර අයිති කාටද? අහසටද? මුහුදටඩ? ම්ම්ම්ම්ම්... මටත් හරියටම හිතාගන්න බැ.. ඉර එනකන් බලාගෙන ඉන්න අහස වැරදිද? එයා පව්කාරියෙක්ද? වනචර කෙල්ලෙක්ද? අනේ මන්දා.. හිත එක එක ඒවා කියනවා.. මුහුද මොනවා හිතනවද දන්නේ නැ ඉර ගැන.. මුහුදට තරහා ඇති අහස එක්ක. ඇත්තටම ඉර අහසේ ඉන්න කැමති නේද? මට නම් හිතෙන්නේ එහෙම.. ඉර කැමති නිදහසේ අහසට වෙලා ඉන්න. ඒත් එහෙමයි කියලා හැමදාම අහසේ ඉන්න ඉරට බැනේ.

කවදා හරි දවසක ඉරට අහස එපා කියලා හිතුනොත්? ආයේ එන්න වෙන්නේ නැ කියලා ඉර සදහටම බැහැලා යන්න ගියොත්.. අහස හැමදාම ඉර එනකන් බලාගෙන ඉඳී.. හැමදාම.. දිවා රෑ නැතුව.. ඒත් ඉර හැමදාම මුහුද අස්සටම වෙලා හැංගිලා ඉඳී.. හ්ම්ම්ම්... මට පිස්සුද කොහෙද.. මම යනවා ගෙදර...




ප.ලි : කාලෙකට කලින් ලියපු කවියක් ආයේ මතක් වුනා දඟකාරිගේ සිතුවිල්ලක් කවිය කියෙව්වාම. හිතට නිදහසේ ගලාගෙන ආපු සිතුවිලි ටිකක් ඔහේ ලිව්වා.. තේරුමක් හොයාගන්න එක ඔයාලට භාරයි..
ආහ් තව දෙයක්..මේ බ්ලොග් එකේ 50 වෙනි පෝස්ටුව තමා මේ.. 

Comments

  1. ශුවර්මද ඔයාට ඉර එන්නෙම නැති උනොත් ඒත් අහස බලං ඉඳිමයි කියල??????? අනේ මන්ද..මට නම් ෂුවර් නැහැ අප්ප..

    දිගු ගමනක් යන්න සුභ පැතුම් මිතුරිය :)

    ReplyDelete
    Replies
    1. හිහි..මටත් ඔහෙ හිතට ආවට කිව්වා අනේ.. මම ආහස වුනා නම් බලාගෙන් ඉඳී ආයේ ඉර එනකන්.. තැන්කූ හිරු.. :D

      Delete
  2. අමතක
    උනාද
    ඉර
    මුහුදේ
    හැන්ගුනාට
    පායන්නේ
    අහසේ
    වග

    ReplyDelete
    Replies
    1. ඒත්
      දිනෙක
      කීවොත්
      යලි නැ
      එන්නේ
      මන්
      ඉර
      අහස
      තනිවෙයිද
      සදහට?

      Delete
  3. එල එල නංගි..ලස්සනයි ....තවත් දිගටම ලියන්න සිතුවිලි ගලාගෙන එන්න කියල පතනවා... :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ ශයන්ග අයියේ..ජය වේවා :)

      Delete
  4. වික්ටර් ගැයූ ගියක අවසන් අන්තරා කොටසේ මෙහෙම කියනවා
    " අහස මා විය සයුර ඔබ විය
    දෙනෙත රැවටූ සිතිජයක් විය
    කී කතාවේ අරුත වැටහිණි
    අහස සමුදුර එකතු වී යැයි"....

    මේ සිතුවිල්ලත් ඒවගේමයි කියල හිතුණා

    ReplyDelete
    Replies
    1. ඒ ගීතයේ පද පෙළ මෙහෙමයි! මටත් මතක් වුනේ ඒ ගීතයමයි!
      දිනෙක හිරු බැස
      යන වෙලාවක
      සයුරු වෙරළක
      හුදකලාවෙක
      කල්පනාවේ
      සිටින මොහොතක
      මතක් විය
      සිතිවිලි අතීතෙක..

      සයුර මා විය
      අහස ඔබ විය
      දෙදෙන යා කල
      ක්ෂිතජයක් විය
      ඒ වෙලාවේ මට මතක් විය
      කලක් ලොව
      අප ගැන සිතූ හැටි

      සයුර මා විය
      අහස ඔබ විය
      දෙනෙත ‍රැව‍ටු
      ක්ෂිතජයක් විය
      කී කථාවේ අරුත වැටහින
      අහස සමුදුර එකතු වී යැයි..

      Delete
    2. මම ගොඩාක් ආස සින්දුවක් තමා ඒ සින්දුව.. බොහොම ස්තූතියි ඔය දෙපළටම ඒ සින්දුව මතක කලාට.. :D

      Delete
  5. ලස්සනයි. අන්තිමට තියන කවිය නියමයි.50 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්. 50 අගට තව බිංදු වැඩි වේවා...!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ සහෝ.. ජය වේවා.. :)

      Delete
  6. සුභ පැතුම්..! කමෙන්ට් නොකලට කියවනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි බීටල්.. කියවන එකම ගොඩාක් වටිනවා.. :)

      Delete
  7. සුබ පැතුම්!! :)

    ReplyDelete
  8. 50ක් කියන්නෙ පොඩි ගානක්ද සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හිහිහි..තැන්කූ ලොකු ජෝන් අයියා..

      Delete
  9. 50 වෙනි පෝස්ටුවට සුභ පැතුං රතූ...
    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා තරියෝ..ජය වේවා..

      Delete
  10. ඒ දවස් වල බුකියේ මේ කවියට කමෙන්ටුවක් දැම්මා වගේ මතකයි මට..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. දැන් ටිකක් කල්.. ආයේ දඟකාරිගේ කවියක් කියෙව්වාම මතක වුනා..

      Delete
  11. 50 වෙනි පෝස්ටුවටත් දිගුගමනක ඉදිරි පියවරටත් සුබ පැතුම් නංගියෝ..!!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අක්කා.. :D

      Delete
  12. 50 ට සුබපැතුම් :) ඔය උඩින් දාපු සිංදු ටික තමයි මටත් මතක් වුනේ

    ReplyDelete
    Replies
    1. තැන්කූ යාළු.. ඔයාගේ කවිය තමා මට මේ කවිය ආයේ මතක කලේ..

      Delete
  13. රතු නංගිට සුබ පැතුම් !
    ආහ්... ඔයාගේ බ්ලොග් එක වෙනස් වෙලා. ගර්ලිෂ් වෙලා. මරු මරු :)

    ReplyDelete
    Replies
    1. හිහි.. පොඩ්ඩක් විතර ගර්ලිෂ් වෙන්න හිතුනා අනේ කාලෙකට පස්සේ.. ජය වේවා..

      Delete
  14. සුභ පැතුම්!!!!!!!!

    ReplyDelete
  15. පනස්වෙනි ලිපියටත් ඉස්සරහට දිග ගමනකටත් අක්කිට සුබ පැතුම්!

    ReplyDelete
  16. ඉර ඔතැනින් ගිලිලා තව තැනකට එලිය දෙනවා නේව...පොස්ට් පනහක් කියන්නේ හොඳ ප්‍රවනතාවයක් නැවුම් නිර්මාණ බිහිකරන්න වැඩැති දෙයක් ලියන්නට දිරි

    ReplyDelete
    Replies
    1. අන්න ඒකනේ ලොකුම අවුල සහෝ.. ;) ඉර එක තැනකින් තව තැනකට යනකොට ආයේ පරණ තැනට නාවොත්.. තැන්කු.. ජය වේවා..:)

      Delete
  17. ඔයාගෙ බ්ලොග් එක මම දැන් තමා හෙමින් කියවන්න පටන් ගත්තෙ..ලස්සනට ලියනව සුභ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි කිරිල්ලි.. :D

      Delete
  18. lassanai red. 50 weni post ekata magenuth suba pethum. 100 weni ekath ikmanata liyanna lebewa. :)

    ReplyDelete
    Replies
    1. තැන්කු චතුර අයියේ.. ජය වේවා!

      Delete
  19. මම අද තමයි ඔයාගේ බ්ලොග් එක කියවුවේ හරිම ලස්සනයි යාලු ඔයා ලස්සනට ලියනවා මේකත් ගොඩක් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ උමා.. දිගටම එන්න එහෙනම්.. :)

      Delete
  20. මට ඔය අහස ගැන නම් මතක් කරන්න එපා........

    ReplyDelete
    Replies
    1. මෙන්න ඉන්නවෝ අහසත් එක්ක තරහා කෙනෙක්.. හිහිහි..මේක දැක්කාම තමා මතක වුනේ අහස ඔයාගේ දෙයක් උදුරලා අරන් කියලා.. හ්ම්ම්ම්...

      Delete
  21. දිගටම ලියන්නෝ... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  22. බොහෝම ස්තූතියි රජෝ..
    ජය වේවා!!!!!

    ReplyDelete
  23. මම හිතුවේ කතාවක් කියලා.

    50 සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. කතාවක් වගේ තමා.. නොකී කතාවක්..
      ජය වේවා!!! :)

      Delete
  24. මම කොහොමත් මේ බ්ලොග් එක දිගටම කියවනවෝ........ කමෙන්ට් නොදැම්මත්.... ඔයා ලස්සනට ලියනවානේ රෙඩියෝ.... 50ට සුභ පැතුම් :).....

    ReplyDelete
    Replies
    1. තැන්කූ මදාරා.. ජය වේවා...!! :D

      Delete
  25. සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ආවෙ... සුබ පැතුම් 50 ට. ඊළඟ 100....

    ReplyDelete
    Replies
    1. ආයේ දිගටම එන්න හොඳේ.. :D

      Delete
  26. ලස්සනයි අක්ෙක!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. හිහි.. තැන්කූ..තැන්කූ.. :)

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..