මහදේ වසන්තය..

සිහින් සිරිපොද ලෙසින් වත් ඔබ
මා වෙතට එනවා නම් පෙම්වත
තෙමෙන්නම් සිසිරයේ සීතල
නොතකලා මේ සිරිපොදේ..

ගිමන් කාලේ වියළි පත් රැඳි
සුවඳ සේ ඔබ ඒ නම් සබඳ
ගිම්හානය උසුලාන ඉන්නම්
නුඹට මවෙතට එන්න ඉඩ හැර...

සයුරු තෙර කළඹවා හමනා
රුදුරු කුණාටුවක වෙස් ගෙන
එනවා නම් ඔබ මා සොයාගෙන
ගසාගෙන යන්නම් ඒ කුණාටුවේ..

වසන්තයේ පිපි මලක් ලෙස නොව
සරත් කාලේ වියළි සුළඟක් ලෙසින් වත්
එනවා නම් ඔබ, මා හදෙහි
වසන්තය උදාවෙවි සබඳ...

Comments

  1. ඔයා ඉන්න මම එන්නම් :)

    අනූ :)

    ReplyDelete
  2. එනවා නම් ඔබ
    කල්පයක් වුව බලාන ඉන්නම්....

    ReplyDelete
  3. ඔබ පතන වසන්තය
    උදා වනු ඇත කෙදිනක හෝ
    එහෙත් පැතුම් පොදි නොබඳිනු මැන සබඳ
    අපි ට අපිවත් හිමි නැති ලොවක...........

    ReplyDelete
  4. අපිට අපිවත් හිමි නොවෙන
    ලොවක ඉපදුනු අප
    කුමට හඬනවද අයිති නැති
    අනුන්ගේ ලෝකවලට....

    නේද මහි..?

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..