සදාකල් එකම පැතුම...

වෙරලේ වැදෙන රළ වල හඬ මට ඇසිණි
සුළඟේ ලෙලෙන පොල් අතු සවනත වැකිණි
මගෙ පැල්පතේ වහලය දෙදරනු දැනිණි
ඔබ නැති දුකට හද සසලය හිමි සදුනි


සයුරෙන් නැගෙන හඬ පරදා ගෙන සවන
යොමු කර උනිමි ඔබෙ හඬ අසනා රිසින
පැලෙන් එපිට ගෙන යයි වැලි කැට පවන
කිම හඬ නොඇසුනේ හබලත රළ ගැටෙන


ලිහිණින් කෑගසා පියඹා යනු පෙනුණා
ගල් වල හැපි හැපි රළ වැළපෙනු ඇසුණා
දියඹේ ඈත රුවලක් ලෙල දෙනු පෙනුණා
හිමියන් සයුර මැද සටනක බව දැනුණා


තනිවම පැලේ මා මේ රැය ගෙවන කල
මැවෙනවා ඔබේ රුව මගෙ නෙත් කෙවෙනි තුළ
එසඳ ගලනවා නොදැනිම කඳුළු වැල
ගිලනොගනින් මගේ හිමි සඳ රුදුරු රළ

Comments

  1. it's nice .... hmmmmm

    Anu :)

    ReplyDelete
  2. Thumbs up Sizii. No words to say. all da best :)

    ReplyDelete
  3. Thank you bro.. ;) HB leave ur name also..

    ReplyDelete
  4. Replies
    1. තැන්කූ ඩිලී..
      ජය වේවා!!!

      Delete
  5. ඇත්තටම ලස්සනයි රෙඩ්
    (ඔයා නෙමේ නිර්මාණය...)

    ReplyDelete
    Replies
    1. ඇයි මන් ලස්සන නැද්ද?? :p
      තැන්කූ වේවා!! :D

      Delete
  6. " මගෙ අමල් බිසෝ දොර අරින්න එපා " කියල තමයි මට කියන්න වෙන්නේ


    ලස්සන පද පේළි ටික

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්...ඒ සින්දුවත් මේකත් එක්ක යනවා තමා..:)

      Delete
  7. ලස්සනට පද ගලපල තියෙනව රතු :)

    ReplyDelete
    Replies
    1. තැන්කූ තරු..
      ජය වේවා!!

      Delete
  8. ෂා!! නියම පද වැළ.... ලස්සන අදහසක්..
    කීප් ඉට් අප් !! ජයවේවා.!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා...
      සාදරයෙන් පිළිගන්නවා මේ පැත්තට... :D

      Delete
  9. තනිකම, පාලුව ,බිය ,සංකව වගේ හැගීම් ගෙනහර දැක්වීම සර්ථකයි..........
    ධීවරි ගීතය කියල සිංහල පෙල පොතක තිබුණ කවියක් මතක් වෙනව, ක්යස් ගේ.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි යාළු.. :D
      සාදරයෙන් පිළිගන්නවා!!

      Delete
  10. අට වසරේ පෙළපොතේ තිබුණු 'ධීවරී ගීතය' පැදි පෙළ මතක් වුණා...
    හරි ම ලස්සනයි රෙඩ්. චංචල සිතක මනෝභාවයන් නියම විදිහට ම පෙන්නුම් කරලා තියෙනවා.....

    ReplyDelete
    Replies
    1. අම්මෝ අපිව මතක් වෙච්ච කල්..හිහිහි..
      තැන්කූ වේවා දඟයෝ... :D

      Delete
  11. දගමල්ල ඔයාට මතක් වුන කවි පන්තියමයි මටත් මතක් වුනේ.... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. තැන්කූ දඟකාරි.. අම්මෝ දඟයෝ දෙන්නෙක් එක සැරේ ඇවිත්... හික්ස්... :D

      Delete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..