මන්දාරම් වැහි.. දෙවෙනි කොටස

"පැතුම්කා ගුණසේකර?"

"ඔව් සර්"

"ඔයා ඒලෙවෙල් කලේ කොම(ර්)ස් වලින්ද?"

"නැ සර්..මම ආර්ට්ස් කලේ. ඒත් එකවුන්ට්ස් කලා."

"හ්ම්ම්... කොම්පියුටර් වැඩ දන්නවනේ.." ඔහු පුංචි හිනාවකුත් එක්ක ෆයිල් එක මගේ අතට දෙනගමන් ඇහුව්වා.

ප්‍රශ්නයක් විදිහට නොවුනත් "ඔව් සර්" කියලා මම කිව්වා. දැන් නම් වැඩේ හරි වගේ මගේ හිත කැගහනවා.

"අපි ඔයාට දැනුම් දෙන්නම්."

"තැන්කු සර්. හැව් අ ගුඩ් ඩේ"
 "යු ටු".


මැනේජර්ගේ කැබින් එකෙන් එළියට ඇවිත් මම ලලි අක්කාව හෙව්වා.
"ලලිතක්කා වැඩකට ගියා. මට ඔයාට කියන්න කිව්වා." නාදුනන කටහඬක් මගේ පිටිපස්සෙන්. හැරුනු ඇස් මුලින්ම දැක්කේ මගෙ දිහා උඩ ඉඳන් යටට ම බලන ඇස් දෙකක්.

ඇස් වල අයිතිකාරයා අවුරුදු 21 ක් 22 විතර කියන්න පුළුවන් කොල්ලෙක්. දිගන්චියෙක් වගේ උසම උසයි. හීන්දෑරියි. සුදු මූණ දිගටියි. කවුද මේ කෝටුකිතයියා? කළු පාටයි සුදු පාටයි ඉරි වැටුණු අත් දිග කමිසේ අත් දෙක වැළමිට ගාවට වෙනකම් නවලා. ක්‍රේල් කොන්ඩේ හුළගට අහුවෙච්ච පිදුරු ගොඩ වගේ. අපෝ පැණි කුරුල්ලෙක්ද කොහෙද.. ලලි අක්කත් මාර මිනිස්සුන්ට තමා මාව බාර දීලා යන්නෙ.. මට අක්ක ගැන කේන්තියකුත් අවා.

"තැන්කු. මම ගියා කියන්න." ස්කෑන් කරන ඇස් දෙකෙන් බේරිලා යන්න හිතාගෙන එහෙම කියන ගමන් මම යන්න හැරුණා.

 "ලලිතක්කා ඔයාට බොන්න දෙයක් අරන් දෙන්න කිව්වා. උදේට කාලත් නෙවෙයි ආවේ කියලා.දැන් ගෙදර ගියත් පැයක් එකහමාරක් දෙකක් යනවනේ.."

අයියෝ ලලි අක්කත් මාර වැඩ තමා කරන්නෙ. මොන එකටද මේ යකාට මම කාපු නොකාපු එක කියන්න ගියෙ.

"නෑ කමක් නැ. මම ගෙදර ගිහින්ම කනවා. මට බඩගිනි නැ. තැන්කු ඇහුව්වට.මම යන්නම්."

"මම ඇහුව්වා නෙමෙයි ළමයෝ. යන් කියලා කිව්වෙ. ලලිතක්කා මට කියපු වැඩක් මම කවදාවත් නොකර ඉඳලා නැ. මේකත් නොකරන්න ඉන්න බැනේ. යන්.. අපේ කැන්ටින් එකට"

මෙන්න මේ යකා මගේ වැළමිටෙනුත් අල්ලගෙන. මොන විකාරයක් ද මන්දා. මම අත ගස්සලා අහකට ගත්තා.

"ආහ් සොරි.. පුරුද්දට" හිනාවෙන ගමන් මේකා කියනවා.

පුරුද්ද. "එහෙනම් කෙල්ලන්ගේ අත් අල්ලලා හොඳට පුරුදු ඇති." මගේ කට වැඩ පටන් ගත්තා මමත් නොදැනිම.

"හෙහ් හෙහ් හෙහ්.. අනේ එහෙම නැ. අපේ එකේ ඉන්න ඔක්කෝම අක්කලා අයියලනෙ. කොහේ හරි යන්න බැ කියනකොට මම අතින් ඇඳගෙන හරි යනවා. ඒ පුරුද්ද ගැන කිව්වෙ." මහා හයියෙන් හිනා වෙනවා. වැඩ කරන ඔක්කෝමලට ඇහෙන්න ඇති. අපොයි මං ආපු දවසෙම කොල්ලෙක් එක්ක නටනවා කියල හිතයි. විලි ලැජ්ජාවේ බැ.

"ආහ් ඔය අඳුරගෙන තියෙන්නෙ දෙන්නා" ලලි අක්කාගේ කට හඬ ඇහුණාම මට හරියට දෙයියෝ බුදුන් දැක්කා වගේ.

"අනේ ලලි අක්කේ මම යනවා." හිතන්නත් කලින් මට කියවුණා. මගේ මූණේ වෙනසක් අක්ක දකින්න ඇති.

"මේ මොකො පැන්චියෙ බය වෙලා වගේ?" ලලි අක්ක විහිළුවෙන් වගේ ඇහුව්වා.

"පැන්චිද මෙයාගේ නම?..හ්ම්ම්ම්.. මරු පැන්චි.." අයියෝ ලලි අක්කා මාව මේ බූතයා එක්ක තියලා ගියා මදිවට පැන්චි නමත් කිව්වා. අපොයි දැන් නම් මේකාගෙන් විසුමක් වෙන්නෙ නැ. මෙහෙ වැඩට ආවොත් නම අල්ලගෙන මට ඉන්න දෙන එකක් නැ.

"හා හා.. එයාට පැන්චි කියන්නේ මම විතරයි. අනිත් අයට එයා පැතුම්කා" හරි දැන් නමත් කිව්වා.

"අනේ අක්කේ අපි යන්කෝ. නැත්නම් මම යන්නම්." මට ඉන්න එක හොඳටම එපා වෙලා හිටියේ. ඒ මදිවට අක්කත් අරයා එක්ක කඳේ දාගෙන.

"මොකැ මේ ..මේකා ඔයාව පළවෙනි දවසෙම බය කලද?"

"අනේ මේ මම නම් අහිංසකයා. මෙයා තමා මාව බය කලෙ.. "

ආහ් මරු අහිංසකයා. දැන් ටිකකට කලින් මගෙ අතිනුත් ඇල්ලලුවා. කියන්න කටම ආවත් එයාගේ කටත් අවුස්සගන්න එච්චර වටින් එකක නොවෙන බව තේරුන නිසා කට වහගෙනම ලලි අක්කගේ අතින් ඇද්දා.

"ආහ් යන් යන්." "අපි යනවා මල්ලි මෙයාව බස් එකට ඇරවලා එන්නම්"

"මාත් එන්නද?"

දෙන්නම හිනා වුණ විදිහට ඒ ප්‍රශ්නේ ඇහුව්වෙ ලලි අක්කගෙන් නෙමෙයි මගේන් කියල මට තේරුනා. මගේ ඇස් වලට කඳුළු එන්නත් වගේ.

"ඕනේ නැ" කිව්වා නෙමෙයි මූණට දමලා ගැහුව්වා.

"මොකද බන් අරූට අච්චර සැරෙන් කතා කලෙ?" බස් හෝල්ට් එකට ඇවිදෙන යන ගමන් ලලි අක්ක මගේ මූණට එබිලා වගේ ඇහුව්වා.

"මොකාද අක්කේ ඒ මාව බාර දීල ගිය බූතයා. ඒකා ස්කෑනින් මැෂින් එකක් වගේ උඩ ඉඳන් යටටයි යට ඉඳන් උඩටයි බලනවා. ඒ මදිවට කන්න අරන් දෙන්න යන්ලු.." මම කේන්තියෙන් කිව්වා.

"අනේ බන් ඌ හොඳ කොල්ලා. අපේ බැංකුවෙ කෙල්ලෙක් බාර දීලා යන්න පුළුවන් එකම එකා ඌ විතරයි, අනිත් උන් මනමාළයෝ" අක්කා ගාණක් වත් නැතුව කියනවා.

"අපොයි එහෙනම් මට අනිත් උන් ගැන හිතාගන්න පුළුවන්. ඒකා මගේ අතිනුත් ඇල්ලුවා"

"ඇහ් මොකක්?"

ඔන්න දැන් තමා අක්කා නියම සිහියට ඇවිත් තියෙන්නෙ.

"ඔව්. මම යන්න බැ කිව්වාම එහෙම බැ ලලිතක්කා කියපු වැඩක් නොකර ඉඳලා නැ කියලා යන් කියලා වැළමිටෙන් ඇද්දා" මම කේළම් කියන පොඩි කෙල්ලෙක් වගේ කටත් උරුක් කරගෙන කිව්වා.

"ආහ් ඒකද..ඕකාගේ පුරුද්ද..ඕනේ කෙනෙක් බැ කිව්වාම වැළමිටින් ඇදගෙන යනවා. වල්කමකට නෙවෙයි ඒ හිතවත් කමට" මදැයි මම කේළමක් කිව්වා.

"අනේ මට උගේ හිතවත්කම් ඕනේ නැ. මම යනවා අන්න බස් එකක් එනවා" මම ආපු බස් එකට අත දැම්මා.

"ආහ් එහෙනම් පරිස්සමෙන් පලයන් පැන්චියෙ. ගිහින් මට මැසෙජ් එකක් දාපන්. බුදු සරණයි." අක්කා ඔළුව අතගාලා කිව්ව විදිහට හිතේ තිබුණු කේන්තිය ඔක්කෝම නැති වුණා. එක අතකට අක්ක එක්ක කේන්ති අරන් වැඩක් නැ. එයාත් විශ්වාසයෙන් තියලා ගිය මිනිහා පිස්සෙක් කියලා එයා දන්නෙ නැනේ. මම බස් එකට ගොඩ වෙලා සීට් එකක ඉඳ ගන්න ගමන් හිතුවා. කමක් නැ. ඕනේ කෙනෙක් හිටපුවාවෙ වැඩට එන්න කිව්වොත් ගිහින් මම මගේ පාඩුවේ ඉන්නවා. එයා එක්ක නම් කොහොමත් වැඩි කතාවක් ඕනේම නැ. ජනේලෙන් එළීයේ අහසේ පාවෙන සුදු පාට වළාකුළු දිහා බලාගෙන මම හිතුවා.

බස් එකේ යනකොට මම ආසම වැඩේ පාවෙන වළාකුළු දිහා බලගෙන ඒවා යන එන තැන් ගැන හිත හිත යන එක. හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඒ වළාකුලක් වගේ උඩ පාවෙන්න තියෙනවා නම්.. වෙන මුකුත් කරන්නෙ නැතුව. හරිම නිදහස් ජීවිතයක් තියෙන්නෙ. ඒත් ඒ වළාකුළු  ඒක දන්නවද දන්නේ නැ. ඒ සැහල්ලු ජීවිතේ කොච්චර වටිනවද කියලා.

"අම්මේ .. අම්මේ.."
ගෙදර දොරත් ඇරලා දාලා අම්මා කොහෙ ගිහින්ද මන්ද. පහළ නැන්දලාගේ ගෙදරවත් ගිහින් වෙන්නැති. මම බෑග් එක ඇඳ උඩින් තියලා නා ගන්නවා කියලා හිතගෙන බාත් රූම් එකට ගියා.

ම්ම්ම්ම්...... සීතල වතුර ඇඟ පුරා යනකොට දැනෙන සනීපේ. ඇස් දෙක පියාගෙන මූණ වතුර මලට අල්ලගෙන ඉන්නකොට වැස්සේ තෙමෙනවා වගේ. වතුර බින්දුව බින්දුව මූණට වැටෙනකොට මුලු ඇඟම සීතල වෙලා යනවා.අතේ සබන් ගාන ගමන් මට මතක් වුණා කොටුකිතයියාව. කෝටුකිතයියා මහත්තයා මොනා කරනවද දන්නේ නැ. . එක අතකට එයා මොනා කරාම මට මොකැ. අනේ මටත් වෙන වැඩ නැනේ මේ කෝටුකිතයෙක් ගැන් හිත හිත ඉන්න. ඉක්මනට නාගෙන මොනා හරි බඩට දා ගන්න ඕනේ. දැන් නම් බඩගින්න ඉස්මුදුනටම නැගලා.

නාගෙන කරගෙන එළියට ඇවිත් ෆෝන් එකේ තිබුණ මිස් කෝල් තොගය දැක්කාමයි මතක් වුණේ ලලි අක්කට මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා. අක්කට මැසේජ් එක්ක දාල බඩේ ගින්න නිවාගන්න කුස්සිය පැත්තට ගෑටුවා.
___________________________________________________________________________


ට්‍රිං ට්‍රිං ..ට්‍රිං ට්‍රිං ..
"අදත් බිල් වෙන්නැති නේද අන්කල්?"

"ම්ම්ම්.. අද නම් ඔන්න සුදු මැණිකෙට ලියුමක් තියෙනවා." ඇස් හීන් කරලා අමුතු විදිහට හිනා වෙලා සරත් අන්කල් කිව්වා.

"ලියුමක් මට? බැංකුවෙන් වෙන්නැති."

"බැංකුවෙන්ද නැත්නම් කොල්ලෙක්ද දන්නේ නැ ..හොහ් හොහ් හොහ්.." අන්කල් හිනා වෙවි කියනවා.

"අනේ මොන කොල්ලොද අන්කල්.." මම හිනා වෙවි ලියුම කඩන ගමන් කිව්වා.

"එහෙනම් ඕන් අපි ගියා"

මම අන්කල් යන දිහා ටිකක් වෙලා බලන් ඉඳලා ලියුම දිහා බැලුවා.අකුරු නම් ගැනු ළමයෙක්ගේ වෙන්න බැ. ඊට වඩා දරඳඩු පාටයි.

පැතුම්කා වෙත,

ඇහ් වරහන් ඇතුලේ පැන්චි කියලත් දාලා. කවුද මට පැන්චි කියලා ලියුම් එවන්නේ?
"නිර්මාල්"

ඒ කවුද?.....

Comments

  1. මළ හත්තිලවුවට ගහපු කළාඹර....
    මට 3 වෙනි කොටස හිතින් කියො ගත හැකි..... :)

    කවුදෑ කවුදෑ මේ නිර්මාල් හෑහ්???
    මම නම් දන්නේම නෑ :)

    දන්නවද... ඔයා ඉගෙන ගන්නවා... 1ට වඩා 2 හොදා කියල හිතෙනවා... කියවන්න ආස හිතෙනවා.. (මයේ කතා බාසාවෙන් තියන හිංදත් දන්නෙත් නෑ ) යංකො බලන්ට ඉස්සරහට..... :)

    ඕල් ද බෙස්ට් වේවා....

    අනූ :)

    ReplyDelete
  2. නියමයි නංගියෝ.. ලස්සනට ගලාගෙන යනවා කථාව නම්.. දිගටම ලියන්න.. ඊලඟ කොටස මොන වගේ වේවිද කියලා නිකමට වගේ හිතෙනවා. ඒත් අවසානය නම් මොන වගේ වේවිද කියලා බයයි..

    ReplyDelete
  3. @අනූ බොහොම ස්තූතියි.. ඔයා කියන එක හරි.. මම ටික ටික ඉගෙන ගන්නවා. ඉස්සෙල්ල එකට වඩා දන් එක හොඳයි..ඊලඟ එක මීටත් වඩා හොඳ කරන්න බලනවා.. ඊළන්නග කොටස තේරුම් ගන්න මම ඉඟියක් දුන්නා..



    @ ප්‍රාර්ථනා අක්කා ඔයා ආපු එකට මට හරිම සතුටුයි. ඔයාගේ කතාව තමා මාව දිරිගැන්නුවේ හිතේ තිබුණු කතාව අකුරු කරන්න.. අඩු පාඩු තියෙයි නම් කියන්න.

    ReplyDelete
  4. ඔච්චර ඉඟි බිඟි පාන්නෙපා ළමයෝ....

    අනු :)

    ReplyDelete
  5. නියමෙට එනවා..නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න හරී?නවත්තල අහුවෙන්න එපා..සුදු වෑන්1කින් උස්සන්නේ..
    කතාව එන්න එන්න ලස්සන වේගෙනයි එන්නේ =)

    ReplyDelete
  6. @අනූ ඉඟි බිඟි නොපා කොහොමද අනූ..ආදර කතාවක්නේ..

    @TeAser නවත්තන්නේ නම් නැ ඔයාල දිගටම එනවා නම්..
    කොහොම හරි කතාව ලියන්න තමා මටත් ඕනේ..
    බොහෝම ස්තූතියි මේ පැත්තේ ආවට..

    ReplyDelete
  7. ගෑනු ළමයින්ගේ පුරුද්ද නෙව ඉතින්.......
    :) :)

    අනු :)

    ReplyDelete
  8. shaa maru ne. digatama liyanna. meke part 3 ikamanatama liyanna.

    ReplyDelete
  9. hehe..ow ow..ikmanatama danawa aiya..
    thank you.. :D

    ReplyDelete
  10. shaaa niyamai shash......digatama liyanna...elaga kotasa enakan maga balagena innawa.....

    ReplyDelete
  11. නියම කතාව !!!
    මට ටිකක් විතර කතාව හිතා ගන්න පුලුවන්. පලවෙනි කොටසත් කියවලාම එන්නම් :)

    ReplyDelete
  12. ශා... ලස්සන කතාවක්නේ.. අද තමයි මුලින්ම නෙත ගැටුනේ....

    ReplyDelete
  13. මමත් අදයි මේ පැත්තට ගොඩ වැදුනේ. නියම කතන්දරය! ජය!

    ReplyDelete
  14. අහම්බෙන් දැක්කෙ.. ලස්සන කතාවක දිගහැරුමක්.. දිගටම ලියන්න.. ඊළඟ කොටසත් අපි බලාගෙන ඉන්නවා.. සුබ පැතුම් ඔබට..!! :)

    ReplyDelete
  15. @Shayanga aiya. Thank you aiya..
    දිගටම කියවන්න එන්න.. :)

    @මධුරංග කතාවේ අඩු පාඩු තියෙයි නම් කියන්න.. මේක මගේ පළවෙනි කතාව.. :)

    @දිනේශ් අද ඉඳන් දිගටම එයි කියලා හිතනවා.. :)

    @විසිතුරු බොහෝම ස්තූතියි.. ඔයාලා ඇවිත් අඩු පාඩු කියනවා නම් කවදත් ජය තමා.. :)

    @නන්දු බොහෝම ස්තූතියි.. ඉක්මනට ඊළඟ කොටස දාන්නම්.. :)

    ReplyDelete
  16. හරිම ලස්සනයි දිගටම ලියන්න

    ReplyDelete
  17. මෙලෝ රහක් නැති බොළඳ කථාවක් කියලයි මට හිතෙන්නේ...ඇත්ත කියන්න එපැයි රෙඩ්..

    ReplyDelete
  18. Anno- aththa.. wenna puluwan.. :D eka ekkena dewal rasa windina heti wenas ne.. oyata me style eka hari yana ekak ne.. samahara wita wena lipiyak hari yai yaluwa...

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

අඟුලු ලා.. හිඳපන්..