සරදමක් දෝ ප්‍රේමය....


මා එපා කිවු ඔබ
යලි ඇවිත් මා ලඟ
හඬා වැළපෙන කොට
කෙසේ ඉවතක බලමි මම...

දහක් දුක් සඟවා
හිනාවෙමි නුඹට මම
නුඹේ දුක අහගෙන
හුනිමි නොහඬාම මම...

නෙත් අඟින් ගිලිහෙන
නුඹේ උණු කඳුළැලි
මගේ නමට නොවෙන බව
දැන දැන ම සනසවමි මම...

නුඹ හඬයි මා ලඟ
අතැර ගිය ආලය පතා
පිසදමමි නුඹේ කඳුළු මම
මා දවන හින්දා උණු කඳුළ..

නුඹ තවම මසිතේ සිටියද
අයිති නැති අයෙකි නුඹ මට
සරදමක් දෝ ප්‍රේමය
ජීවිතය නිතර රිදවන..

Comments

  1. නුඹ තවම මසිතේ සිටියද
    අයිති නැති අයෙකි නුඹ මට
    සරදමක් දෝ ප්‍රේමය
    ජීවිතය නිතර රිදවන.. ....

    ආදරය නිතරම අපිව රිදවනවා, ඒ උනාට අපි තව තවත් කැමති අදරයටම විතරය් ..අනේ මන්ද ඒ මොකද කියාලා........ලස්සනෛ නංගි ගොඩක්ම,ගොඩක් හිතට වදිනවා දිගටම ලියන්න

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි ශයන්ග අයියා.. ඒක ඇත්ත..අපේ ආදරේ නිතරම අපිව රිද්දනවා..ඒත් අපි අපේ වේදනාව පෙන්නේවත් නැත්තේ එයාට තියෙන ආදරය නිසාම තමා....

    ReplyDelete
  3. ආදරේ කන්ද කලින් හිතන්න ඕනේ මේ පනිනේ ගින්දරකට කියාලා..


    ජය..

    ReplyDelete
  4. කිසිකෙනෙක් හිතලා ආදරේ කරන්නේ නැනේ..ඒක ඉබේම ඇතිවෙන දෙයක්.. :) එහෙම නේද?

    ReplyDelete
  5. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි අයියා.. ඕක කවියක් ම නෙවෙයි.. ;)

    ReplyDelete
  7. //සරදමක් දෝ ප්‍රේමය
    ජීවිතය නිතර රිදවන..//

    මටත් හිතෙන්නේ ඒකමයි...

    "ආදරයෙන්...මං ලැබුවේ....කඳුල පමණ ද මේ ලෝකේ?????????"

    ReplyDelete
  8. ආදරය නෙවෙයි.. මන් හිතන්නේ නොලැබිම තමා අපිව අඬවන්නේ..

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..