මන්දාරම් වැහි.. පළවෙනි කොටස
වටේම අඳුරුයි. කළු පාටයි. එක එක සද්ද ඇහෙනවා. මම මේ කොහෙද ඉන්නේ? ඇස්පිය එකට ඇලිලා වගේ. අමාරුවෙන් ඇස් දෙක ඇරියා. "ආහ්" ඉර ඇස් ඉස්සරහ පායලා වගේ. තද එළියක්. කවුද මේ ලයිට් ගහන්නේ ඇස් දෙකට. මට කේන්තියි. ආයේ ටිකක් වෙලා ඉඳලා ඇස් අරිනවා. ආහ් ඒ පාර එළිය එච්චරම සැර නැ. තුනසැරයක් හතරසැරයක් ඇස් පිය ගැහුව්වා. සුදු පාට ඇඳගෙන මූණුත් වහගෙන කවුද මේ.. මගේ දිහා බලගෙන.. මගේ ඇඟම රිදෙනවා.. මට කියන්න ඕනේ.
"ඩොක්ටර් එයාට සිහිය ඇවිත්" කෙනෙක් කියනවා.මම ඔළුව හරවන්න බැලුවා. ඒත් බැ. ඔළුව හරිම බරයි."එයා දඟලනවා.ඉක්මනට ඉන්ජෙක්ෂන් එකක් දෙන්න. නැතනම් මැහුම් ගැලවෙයි." මම මේ කොහෙද.. මම එහෙ මෙහෙ බැලුවා.
මගේ දිහා වීදුරුවකින් බලගෙන ඉන්න ඇස් දෙකක්. ඇස් දෙක විතරයි මට පේන්නේ. ඒත් ඒ ඇස් මම දන්නවා. "නිර්මාල්" මම කතා කළා. ඔව් ඒ නිර්මාල් තමා. මට කළුවරේ වුණත් අඳුරගන්න පුළුවන් ඒ ඇස් දෙක. හ්ම්ම්ම්... නිර්මාල් ඉන්නවා නම් බය වෙන්න දෙයක් නැ. ආව්.. මගේ අත කූඹියෙක් කෑවා වගේ පුංචි රිදිල්ලක්.මම නිදිමතයි. ම්ම්ම්... නිර්මාල් යන්න එපා. මම නිදාගෙන නැගිටින කම් ඉන්න. මම කිව්වා එයාට ඇහුණද දන්නේ නැ.ඇස් දෙක නිදිබරයි. නින්ද යාගෙන එනකොට හැමදේම මැවෙන්න ගත්තා.
* * * * * * * * * * * * * * * * * * * * * * *
මොකක්ද ඇඳගෙන යන්නේ.. ම්ම්ම්....අනේ මන්දා..
"මොකද ළමයෝ මේ මුලු අල්මාරියම ඇද ගෙන දගලන්නෙ?" අම්මාගේ කට හඬින් මම ඇහරුණා.
"නැ අම්මේ මම ඉන්ට්විව් එකට ඇඳගෙන යන්නේ මොකක්ද කියලා කල්පනා කරනවා."
අම්මත් ඇඳ අයිනෙන් ඉඳගත්තා.
"ඔය තියෙන්නෙ ඕනේ තරම් ඇඳුම්. එකක් ඇඳගෙන යන්න. "
"එහෙම බෑ අම්මේ. ෆස්ට් ඉම්ප්‍රෙශන් එක වැදගත්. ඒක එන්නේ ඇඳුමෙන්"
"අනේ මම දන්නේ නැ ඔවා.."
"මගේ අම්මා දන්න දේවල් හොඳට ම ඇති.. තව දේවල් දැන ගන්න ඕනේ නැ.. උම්ම්ම්ම්මා.." මම අම්මාගේ බෙල්ල බඳාගෙන ඉම්බා.
"අනේ මේ මළකෝලම්.. අහකට වෙනවා ළමයෝ.. "අම්මා නැගිටලා කුස්සිය පැත්තට ගියා.
බැංකුවෙන් ඉන්ටර්විව් එන්න කියලා ලියුම ආවේ ගිය සතියේ. ඒලෙවල් ඉවර කරලා ගෙදරට වෙලා ඉන්න ගමන් රස්සාවක් හොයාගන්න හිතුවේ නිකන් ඉන්න බැරි නිසාම නෙවෙයි. අවුරුදු දහ තුනක් ම ගෙදරින් ම කකා බිබී ඉඳලා අයේ ඉතින් ප්‍රතිඵල එනකුනුත් නිකන්ම කකා බිබී ඉන්න බැරි නිසා. බැංකුවෙ දැන් අළුතින් ළමයි ගන්නවායි කියලා බැංකුවට ඉල්ලුම්පතක් දාන්න කිව්වෙ ලලිතක්කා. එයා දැන් අවුදුරු පහක් තිස්සෙ බැංකුවේ වැඩ කරනවා. එයා මට වඩා අවුරුදු හතරක් වැඩිමල් වුණාට දන්න දවසේ ඉඳලා අපි දෙන්නා හොඳම යාළුවෝ. ගෙවල් එක ළඟ තිබුණ නිසාත් වෙන්නැති. ඉස්කෝලේ ගියෙත් ආවෙත් එකට. හවසට සෙල්ලම් කලේ පාඩම් කලේ.. හැමදේම කලේ එකට. සමහර වෙලාවට එයා අපෙ ගෙදර නවතිනවා..මමත් එහෙ ගිහින් ඉන්නවා. මල්ලියෙක් විතරක් හිටිය මට එයා මගේම සහෝදරියක් වුණා. එයාට නම් හිටියේ මම විතරයි.
"කෝ දැන් හෙට යන්න ලෑස්තිද?"
"අනේ ඔයා නම් මැරෙන්නෙ නෑ ලලි අක්කේ. මම මේ ඔයා ගැන හිත හිතා හිටියේ"
"මොකටද බන් මම මැරෙන්නේ. තාම වයස විසි හතරයි.. උඹත් කියන කතා" ලලිතක්කා ඇඳ උඩ ඉඳගන්න ගමන් කිව්වා.
"අනේ නෑ අක්කේ.. මම මේ කිව්වෙ ඔයාව මේ දැන් මතක් කලා කියලා". පුංචි හිනාවක් ආවා අක්කාගේ මූණට.
"මම දන්නවා පැන්චියේ".දන්න දවසේ ඉඳලාම අක්කා මට කියන්නේ පැන්චි කියලා.
"අනේ මන්දා අක්කේ මොකක් අඳින්නද කියලා." මම මගේ ප්‍රශ්නය අක්කා ඉස්සරහ තිබ්බා.
"ඇයි බන් මේ තියෙන්නේ ඇති වෙන්න ඇඳුම්" මගේ ලා රෝස පාට සිල්ක් ගවුම අතට ගන්න ගමන් කිව්වා.
"අනේ අක්කේ ඕක අඳින්න බැනේ.. ඕක මම ඔය පන්ති යනකොට ඇඳපු එකක්නේ.."
"අනේ පැන්චියේ මේක ෆැශන් ෂෝ එකක් නෙමෙයි බන්. මමත් ඉන්නවා එදාට. අපේ මැනෙජර්කාරයා කොහොමටත් උඹව දැක්කාම ඇතුළට ගන්නවා. ඔය මොකක් හරි ඇඳගෙන එන්න." ලලිතක්කා හිනා වෙවි කිව්වට එහෙම බැනේ. මම ඉතින් පිළිවෙලකට යන්න එපැයැ.
"අනේ ලලි අක්කේ විහිළු නැතුව ඇඳුමක් හොයලා දෙන්නකෝ.." බෙල්ල බදාගෙන තොඳොල් වෙවි මම කිව්වා.
"අප්පා මේකිගේ හුරතලේ.. නාකි හුරතල්.." එහෙම කිව්වට අක්කා කැමති මම හැමදාම පොඩි කෙල්ලෙක් වගේ ඉන්නවට.
"ම්ම්ම්ම්.... ආන් මේක අඳින්න" පුංචි පුංචි නිල් පාට මල් වැටුණු සුදු පාට ගවුම අතට දුන්නා.
"ම්ම්..ඒක හොඳයි. ටිකක් පිළිවෙලයිනේ."
"එහෙනම් හෙට උදේ මාත් එක්කම ගියැහි. උදේ හතහමාරේ බස් එකේ යන්" ලලි අක්කා ඇඳෙන් නැගිටින ගමන් කිව්වා.
"හා මන් ලැස්තිවෙලා ඔයලැයි ගෙදර එන්නම්. අක්කා ඔය යන්නද?"
"ඔව් පැන්චියේ.. හදලා ඉවර කරන්න බැරි වුණ රිපෝට්ස් වගයක් ගෙදර ගෙනාවා. ඒවා ටික ඉවර කරන්න ඕනේ."
"ඉතින් මාත් එන්නම්? ටයිප් කරන එකක් නම් මටත් කරන්න පුළුවන්නේ"
"ආහ් ඒක හොඳයි. එතකොට මටත් ලෙසියි." මමයි ලලි අක්කයි පොඩි කාලේ වගේ අත් දෙක අල්ලගෙන එළියට ගියා.

හොදට නා ගත්ත රෙඩ්.....
ReplyDeleteලස්සනයි... ඊළඟ වළාකුළ එනකම් මං සබන් කෑල්ලකුත් තියාන බලන් ඉන්නවා හොදේ...
ලස්සනයි පටන් ගැන්ම....
ඔහොම තෙමි තෙමි යන්කෝ බලන්ට.....
අසනීප උනොත් කොත්තමල්ලි තම්බල දෙනවා නේහ්??? :)
අනු :)
අසනීප වුනොත් සමහන් එකක් බොමු..
ReplyDeleteකිරිත් එක්ක.. :)
ඊළඟ වැහි වළකුල ඉක්මනට එයි.
බොහෝම ස්තූතියි ආවට...
දිගටම එන්න...අනූ
This comment has been removed by the author.
ReplyDeleteම්ම්ම්ම්ම්ම්..... ලස්සනම ලස්සන කතවක් වගේ.... කතවෙ නිර්මාල් එන්නෙ කොයි හරියෙන්ද දන්නෙ නෑ??? හරිම ලස්සනයි.. ලස්සනට ගළපල තියන්වා. දිගටම ලියන්න සුභ පැතුම්..!!!
ReplyDeleteබොහොම ස්තූතියි හිතූ..
ReplyDeleteනිර්මාල් එනවා ඉක්මනටම.. එයා නැතුව බැනේ..
දිගටම එන්න.. මට ඔයාලා එන එක ලොකු හයියක්.. :)
niceeeeeeee dr!!!!! you have become a romantic novelist!! :D im waiting for the rest of the story!!!! .... (impatient) ;) ;) ....hurry up!!!! <3 ......... Mihiri
ReplyDeletehehe.. Thank you sweety.. this is my first try...
ReplyDeleteand thanx for the comment.. love u.. <3
I will try my best to write the whole story soon..
nice Story i like it :D
ReplyDeleteM@XimU$
Thank you very much Anno.. :D
ReplyDeletehope you will come again..
නියම කතාව.
ReplyDeleteකතාවේ කොටස් දෙකම කියෝ ගත්තා. :)
@මධුරංග බොහොම ස්තූතියි :D
ReplyDelete