විභාගේ අස්සේ වෙච්ච හදියක්.
මේ කතාව වුණේ මට වෙන කාටවත් එහෙම නෙවියි. මටම තමා. අපේ පළවෙනි වසර අවසන් විභගය අස්සේ වුණු වැඩක්.
ඔන්න ඉතින් අපේ විභාගේ අන්තිම දවස එදා. අපිත් ඉතින් පුදුම සන්තොසෙන් තමා විභගෙට ගියෙත්. කොහොම හරි මම ඉතින් හිටු කියලා ලියනවා. හරිද වැරදිද දන්නෙත් නැ. ඔහේ ලියනවා. [දැන් ප්‍රතිඵල එහෙම අහන්න එපා ඔන්]. ටික ටික දැන් පැය තුනත් ඉවර වෙන්න ළඟයි. අපි ඉතින් මීටර් 100 දුවන runnersලා වගේ කොහොමත් අන්තිම පැය බාගෙනේ දන්න ඔක්කෝම වැඩ දාන්න හදන්නේ. මමත් ඉතින් අන්තිම පැය බාගේ පණ එපා කියලා දුවන runner කෙනෙක් වගේ හති දාගෙන දුවනවා.
විභාග ශාලාවල ඉතින් අර මුර කරන්න කස්ටියකුත් ඉන්නවනෙ. ඔහොම අය අපේ එකෙත් හිටියා. මෙන්න එකපාරටම මගේ ළඟට ළං වෙච්ච විභාග පරීක්ශකවරියක් [මුර කාරියක් කියන එක හොඳ නැනේ නේද.. හිහ් හිහ්..] මගේ අංකය දිහා හොඳට බලලා කියාපි "විභගේ ඉවර වුණාම ඔයා ඇවිත් චීෆ්ව මීට් වෙලා යන්න" කියලා.
ඕක ඇහුවා විතරයි මට ඉන්නෙ කොහෙද කරන්නෙ මොනාද කියලා අමතක වුණා. ඇයි ඉතින් අපි දන්න විදිහට චීෆ්ව මීට් වෙන්න වෙන්නේ නම් ඉතින් හොඳකට නෙවෙයිනේ. පැය ගාණක් ඉඳගෙන ඉදලා රත් වෙලා තිබුණ පුටුවත් නිකන් අයිස් කුට්ටියක් වගේ සීතල වෙලා. මා ඇත්ලාන්තික් සාගරයට අතැරියා වගේ. අපේ විභාග ශාලාව වෙනදාටනම් පෝරණුව වගේ. හැබැයි එදා නම් ඇන්ටක්ටිකාවටත් වඩා සීතල ද කොහෙදෝ. කොහොම හරි මමත් හිත හදාගෙන අයෙත් ලියන්න හැදුවා. හරියන්නෑ.
මම හිත අවුස්ස අවුස්ස කල්පනා කලා මම කොපියක්වත් දාන්න ට්‍රයි එක්කවත් දුන්නද කියලා.එහෙම මතකයක් නැ.
"හිතලා බලපන් රෙඩ්, හොඳට මතක් කරපන්.." මටම කියාගත්තා.
මතක මල් වනේ පීරලා බැලුවත් එහෙම චාටර් කේස් එකක් මතක් කරගන්න බැරි වුණා. අයේ කල්පනා කලා කාගේ හරි කුණකට අහුවෙලා ද දන්නෙ නැ කියලා. ඒත් එහෙම කුණකට කරගහන්න හරි කාට හරි පෙන්නලා තියෙන්න ඕනේ නෙ.. එහෙම පෙන්නුවා කියලා මතකයකුත් නැ. දැන් ඉතින් මාව එකසිය ගාණට සීතල වෙලා. ;).
වෙලාවත් ඉවර වුණා. පෙපර්ස් ටිකත් එකතු කරගෙන කරගෙන ආවා. මගේ පෙපර් එක ගන්න ගමන් කලින් කෙනා නෙවෙයි වෙන කෙනෙක් මට ආයෙත් පණිවිඩේ මතක කළා. [හිතන්න ඇති මම දුවයි කියලා]
කොහොම හරි හොඳ හුස්මකුත් අරගෙන, විභාග තහනම් කලාම ගෙදරට වෙලා කරන්න දේවලුත් හිත හිත මම චීෆ්ව හම්බු වෙන්න ගියා.
"ආහ් ඔහොම ඉන්න ටිකක්" එක්කෙනෙක් කිව්වා.
හපෝයි දැන් නම් මේක හොඳකට නෙමෙයි කියන එක ෂුවර්. පපුව ගැහෙනවා ඝාන්ඨරේ වගේ. ටාං ටාං ගාලා. ඔක්කෝම පැක් කරලා ඉවර වෙනකම් මම බලන් හිටියා. මම දැන් ඩීෆීසරේ වගේ.
මෙන්න එක්කෙනෙක් මගේ ඇඩ්මිෂන් කොළෙත් අරන් එනවා. කට්ටියම මගේ දිහා කන්න වගේ බලාගෙන ඉන්නවා. දැන් නම් දන්නවා වැඩේ අවුලක්ම තමා. ඇඩ්මිෂන් එකත් අතට දීලාම ගෙදර යවන්නද කොහෙද.
"මේ ඔයාගෙ ඇඩ්මිෂන් එකද?" නැතුව ඉතින් මගේ බාප්පගෙයැ කටටම ආවත් ඒක පැත්තකින් තියලා "ඔව් මිස් " කියලා කිව්වා.
"මේකේ ඔයාද මේ කවිය ලිව්වෙ?"
"ඇහ්?" ඇහුවා නෙමෙයි ඇහුණා ඉබේම.. "මේ කවිය? "
අම්ම ගහයි බැට් එකෙන්.
එත්කොටයි මතක් වුණේ කලින් දවසේ අත්සන් කරන්න ඇඩ්මිෂන් එක දුන්නම කවියක් ලිව්වා නේද කියලා.
"ආහ් ඔව් මිස්.." මම මගේ සුපිරිම අහිංසක පනාව දාලා ඇදලා පැදලා කිව්වා.
"ඇඩ්මිෂන් එකේ මුකුත් ලියන්න තහනම්. මකනයක් අරන් එන්න මේ මකන්න. කවිය ලස්ස්නයි. ඒත් මේකෙ ලියන්න එපා" අම්මෙ.. මුණ අතගැවොත් අතට අහුවෙන තරම් කරුණාවකින් එයා කිව්වම කූල් වෙලා තිබුණ මගේ බොක්ක අයේ නෝමල් වුණා.
පස්ස හැරිලා සුසන්තිකා වගේ දුවලා ගිහින් මකනයක් අරන් ඇවිත් කවිය මැකුවා. මැකුවට පස්සේ තමා මතක් වුණේ ඒක වෙන කොහෙවත් ලියා ගත්තේ නැනේ කියලා.
පස්සෙ මම අමාරුවෙන් කවිය මතක් කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්නත් ඒක මතක් කරගන්න බැරි වුණා. කොහොම හරි උපන් ගෙයි මියගිය ඒ කවිය දීපු රැග් එක නම් කවදාවත් අමතක වෙන්නේ නෑ.

පොඩියට හිනාවෙන පාට් වුත් ලියන්න පුළුවන් එහෙනම්...
ReplyDelete1. මුණ අතගැවොත් අතට අහුවෙන තරම් කරුණාවකින්
2. අම්ම ගහයි බැට් එකෙන්.
3. මතක මල් වනේ පීරලා බැලුවත්
(මැවෙන්න ලියලා තියෙනවා)
හිහ් හිහ් හිහ්..
ReplyDeleteටිකක් විතර පුළුවන් ඉතින්..
බොහොම ස්තුතියි කොමොන්ටුවට ශශිත අයියා.. ;)
පිස්සු හැදෙයි කිව්වලු..... ඔයයිටත් පෙරලෙන්නේ ඔයිවයින් බාල්දිම තමයි ඈහ්...???
ReplyDeleteමොක උනත් අකාලයේ මිලින උන ඒ කවි පොජ්ජ ගැන මයේ හිතේ කණගාටුව පුපුරු ගහනවා..... අනේ අම්මපා.... :(
හ්ම්....
පුලුව්න නම් අල්ල ගන්නවා මං කව්ද කියලා.
මීයා :)
හිහ් හිහ් හිහ් මම දන්නවා.. ඔයා අනූ..
ReplyDeleteමටත් වෙන වැඩ තමා අනේ..
ඒ කවිය ගැන නම් මටත් දුකයි..
මොනා කරන්නද... :)
හිකිස්.. මගෙත් පොත් පුරාම කවි,... ලෙක්චර් හෝල් එකේදී ලියන්න පොත් අදිද්දී පොත අස්සෙ තිවිලා සූ ගාලා කවි කොල බිම.. කොහොම වුනත් ඇඩ්මිශන් එකේ කවිය ලියපු එක තමයි නියම වැඩේ.. හී හී.. අම්මා ගහයි බැට් එකෙන්.. හී හී
ReplyDelete@ප්‍රාර්ථනා පොත් ගැන නම් අහලා වැඩක් නැ..
ReplyDeleteපොත් පිටිපස්සවල්.. අහුමුලු.. අහුවෙන ඔනේ තැනක්
කවි.. මගේ ටෙස්ට් පෙපර් හැම එකක්ම පිටි පස්සේ කවි ලියලා..
ඈරේ ගති නෑරේ කියනවනේ නේද.. :D
හිකිස්.. ඒක නම් ඇත්ත, ඔයත් මම වගේම තමයි බලාගෙන යද්දි..
ReplyDeleteහෙහෙ.. අපි ඔක්කෝම එක බෝට්ටුවේ ප්‍රාර්ථනා අක්කි.. :)
ReplyDeleteඅප්පා... ඕක ඇහුවට පස්සේ ඉතුරු ප්‍රශ්න වලට උත්තර ලිය ගත්තේ කොහොමද අප්පා...
ReplyDeleteජය,,,,,,,