මන්දාරම් වැහි.. තෙවෙනි කොටස

"
පැතුම්කා වෙත, (පැන්චි )


පැන්චි කිව්වට තරහ වෙලාද දන්නේ නැ දැනටමත්..  මම නිර්මාල්. නිර්මාල් කිව්වට කවුද කියලා දන්නෙ නැතුව ඇති නේද? එදා ඉතින් ඔයා මට නම වත් කියන්න දුන්නේ නැනේ. මම අර එදා ලලිතක්ක එක්ක හිටපු කෙනා. ආහ් දැන් මතක වුණානේ. අර බැංකුවේදි හම්බු වුණේ. දැන් නම් ඔයාගේ මූණ දික් වෙලා ඇති නේද? අර එදා මූණ දික් කරගෙන හිටියා වගේ? 


හරි හරි..විහිළු ඉවරයි. එදා මම ඔයාව බය කලානම් මට සමාවෙන්න. එදා ඔයාව බස් හෝල්ට් එකට ඇරලවලා ආවට පස්සේ ලලිතක්කා මට හොඳටම බැන්නා. එයා කවදාවත් මට සැරට කතා කරලවත් නැ. ඒත් එදා ඔයාගෙ හිත නරක් වෙලා කියලා මම තමා ඒක කලේ කියලා හොඳට ම බැන්නා. එදා ම ඔයාට කතා කරලා සමාව ගන්න මට ඕනේ වුණා. ඒත් ඉතින් අක්කා මට ඔයාගේ ෆෝන් නම්බර් එක දුන්නේ නැ. එයා දැන් මාත් එක්ක කතා කරන්නෙත් නැ. ඒ නිසා තමා මම මේ ලියුම ඔයාට ලියන්න හිතුවේ. තරහ ගන්න එපා ගෙදර ලිපිනය ගත්තේ ඔයාගේ පර්සනල් ප්‍රොෆයිල් එකෙන්. 


මම එදා කන්න වගේ ඔයා දිහා බලන් හිටියා කියලා ඔයා කිව්වලු. මම වල්කමකට බලන් හිටියෙ නැ. ඒත් ඉතින් ලස්සන ගැනු ළමයෙක් දැක්කාම නොබලා ඉන්න තාම  මගේ ඇස් දෙකට පුරුදු නැනේ. මම එදාත් බැන්නා ඇස් දෙකට.. "උඹ හින්දා මගේ අක්කත් මට නැති වුණා" කියලා.. ඒත් මූ අහන්නේ ම නැනේ.. ලස්සන රූපයක් දැක්ක ගමන් බලනවා. අනේ ඉතින් අසරණ අහිංසක නිර්මාල් බැනුම් අහනවා. හ්ම්ම්ම්... අනේ සංසාරෙක හැටි කිව්වලු.. 
ආහ් මේ ලියුම ලියන හේතුවත් තව පොඩ්ඩෙන් අමතක වෙනවා මගේ මේ අකීකරු ඇස් ගැන කියන්න ගිහිල්ලා.
සරළව ම කෙටියෙන්ම කිව්වොත් වරදක් කළත් සිතකින් නොවේ.. 


හරි හරි..මම තාම  විහිළු කරනවානේ.. සොරි. මෙහෙම ලියුම් ලියල පුරුදු නැ හලෝ.. පළවෙනි වතාවට තමා සමාව ඉල්ලලා ලියුමක් ලියන්නේ. සමාව ඉල්ලා නෙවෙයි ඉස්කෝලේ යනකාලේ ආදරේ ඉල්ලලාවත් ලියුම් ලියලා නැනේ. ඕලෙවෙල් කාලේ සිංහල වලට ලියුම් ලිව්වට පස්සෙ අද තමා මෙහෙම ලියුමක් ලියන්නේ. 


මගේ නම නිර්මාල් රත්නායක. වයස අවුරුදු 22යි. ඔබ පැමිණෙන තුරු බැංකුවේ සිටින බාලම සේවකයාව සිටියෙමි. (ආරංචි විදිහට ඔයාගේ එපොයින්මන්ට් ලෙටර් එක ටයිප් කීරීමට අසන්කා අක්කා වෙත ලැබී ඇත. නිළ නොලත් ලෙස දැනුම් දීම නිසා වටේ පිටේ අයට කීවාට කම් නැත. දැන ගත් විදිහ පමණක් සඟවා තබාගන්නා මෙන් කාරුණිකව ඉල්ල සිටිමි.) මේ විදිහට ලියුම් ලියන්න අමාරුයි හලෝ. මම පුරුදු විදිහට ලියන්නම්. 


එදා ලලිතක්කා මට ඔයාව බලාගන්න කියල බාර දීලා ගියා. මම බලා ගත්ත විදිහ එච්චරම හරි ගිහින් නැනේ ඔයාට. ඒකට සොරි වෙන්න ඕනේ. මගේ හිත හොඳයි. නරක නැත්තේමත් නැ. ඒත් ගොඩක් වෙලාවට හොඳයි. මට අක්කා ඇවිල්ලා බැන්න ඔයා අක්කා එක්කත් තරහා වෙලා කියලා. ඔයා ගෙදර ගිහින් මැසේජ් එකකුත් එව්වේ නැ කියලා අක්කා බය වෙලා හිටියා. ඒකටත් මේ අසරණයා බැනුම් ඇහුව්වා.. "


"දේදුන්න සේදී රෑ නිල්ල උතුරා
මා දම් අහසින් වැස්සක් වැටුණා
මනමාළි වී ඈ හද ගින්න අවුලා
පිටගම් යනවා බොඳ වී පෙනුනා.."

ආහ් මගේ ෆෝන් එක රින්ග් වෙනවා. ලලි අක්කා.. මේ වෙලාවේ මොකද දන්නේ නැ.

"ඇයි ලලි අක්කේ.. හදිස්සියක්ද?"

"නැ නැ.. ඔයාගේ එපොයින්මන්ට් ලෙටර් එක ටයිප් කරලාලු. පෙරේදා දීලා තියෙන්නෙ. අදනේ මම දැන ගත්තේ. ඔයාට හෙට දිහාට ලැබෙයි. පෝස්ට් එකටත් දාලලු. එතකොට සඳුදා ඉදන් වැඩට එන්න පුළුවන්.මට හරිම සතුටුයි පැන්චියේ" ලලි අක්කා ෆෝන් එකෙන් කෑගහනවා.

"ම්ම්ම්.. ඒක නම් සතුටු ආරංචියක් තමයි. ඒත් මට ඔය ආරංචිය කලින් ආවනේ අක්කේ.." මම ටිකක් අගේ කරලා කිව්වා.

"කලින් ආවා? ඒ කොහොමද?"

"මට අද ලියුමක් ආවනේ.. සමාව භජනය කරලා එක්කෙනෙක් ලියුමක් ලියලා. ලියුමක් නෙමෙයි කතාවක්. හෙහ් හෙහ් හෙහ්.." මම හිනා වෙන ගමන් අක්කට කිව්වා.

"නෑ මූ ඒ සැරේ ලියුමක් ලියලද? මගෙන් නොම්බරේ ඉල්ලුවා පුළුවන් තරම්.. මම දුන්නේ නැ. මම ඉතින් ආයේ ඔයාගේ මූන බලන්න එපැය" අක්කාගේ කටහඬෙ විස්මයක ලකුනුද නැත්නම්  සන්තෝසයක ලකුනුද කියල හොයාගන්න බැ. දෙකම එකතු වෙලා වගේ. අක්කා මල්ලියෙක්ට වගේ සළකනවා කියලනෙ කිව්වෙ.. අක්කා ඇත්තටම මල්ලියෙකට වගේ ආදරේ ඇති එයාට.

"මම එදා කොල්ලට බැන්නා බන්. ජීවිතේට එහෙම බැනලා නෑ මම. මට පස්සේ දුක හිතුණා හොඳටම. එයා පවුලේ තනි ළමයා. මන් වගේම. හැමදේම කියන්නේ මට තමා. පව්.. ඒකා හොඳටම අප්සෙට් එකේ ඉන්නවා ඇත්තේ. නැත්නම් ඔහොම ලියුම් ලියන්නැ. "

අක්කගේ කටඬත් වෙනස් වෙලා. දුකෙන් වගේ. මන් හින්දානේ.

"ගිහින් එයා එක්ක කතා කරන්න අක්කේ. එයා පේන තරම් පිස්සෙක් නෙවෙයි වගේ. මන් හිතන්නෙ මට වැරදුනා. මන් එදා සැරට කතා කලාට සොරි කිව්වා කියලත් කියන්න."

මටම පුදුමයි මගේ වචන ගැන. මම එහෙම ලෙසියෙන් කෙනෙක්ට සමාව දෙන කෙනෙක් නෙවෙයිනේ. ඒත් ඉතින් එහෙමයි කියලා ලලි අක්කා තරහ වෙන්න ඕනේ නැනේ එයා එක්ක. එයා ලියුම එව්වෙ මගෙන් සමාව ගන්නම නෙවෙයි මට හිතෙන්නෙ. එයාට ඕනෙත් මා ලව්වා ලලි අක්කට කියවන්න වෙන්නැති.
"හරි එහෙනම් මම දැන් තියන්නම් නංගියේ. ගෙදර ඇවිත් ඔයාව බලන්න එන්නම්.බුදු සරණයි"
"බුදු සරණයි අක්කේ."

මම ආයෙත් ලියුමට ඇහැ දැම්මා.

"කොහොමහරි ඔහොම බැනුම් අහලා මම ගෙදර ගිහින් රෑට බත් කෑවෙත් නෑ. පාන් තමා කෑවේ. "

"මොකද්ද මේ හිනා වේගෙන කියවන ලියුම?"

"ආහ් අම්මේ .. නෑ මේ යාළුවෙක් එවපු එකක්. වැඩක් ඇති එකක් නෙවෙයි."

කොල්ලෙක්ගෙන් කිව්වානම් අම්මටත් බලන්න ඕනේ වෙනවා. මෙයා මේ ලියලා තියෙන ඒවල හැටියට අම්මා මාව යවන්නේ නැ බැංකුවේ වැඩට. ඔහෙ යන්න ඕනේ නැ ගෙදර හිටපන් කියයි.

"ඔයා තාම උදේට කාලත් නැ නේද.. ඇවිත් කන්න..අන්න පාන් තියෙනවා."

පාන් කිව්ව ගමන් මට ආයෙත් හිනාවක් ගියා. කොටුකිතයියා මහත්තයා ඊයේ කෑවේ පාන්ලුනේ. මොනා එක්කද දන්නේ නෑ.

"මම එන්නම් අම්මේ."

ලියුම දාලා ගිහින් කන්න හිත දුන්නේ නැ. කියවලාම ගිහින් කනවා. තව ටිකයිනේ. මෙයාට ලියුම් ලියන්න බැ කිව්වට මේ ලියලා තියෙන්නේ ෆුල්ස් කැප් කොළයක් පිරෙන්නම.


"ඉතින් බත් නොකාපු එකේ හිතේ අමාරුවත් එක්ක ඔයාට මේ ලියුම ලියන්න හිතුවා. පුළුවන් නම් එක උදව්වක් කරන්න. ලලිතක්කට කියන්න ආයේ මාත් එක්ක කතා කරන්න කියලා."


මං හිතුවා හරි. මෙයාට ඕනේ බළලුන් ලවා කොස් ඇට බාවන්න..


" මම ඔයා දිහා බලන්නේ නැතුව නෙමෙයි කතා කරන්නේත් නැතුව ඉන්නම්. මට සහෝදර සහෝදරියෝ කවුරුවත් නැ. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ මගේ සහෝදරී වුණේ ලලිතක්කා. එයා කතා කරන්නේ නැ කියන්නේ ඉතින් මම ෆුල් ඩ්වුන් තමා. ඇයි ඉතින් මට බැංකුවෙන් හොරෙන් පැනලා ක්‍රිකට් මැච් බලන්න යන්න වෙන්නේ නැ. රෑට නිදි මරපු දවසට මගේ වැඩ ටික එයාට තියලා ගෙදර ඉන්න වෙන්නේ නැ.කොටින්ම කිව්වොත් මගේ දින චර්යාව ෆුල් අවුල් යනවා.
මගේ අතින් වැරැද්දක් වෙන්න ඇති. ඒත් ඉතින් සමාව දීම ලස්සන ගැනු ළමයින්ගේ ගතියක්ලුනෙ නේද? මම එහෙම අහලා තියෙනවා.එහෙනම් ඔය ලස්සන ගැනු ළමයත් මේ අසරණ අහිංසකයාට සමාව දී නැවත මාගේ සොයුරිය ලබා දෙන මෙන් ඉල්ල සිටිමි. ඔන්න ලියුම කෙටියෙන් සරළව කිව්වා. නැ කිව්ව නෙමෙයි ලිව්වා. එහෙනම් මම නවතිමි සුදු කෙල්ලෙ. (දැන් නම් පුපුරනවද දන්නැ.) විහිලුවක් කලේ. ඔයා සුදු නෑ. ඔයාට බුදු සරණයි. අලුත් ජොබ් එකට සුභ පැතුම්. 


මීට (ඔබේම ) නිර්මාල්


ප.ලි. මම ගොඩක් විහිලු කරලා ඇති මේ ලියුමේ. ඒවාට හිත රිද්දගන්න එපා මිස්. මම නරක කෙනෙක් නෙවෙයි. හිත රිදුණා නම් සත්තකින් ම කනගාටු වෙනවා. සමාව දෙන්න පුළුවන් නම් සමාව දෙන්න. මම නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්. ඒ නිසා තමා මේ වගේ විහිලු කරන්නේ. "



එයා ඇත්තටම පෙන්නන තරම් නරක කෙනෙක් නෙවෙයි. හැමදේම විහිලුවට ගන්න. හරිම සැහල්ලුවෙන් ඉන්න කෙනෙක් වෙන්නැති. අනිත් අය කියන්න මොනවද කියලා ගනන් ගන්නේ නැති කෙනෙක් වගේ. හ්ම්ම්.... අපරාදේ එදා මම එයාට සැරෙන් කතා කලේ. දැන් ඉතින් සඳුදා ඉඳන් වැඩට යන්න වෙනවා නම් එයා එක්ක කතා නොකර ඉන්නත් බැනේ. මම අක්කා අතේ ලියුමක් යවනවා මම තරහා නැ කියලා.
_________________________________________________________________________

"කෝ ඔයා.. පැන්චියේ නිදිද?"

දවල්ට කෑම කාලා නිදා ගත්ත මම ඇහැරුණේ ලලි අක්කාගේ කටඬින්.

"ඇහ්.. ආ..අක්කේ.. මන් මේ පොඩ්ඩක් නිදා ගත්තා." මම නිදිමතේම කෙඳිරි ගෑවා.

"උඹ මෙහෙ නිදි අන්න අරහෙ උඹ ගැන දැනටමත් කතාවෙනවා ."

"කොහෙද?" නිදිමත ඉගිල්ලුනා වගේ.

"කොහෙද? කවුද?"

"අපේ බැංකුවේ..හිටින්කො හෙමිට විස්තරේ කියන්න.."

Comments

  1. නියමයි නංගෝ... නිර්මාල්... හෙ හෙ හෙ.. මමත් ආසා මේ වගේ කොල්ලෙක්ට. පව් අනේ බැන්නේ එයාට..

    ReplyDelete
  2. හ්ම්ම්ම්... අනේ මන්දා.. මම ආස චරිතේ නම් ඔයතරම් විහිලු කරන්නේ නැ.. :)
    ඒත් මම නිර්මාල්ටත් ආසයි අක්කි.. ඇත්තටම නිර්මාල්ට බැනුපු එක පව් තමා.. බලමුකෝ ඉස්සරහට මොකක් වෙයිද කියලා..

    ReplyDelete
  3. චුට්ටක් වැඩිද මංදා

    අනු :)

    ReplyDelete
  4. niyamai wede. digatama liyanna. :)

    ReplyDelete
  5. hodata yanawa shash.....lassanai...kuthuhalakuth thiyanawa....mehenmama issarahata liyanna...mama eelaga kotasa enakan maga balageana innawa.....nirmal goda yai wageeeee... <3

    ReplyDelete
  6. @Anu- monawada wedi? :)

    @Anno- thank you.. :)

    @Shayanga aiya- thanx aiya..api balamuko monawa weida kiyala.. hehe... ;)

    ReplyDelete
  7. නිර්මාල්ගේ කොමළ ගතිය :)

    අනු :)

    ReplyDelete
  8. @Anu-hmm..ane manda.. tikak kolama kalata kamak ne.. nadda man kiyanne?

    ReplyDelete
  9. ලස්සනට ගලා යන කතාවක්.. අනිත් කොටසත් ඉක්මනට ලියන්න...

    ReplyDelete
  10. @Dinesh-බොහොම ස්තූතියි.. ඉක්මනටම දාන්නම්.. :) ඒත් ඉතින් සතියක් වත් යයි.. ;)

    ReplyDelete

Post a Comment

Comment Hint

ඔබට comment සදහා Image, color text සහ marquee text ඇතුලත් කල හැක



Images: [im]...........................[/im]

scrolling effect: [ma].....................[/ma]

font size: [si="2"]..............[/si]

font color: [co="red"].........................[/co]

centralize the text: [ce]..................[/ce]

scrolling effect in right side: [ma+]......................[/ma+]

box the comment: [box]....................[/box]

mark the comment: [mark].................[/mark]

background effect: [card="blue"].....................[/card]

image to fit the column(100%): [im#]...........................[/im]

Highlight the words: [hi="yellow"].........................[/hi]

Popular posts from this blog

~සුභ උපන්දිනක් තාත්තා~ Happy Birthday dad~

~සොෆීගේ ලෝකය~ "Sophie's World"

මා නම් සඳකි පොළවට බට..