මන්දාරම් වැහි.. සිව්වන කොටස
"මං ඉතින් ඔයා කියපු හින්දා ගිහින් කතා කලා නිර්මාල් එක්ක.
එයාටත් මාර අප්සෙට් වැඩේට. මේකා කියාපි අයේ ලලිතක්කේ මම ඔය කෙල්ල එක්ක කතා කරනවා තියා මූණ වත් බලන්නේ නැ ඕන්. සත්තමයි කියලා.. හෙහ් හෙහ් හෙහ්..
මං ඒ සැරේ කිව්වා අන්න එයා සොරි කිව්වාය එදා ගෑස් දැම්මට කියලා."
ලලි අක්කා මහ සද්දෙන් හිනා වෙවි කිව්වට මගේ හිතේ මොකක්දෝ නුරුස්සනා කමක් මෝදු වුණා.
"අක්කා ඒක කිව්වද?" මට ඉබේම ඇහුණා.
"ඇයි ඉතින් උඹමනේ කියන්න කිව්වේ" අක්කා ඇස් ලොකු කරගෙන හිනා වී ගෙන මගේ දිහා බැලුවා.
"හ්ම්ම්... ඉතින් එයා මොකද කිව්වෙ?" පුංචි හිනාවක් අක්කගේ කට කොනට නැගුණේ එයාටත් හොරා.
"කිව්වේද? කිව්වා එයා එහෙනම් පෙන්නන තරම් ආඩම්බරකාරියෙක් නෙවෙයි කියලා"
"හ්ම්ම්.."
මොකද උඹ බස්සියෙක් වගේ හ්ම්ම් හ්ම්ම් ගාන්නේ?"
"නැ මුකුත් නැ.. "
අපරාදේ මම එයාට සොරි කිව්වේ. දැන් ඉතින් එයාට දෙවෙනි වුණා වගේනේ. අනික එයාට මාව එච්චර වැදගත් නෑත් එක්කනෙ.. එයාට ඕනේ වුණේ මා ලව්වා ලලිතක්කව ආයේ යාලු කරගන්න. මාව නිකන් ම කෙල්ලෙක් ගානට දාලනේ කතා කරලා තියෙන්නේ. මාත් එක්ක ආයේ කතා කරන්න තියා මූණ බලන්නවත් ඕනේ නැ කියල කියපු කෙනෙක්ට මම මොකට දෙවෙනි වුණාද මන්දා.
"මොනාද බන් අහස පොලෙව ගැටලන්න වගේ කල්පනා කරන්නේ?"
මම මගේ හිතින් මිඳුනා.
"නැ අක්කේ මුකුත් නැ.. "
"ආහ්.. මේ මගේ වැඩ වගයක් තියෙනවා පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ.."
"යන්..මාත් මේ කම්මැලිකමේ නිදාගෙන හිටියෙ.."
"ආහ් මේ අර ලියුම පෙන්නහන්කෝ.. " එකපාරටම ලියුම මතක වෙලා අක්කා කිව්වා.
"ආ...ආහ්..ලියුම..ම්ම්ම්..ලියුම..අනේ මන්ද ඒක කොහෙද දැම්මේ කියලා අක්කේ..මට මතක නැනේ."
මම පැටලි පැටලි බොරුවක් කිව්වා. අනේ මන්දා මම කවදාවත් අක්කට බොරුවක් කියලා නැ. ඉස්කෝලේ යනකාලේ කොල්ලෝ දීපු ලියුම් පවා මම අක්කට කියවන්න දීලා තමයි විසිකරන්නෙ අම්මට අහුවෙනවට. ඒත් ආදර ලියුමකුත් නොවෙන මේ ලියුමට ඇයි විශේෂයක්? මටත් නොදැනිම දිග හුස්මක් පිට වුණා.
______________________________________________________________________
"කෝ තාම උඹ මට ජොබ් එකේ පාටිය දුන්නේ නැ" ලලි අක්කා එදත් කෑම කන වේලේ මතක් කලා.
"අනේ දෙන්නම් මගේ අක්කියෝ... අද හෙටම දෙන්නම්.."
"අනේ උඹේ බොරු පැන්චියේ. දැන් මාසයක් තිස්සේ කියනවනේ දෙන්නම් දෙන්නම්.. අද දෙන්නම්..හෙට දෙන්නම්.. " අක්කා කට ඇද කරගෙන කියොනවා.
මට හිනා එයාගේ පොකැට් කට දැක්කාම.
"ආහ්..තව හිනා වෙන්නත් එනවා. මෙහෙමත් නංගිලා හැබැට.." අක්කත් හිනා වෙවි බත් කටක් කටට ගත්තා.
මම දැන් මාසයක් බැංකුවේ වැඩට ඇවිත්. වැඩ ඇත්තටම අමාරු නැ. මාත් එක්කම තව ගැනු ළමයෙකුත් අලුතින් අරන් තිබුණා. අපි දෙන්නම එක වයසේ නිසාත් එකම සෙක්ෂන් එකේ නිසාත් වැඩ කරන්න ගොඩක් ලෙසියි. එයා අමාලි. ලස්සන හුරුබුහුටි ගෑනු ළමයෙක්. ඒත් ටිකක් විතර කටකාරකමකුත් එයාගේ තිබුණා. සමහර විට මට එහෙම පෙන්නේ මම වැඩිය කතා නොකරන හින්දා වෙන්නැති. හැමදේම හොඳින් සිද්ධ වුණත් වද දෙන මොකක්දෝ දෙයක් හිතේ කොනට හැංගිලා තිබුණා. වෙනදට ලලි අක්කට හැමදේම කියන මම දැන් එයාටත් මගේ හිත හංගන්න පුරුදු වෙලා.
"මොකෝ උඹ කෑම එක දිහා බලාගෙන භාවනා කරනවැයි? කන්නේ නැතුව?" අක්කාගේ කටහඬට මම කල්පනාවෙන් මිඳුණා.
"මොනාද බන් ඔච්චර හිතන්නෙ? දැන් ඔයා ඉස්සර හිටිය පැන්චි නෙවෙයි. හිතේ මොකක්දෝ තියාගෙන කල්පනා කර කර ඉන්නවා. ඉස්සර මගේ පැන්චිට හිතේ කිසි දෙයක් තියාගෙන ඉන්න බැ මට නොකියා. දැන් එහෙම නෙවෙයි" අක්කා දොස් කියන විදිහට නොවුණත් එහෙම කියද්දි එයා දුකින් කතා කරනවා කියන එක මට හොඳටම දැණුනා.
"අනේ නෑ අක්කේ..එහෙම මුකුත් නැ, එහෙම දෙයක් තියෙයි නම් මම ඔයාට නොකියා ඉන්නේ නැනේ.."
"නැ පැන්චියේ ඔයා දැන් එහෙම මට කියන්නනෙ නැ. ඒත් කමක් නැ. ඔයා හොඳින් ඉන්නවනන්.." අක්කා අත හෝදන්න යන්න නැගිට්ටා.
"අක්කා කාලා ඉවරයි?"
"ඔව්..මට ඇති.."
"මටත් ඇති" මම කෑම කෝලේ ගුළි කරන ගමන් නැගිට්ටා.
_______________________________________________________________________
අපොයි අද නම් හොඳටම පරක්කුයි. බස් එකත් ගිහින් ඇති. මම මටම බැන බැන පාරට දිව්වා. ඔන්න ලලි අක්කා අසනීප වෙච්ච එකේ පාඩුව. එයා යන දවසක් නම් එයා නැගිට්ට ගමන් මට රින්ග් කරනවනේ. හවස එනගමන් එයාට මොනවා හරි අරගෙන ඉන්න ඕනේ..ආහ්..එයා බූන්දි කන්න ආසයි නේ..එනගමන් හන්දියේ කඩේන් බූන්දි ටිකක් අරගෙන එනවා. හෝල්ට් එකේ කවුරුත් නැ. බස් එක ගිහින් තමා. ඊළඟ එක එනකම් හිටියොත් නම් අද 9.30 පහුවෙලා තමා යන්න වෙන්නෙ. මම පාර මැද්දේ ඉඳගෙන හිත හිත ඉන්න බව තේරුණේ පිටිපස්සෙන් බ්‍රේක් සද්දයක් ඇහුණාම.
"පාර මැද්දේ සමුළුවක්ද?"
පුරුදු කටහඬක් පිටිපස්සේ. බයිසිකලයක්. ආහ් ඒක එළවන මනුස්සයකුත් ඉන්නවා. හෙල්මට් එකට මුලු මූණම වැහිලා. කට හඬ පුරුදු වුණාට අඳුරගන්න බැ වගේ. මම ටිකක් වෙලා කල්පනා කලා. කවුද මේ?.
"බස් එක ගියානේ. කෝ ලලිතක්කා නැද්ද අද?" කෝටුකිතයියා.
මට ඇඟ පුරා විදුළියක් කෙටුවා වගේ. වෙනදා මූණටම හම්බු වුණාම මග ඇරලා යන මිනිහා අද මොකද මේ. "ලලි අක්කට සනීප නැ. එයා අද නැ. මට අද පරක්කු වුණා." මම පාරෙන් පැත්තකට වුණා.
"ආහ්.." බයිසිකලේ එල්ලලා තිබුණ අනිත් හෙල්මට් එක මට දික් කලා.
"නැ මම බස් එකේ එන්නම.."
"ආහ් එහෙනම් කමක් නැ.." ආයේ බයිසිකලේ ස්ටර්ට් කරගෙන හෙල්මට් එක දාගත්තා.
"අයියෝ.. " මගේ හිත කෑගහපු සද්දේ ඇහුනද දන්නේ නෑ
"ඔයා මොනා හරි කිව්වද?" "න්න්..නෑ.. "
"ම්ම්ම්.. වැස්සකුත් ලඟයි වගේ..",
මම අහස දිහා බැලුවා. එහෙම ගතියක් නම් නැ. ඒත් කවුද දන්නේ.. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැස්සකුත් වැටෙයිද දන්නේ නැ.
"වහීද?" මම අහස දිහා බලාගෙනම ඇහුව්වා.
"එහේ නෙමෙයි කළු වෙලා තියෙන්නේ මෙහෙ" මගේ මූණට අත් දික් කරගෙන කිව්වා.
"ඇහ්?"
"හිහ්ක්ස්.. අහංකාරකම් පැත්තකින් තියලා නැග්ගොත් අපි දෙන්නාටම වෙලාවට යා ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් දෙන්නම මඟ තමා" හිනා වෙලා කියන ගමන් ආයේ හෙල්මට් එක දික් කලා. මගේත් කට කොනට ලාවට හිනාවක් ආවත් මම ඒක ඉක්මනට හංග ගෙන හෙල්මට් එකත් අරගෙන බයිසිකලේට ගොඩ වුණා.
බයිසිකලේ ඉගිල්ලෙනවා වගේ. මම එක අතකින් පිටිපස්සේ තියෙන හැඩල් එක අල්ලගෙන අනිත් අතින් මගේ බෑග් එක ඇඟට තද කරගෙන ඇස් දෙක තද කරලා පියාගත්තා. බයිසිකලේ හෙමින් යන්න වගේ ගත්ත නිසා මම හෙමිට ඇස් ඇරියා. ඉස්සෙල්ලා කඟවේනා වගේ දුවපු මිනිහා දන් මෙන්න හෙමින් යනවා.
"ඇයි මොකක් හරි අවුලක්වත් ද?" මටත් කට තියාගෙන ඉන්න බැනේ..
"නෑ සමහරුන් ඉතින් ඇස් වහගෙන යනකොට බලන් ඉන්න මිනිස්සු හිතයි මම බලෙන් උස්සගෙන යනවා කියලා.... ඇත්තටම කට තිබුණට හරිම බයයි නේ" ඔළුව ටිකක් පස්සට හරවලා කිව්වා. මට එයාට ලංවෙන්න වෙනවා කියදේ අහගන්න.. අනේ මන්දා.. කවුරු හරි දකීද දන්නැ. හිත හරි හරියට කතාව.
එයා ඉන්නේ කොහෙද? අපේ පැත්තේමද..? එහෙනම් ඇයි මම කලින් දැක්කේ නැත්තේ? ඒත් ඉතින් බයිසිකලේ හෙල්මට් එක දාලා දැක්කත් මම අඳුරන එක්කයැ. ඒත් ඉතින් ලලි අක්කවත් මට කවදාවත් කියලා නැනේ එයා අපේ පැත්තේ කියලා. හැබැයි ඉතින් එදා වුණ දෙයින් පස්සේ අක්කා එයා ගැන වචනයක් වත් කියන්නේ නැනේ.අහන්නත් හිතෙනවා. ඒත් ඕනේ නැ. මට මොකටද..
"මොනාද ඔච්චර හිතන්නේ? මම කොහෙ ගෙනියයිද කියලද?"
"න්න්.. නෑ.. මම මුකුත් හිතන්නේ නැ.."
"හ්ම්ම්...එහෙනම් ඒ හැටි වෙන්නැති නේ.. හැමවේලේම කල්පනාවෙන වගේ ඉන්නේ?... "
ආයෙත් නෝන්ඩි කතාවක්..මේ කට වහන්න තියෙනවා නම්.. ඒත් ඉතින් දැන් මාසයක් තිස්සේ ඔය කට වහගෙන නේ හිටියේ. ඔන්න ඔහේ කියෝපුවාවේ..
"හ්ම්ම්.. ඔන්න මැඩම්ව ඔෆිස් එක ගාවටම දැම්මා.." බංකුව ඉස්සරහ බයිසිකලේ නවතන ගමන් කිව්වා.
"ඉතින් ඔයා කොහෙද යන්නේ?" එයා බහින්න සූදානමක් නැති බව පෙනුන නිසා ඉබේටම ඇහුණා.
"ඩ්‍රයිවර් ඉතින් මැඩම් BMW එක පාර්ක් එකට දාලා එපැයැ එන්න. මැඩම් යන්න.."
"හෙහ් හෙහ්.. තැන්කූ..."
"අම්මෝ නිර්මාල් අද නම් උඹට මොනවා වෙයිද දන්නැ.. මෙන්න මෙයා අද හිනා වෙනවා..හරි හරි..මම ගියා.." හිනා වෙවි බයිසිකලෙත් ස්ටාර්ට් කරගෙන හෝන් එකකුත් ගහල එයා යන්න ගියා.
මම එයා එනකම් ඉන්නවද? එකටනේ ආවේ.. හිත කියනවා. උඹට මේ මොකද වෙලා තියෙන්නෙ පැතුම්කා? පිස්සු හෑදීගෙන එනවද? මෙච්චර දවස් මූණ වත් නොබලපු මිනිහා එනකම් එළියට වෙලා ඉන්න? මොළේ කතා කළා. එකසැරයයි මට කියන්න ඕනේ වුණේ මම ඉක්මනට ඇතුළට ගියා.
ela ela nangiii ohoma yamu.....nirmalaya wade goda daganiy wageeeeee <3
ReplyDeleteහා හා... අපි බලමුකෝ වෙන්න යන දේ.. හෙ හෙ..
ReplyDeleteලස්සනයි නංගියෝ..
නිර්මාල් උන්නැහැට තව අමුතුවෙන් දා ගන්ට දෙයක් ඉතිරි වෙලා නෑ වගේ....... :)
ReplyDeleteෆට්ටයි ෆට්ටයි රෙඩ්... :)
අනූ :)
@Shayanga aiya- thank you.. ane manda.. issarahata balamuko.. mona weida danne ne..
ReplyDelete@Prarthana akki- thank you.. ;)
@Anu- hehe.. balamu..balamu.. thawa kotasak ikmanatama dannam..
ලස්සනට ගලාගෙන යන කතාවක්.. ඉතුරු ටිකත් ඉක්මනට දාන්නකෝ..
ReplyDeleteලොවෙත් නෑ... එකත් හරි වගේ එහෙනම්... ඉක්මනට ලියන්න පුළුවන් නම් හොදයි වගේ කියලත් හිතෙනවා.....
ReplyDeleteකියවන්න එන්න පමා උනා.
ReplyDeleteකතාව ලස්සනයි නංගි. ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.
අකුරු සයිස් එකත් ටිකක් ලොකු කරන්න. අපි ඉතින් වයසක උන්දැලානේ.
Dinesh- thank you.. ow ikmanatama danna try karanawa.. eth university eke wedath ekka tikak amarui welawak hoyaganna..
ReplyDelete@Marlon- ane ikmanatama liyanna try karannam.. :)
ReplyDeleteMadhuranga aiya- pama unata kamak ne aiya.. awith kiyawana eka thama watinne.. akuru loku karannam..
ReplyDelete:)